කවිඳු, නිමේෂ් ධර්මාශෝකයට ප්‍රථම දිනයේ වැඩි ගෞරවය දිනා දෙයි

695

අම්බලන්ගොඩ පුරවරයේ  සුප්‍රසිද්ධ පාසල් ද්විත්වයක් වන ධර්මාශෝක විද්‍යාලය හා ශ්‍රී දේවානන්ද විද්‍යාලය අතර 51 වැනි වරටත් පැවැත්වෙන සුනිල සංග්‍රාම මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය (01) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේ දී ක්‍රියාත්මක විය. අද දිනය පුරාවටම අර්ධ ශතක තුනක් වාර්තා වීම කැපීපෙණුනි.

අම්බලන්ගොඩ සුනිල සොහොයුරෝ මොරටුවේ දී යුද වදිති

තම නිජබිමේ දී දක්ෂතා මුදා හැරීමේ අවස්ථාව අහිමි වූ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය

වේගපන්දු යවන්නන් හට උචිත ලෙස ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේ තණතීරුව සකස් වී තිබූ අතර කාසියේ වාසිය ජයග්‍රහණය කළ ධර්මාශෝක නායක නිමේෂ් මෙන්ඩිස් ප්‍රතිවාදීන්ට පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන්නේ කිසිදු පැකිළීමකින් තොරවයි.

දේවානන්ද විද්‍යාලයේ ආරම්භක පිතිකරුවන් යුගලය වන සමිත් මදුශාන් හා සසිඳු ද සිල්වා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක හොඳ සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වූයේ නිමේෂ්ගේ තීරණය අභියෝගයට ලක් කරමිනි. 4 පහර 4ක් සමඟ ලකුණු 17ක් ලබාගෙන සිටි සමිත් මදුශාන්, දිනුක ඩිල්ශාන් එවූ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදකට හසුව දැවී ගියේය.

එතෙක් වේලාවක් අනෙක් අන්තය රැකගනිමින් පන්දුවට පහර දුන් සසිඳු ද සිල්වා ද ශ්‍රී දේවානන්ද විද්‍යාල ලකුණු සටහන ලකුණු 47ක් ලෙස දැක්වෙද්දී දෙවන කඩුල්ල ලෙසින් පිටිය හැරදා ගියේය.

තෙවන කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ නිමේෂ් ද සිල්වා හා උපනායක සොහාන් ද ලිවේරා ලකුණු 84ක අගනා සබඳතාවයක් ගොඩනැංවූහ. එම සබඳතාවය ගොඩනැංවීමේ දී පෙරමුණ ගත් සොහාන් පන්දු 96ක් තුළ ලකුණු 56ක් රැස්කර ගත්තේ මනරම් 4 පහර 8ක් සිය ගිණුමට අන්තර්ගත කරමිනි. ශ්‍රී දේවානන්ද ලකුණු පුවරුව ලකුණු 131ක් ලෙස සටහන්ව තිබිය දී ඔවුන්ගේ කඩුලු දෙකක් බිඳ වැටුණු අතර එතැන් සිට තරගයේ වැඩි වාසිය ධර්මාශෝක විද්‍යාලය දෙසට හරවා ගැනීමට ධර්මාශෝක ක්‍රීඩකයින් සමත් විය.

රන් සිංහ සටන ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී චමිඳුගෙන් වාර්තාවක්

මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර 7 වැනි වරටත් පැවති රන්

අකිල මෙන්ඩිස් ප්‍රමුඛ ධර්මාශෝක විද්‍යාලය ශ්‍රී දේවානන්ද විද්‍යාල මුල්පෙළ පිතිකරුවන් ලබාගත් සාර්ථක අඩිතාලම සුනුවිසුනු කළේ මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන් ඉක්මනින්ම දවා ගනිමිනි. එහි දී ශ්‍රී දේවානන්ද පිතිකරුවන් සිව්දෙනෙකු එකදු ලකුණක් හෝ ලබා ගැනීමට ප්‍රථම දවා ගැනීමට ධර්මාශෝක ක්‍රීඩකයින් සමත් විය. අවසානයේ ශ්‍රී දේවානන්ද පළමු ඉනිම  ලකුණු 167කට සීමා විය.

පන්දු යැවීමේ දී පන්දුවාර 9ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 23ක් තුළ කඩුලු 3ක් දවා ගැනීමට වමතින් දඟපන්දු යවන අකිල මෙන්ඩිස් සමත් විය. මීට අමතරව දිනුක ඩිල්ශාන්, නවීන් රසාංග හා ලොහාන් ද සිල්වා අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

ශ්‍රී දේවානන්ද විද්‍යාලය සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 167ට පිළිතුරු ලෙස ලකුණු රැස්කර ගැනීමට පිටියට අවතීර්ණ වූ ධර්මාශෝකයේ ආරම්භක පිතිකරුවන් යුගලය වන කවිඳු නදීශාන් හා උශාන් ඉමන්ත පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූයේ සිය විද්‍යාල ලකුණු පුවරුවට සවිමත් අඩිතාලමක් සකසාලමිනි.

මේ මහා සංග්‍රාම නිමා වුනේ මෙහෙමයි; කියවන්න

ධර්මාශෝක විද්‍යාල ඉනිමේ පළමු කඩුල්ල ලෙස උශාන් 4 පහර 7ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 41ක් ලබාගෙන සිටිය දී දැවී ගියේ දසුන් එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙනි. ධර්මාශෝක විද්‍යාලය තරගයේ පළමු දිනයේ දී ම පළමු ඉනිමේ ජය තහවුරු කර ගත් අතර එහි දී නායකත්වයේ පිතිකරණයක නිරත වූ නිමේෂ් මෙන්ඩිස් වේගවත් පිතිකරණයක නිරත වෙමින් නොදැවී ලකුණු 50*ක් ලබා ගත්තේ දැවැන්ත 6 පහර 3ක්  හා මනරම් 4 පහර කිහිපයක් සමඟිනි.

ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් දසුන් ද සිල්වා ලකුණු 39ක් තුළ කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. තරගයේ පළමු දිනය අවසන් වන විට ශ්‍රී දේවානන්ද විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 15ක් පෙරමුණේ සිටින ධර්මාශෝක විද්‍යාලය තරගයේ වැඩි වාසිය දිනාගෙන ඇත.

ශ්‍රී දේවානන්ද විද්‍යාලය පළමු ඉනිම – 167 (44.2): සොහාන් ද ලිවේරා 56, නිමේෂ් ද සිල්වා 42, සසිඳු ද සිල්වා 19, අකිල මෙන්ඩිස් 3/23, ලොහාන් ද සිල්වා 2/00, නවීන් රසාංග 2/26, දිනුක ඩිල්ශාන් 2/41.

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) –  182/4 (42): කවිඳු නදීශාන් 57, නිමේෂ් මෙන්ඩිස් 50*, උශාන් ඉමන්ත 41, දසුන් ද සිල්වා 3/39.

මෙම තරගයේ දෙවන හා අවසන් දිනය හෙට (2) ක්‍රියාත්මක වන අතර තරගය ThePapare.com වෙබ් අඩවිය, ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 1 හා MyTV ඔස්සේ ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<