මීගමුව, මධ්‍යම පළාත් දරු දැරියන් කොළඹ හොල්ලයි

673

85 වැනි ජ්‍යෙෂ්ඨ ජෝන් ටාබට් ක්‍රීඩා උළෙලට වර්ණවත් අවසානයක් ගෙන එමින් තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය දිනා ගැනීමට මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයත්,  කාන්තා ශූරතාවය දිනා ගැනීමට වලල ඒ. රත්නායක විද්‍යාලයත් සමත් විය. ‘කොළඹින් බාහිර අංශයේ’ බාලිකා ශූරතාවය රත්නපුර සුමන බාලිකා විද්‍යාලය විසින් දිනා ගත් අතර එහි පිරිමි ශූරතාවය හිමිකරගන්නට වලල ඒ. රත්නායක විද්‍යාලයීය පිරිමි ක්‍රීඩකයන් සමත් විය.

අබලන් වූ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සමස්ත සිසු සිසුවියන් දැක්වූ දක්ෂතා සැබවින්ම ප්‍රශංසනීය වූ නමුත් ඒ අබලන්භාවය නිසාම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ආබාධ තත්වයන්ට ලක්වීම දිනයේ තවත් මාතෘකාවක් විය. කෙසේ වෙතත් තරගාවලිය නිමාවන විට එක් එක් විද්‍යාල විසින් දැක්වූ දස්කම් වෙත මෙසේ  අවධානය යොමුකරමු.

16න් පහළ කාන්තා අංශය
ශූරතාවය – වලල ඒ. රත්නායක විද්‍යාලය
අනුශූරතාවය – ගේට්වේ ජාත්‍යන්තර පාසල රාජගිරිය
තෙවන ස්ථානය – සිරිකුරුස විද්‍යාලය ගම්පහ

16න් පහළ පිරිමි අංශය
ශූරතාවය – සාන්ත මරියා විද්‍යාලය හලාවත
අනුශූරතාවය – බෙර්වෝට්ස් විද්‍යාලය අම්පිටිය
තෙවන ස්ථානය – සාන්ත පීතර විද්‍යාලය

18න් පහළ කාන්තා අංශය
ශූරතාවය – වලල ඒ. රත්නායක විද්‍යාලය
අනුශූරතාවය – ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල
තෙවන ස්ථානය – ආවේ මරියා කන්‍යාරාමය මීගමුව

18න් පහළ පිරිමි අංශය
ශූරතාවය – වලල ඒ. රත්නායක විද්‍යාලය
අනුශූරතාවය – සාන්ත බෙනඩික් විද්‍යාලය කොටහේන
තෙවන ස්ථානය – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය මීගමුව

TP-111120න් පහළ කාන්තා අංශය
ශූරතාවය – වලල ඒ. රත්නායක විද්‍යාලය
අනුශූරතාවය – සුමන බාලිකා විද්‍යාලය
තෙවන ස්ථානය – ආවේ මරියා කන්‍යාරාමය මීගමුව

TP-222220න් පහළ පිරිමි අංශය
ශූරතාවය – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය මීගමුව
අනුශූරතාවය – සාන්ත බෙනඩික් විද්‍යාලය කොටහේන
තෙවන ස්ථානය – වලල ඒ. රත්නායක විද්‍යාලය

මෙම ප්‍රතිඵල වලට අමතරව වාර්තා වූ විශේෂ ප්‍රතිඵලය වන්නේ අපහසු වටපිටාවක් මධ්‍යයේ වුවද තරගාවලි වාර්තා කිහිපයක් බිඳ වැටීමයි. එක් වාර්තාවක් පමණක් සම වූයේ මී. 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වේදීයි.

පිරිමි අංශයෙන් බිඳවැටුණු තරගාවලි වාර්තා

පිරිමි 16න් පහළ
කවපෙත්ත විසිකිරීම – අකලංක විජේසූරිය, මී – 52.48 (සාන්ත පීතර විද්‍යාලය)

පිරිමි 18න් පහළ
මීටර 800 – එස්. කරුණාරත්න, වි: 1 තත්: 54 : 33 (වලල ඒ. රත්නායක විද්‍යාලය)
මීටර 110 කඩුලු මතින් දිවීම – ශෙශාන් කාරියවසම්, තත්: 14.06 (සාන්ත ජෝසප් විද්‍යාලය මරදාන)
යගුලිය විසිකිරීම – මනේෂ් මලින්ත, මී. 16.42 (සාන්ත රීටා විද්‍යාලය තල්දෙක)
කවපෙත්ත විසිකිරීම – මනේෂ් මලින්ත, මී. 47.2 (සාන්ත රීටා විද්‍යාලය තල්දෙක)
හෙල්ල විසිකිරීම – සනිත් අංජන, මී. 65.29 (ජෝසප් වාස් විද්‍යාලය වෙන්නප්පුව)

පිරිමි 20න් පහළ
මීටර 100 – සී. රණවීර, තත්: 10.67 (සාන්ත සිල්වෙස්තර විද්‍යාලය මහනුවර)
කවපෙත්ත විසිකිරීම – කේෂාන් පතිරණ, මී. 43.12 (රත්නාලෝක මහා විද්‍යාලය රක්වාන)

කාන්තා අංශයෙන් බිඳවැටුණු තරගාවලි වාර්තා

කාන්තා 16න් පහළ
මීටර 100 – සදීපා හෙන්ඩර්සන්, තත්: 12.56 (ගේට්වේ ජාත්‍යන්තර පාසල)
මීටර 200 – සදීපා හෙන්ඩර්සන්, තත්: 25.65 (ගේට්වේ ජාත්‍යන්තර පාසල)
මීටර 800 – ශානිකා ලක්ෂානි, වි: 2 තත්: 17.93 (සිරිකුරුස විද්‍යාලය ගම්පහ)

කාන්තා 18න් පහළ
මීටර 100 – ෂෙලින්ඩා ජැන්සන්, තත්: 12.43 (ගේට්වේ ජාත්‍යන්තර පාසල)
මීටර 2000 ස්ටේපල් චේස් – මැණිකේ කනගරත්න, වි: 7 තත්: 16.40 (වලල ඒ. රත්නායක විද්‍යාලය)
මීටර 400 කඩුලු මතින් දිවීම – යමනි දුලාංජලී, වි: 1 තත්: 1.81 (අඹගමුව මහා විද්‍යාලය)

වාර්තා සමකිරීම්

මීටර 110 කඩුලු මතින් දිවීම – සෙනුරි අනුත්තරා, තත්: 15.43 (ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය)

දින තුනක් පුරාවට පැවති තරගාවලිය නිමාවූයේ මෙලෙසයි. මෙහි දී නිතර අසන්නට ලැබුණු මැසිවිල්ල නම් ක්‍රීඩාංගණයේ තත්වය පිළිබඳ වූ ගැටලුවයි. එසේ තිබියදීත් මෙතරම් දස්කම් පෑ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ThePapare.com වෙතින් අවංක සුබ පැතුම්!

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට