ගෙවුනු දවස අගෝස්තු 09 – මලියදේව විද්‍යාලයට ජය

269
Sr Lanka Sports News last day summary august 09

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් ඉදිරිපත් කරන්නෙමු. සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

  ක්‍රිකට්  

ශාන්ත ජෝසප් විදුහලට පරාජය

සිංගර් ක්‍රිකට් වයස අවුරුදු 17න් පහල පාසල් පලමු කාණ්ඩ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් ඊයේ මලියදේව පාසල් ක්‍රීඩාංගණයේදි පැවැත්විය.

තරගය මලියදේව විදුහල සහ ශාන්ත ජෝසප් විදුහල අතර පැවත් විය. ඔවර 50 තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනු ලැබූවේ ශාන්ත ජෝසප් විදුහල විසිනි. කෙසේනමුත් ඔවුන්ට පන්දුවාර 49.2 රැස් කරගත හැකි වූයේ ලකුණු 260කි.

ඉන්පසුව පිටියට පිවිසි මලියදේව ක්‍රීඩකයින් පන්දුවාර 48.3 කදි කඩුළු 8ක් දැවී ලකුණු 262ක් වාර්තා කරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ලකුණු සටහන

ශාන්ත ජෝසප් විදුහල – 260 (49.2): රවීන් කෙලි 86, කැමරන් දුරුගේ 34, සහන් රණතුංග 3/41.

මලියදේව විදුහල – 262 (48.3): දුලාජ් රණතුංග 70, ජනිත් දේශාන් 51, සුපුන් සුමනරත්න 29, නිපුන් සුමනසංහ 2/48


  රියෝ ඔලිම්පික් 2016  

පිහිනුම් බලාපොරොත්තුවත් ගිලිහී යයි

පිරිමි මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ මුලික වටයේ තරග ඊයේ ආරම්භ වූයේ පස්වරු 9.30 ට පමණයි.

මැතිව් අබේසිංහ මුලික වටයේ දෙවන තරගයට එහිදි එක්වු අතර එහිදී ඔහු තුන්වන ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ තත්පර 50.96 කින් තරගය අවසන් කරමිනි. කෙසේ වෙතත්, සමස්ත කාල ගණනය අනුව ඉදිරි වටයට පිවිසීමේ අවස්ථාව ඔහුට  අහිමි වන අතර සමස්ත කාල ගණනය අනුව මැතිව් අබේසිංහට තරගකරුවන් 59 දෙනෙක් අතරින් හිමි වූයේ 50 වන ස්ථානය යි.

සම්පූර්ණ ලිපිය: මැතිව්ගේ ගමනත් නවති

දවසේ නිමාව