පළමු දිනයේ ජයග්‍රහණ පාසල් කිහිපයක් අතර බෙදී යයි

421

යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ප්‍රදර්ශනය වන ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අද (04) ඇරඹුණේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේදී යි. එහිදී කිසිදු පාසලකට පැහැදිලි ඉදිරියක් ලබා නොදී, දිනය අවසන් වූයේ හොඳ තරගාවලියක පෙරනිමිති පහල කරමින්.

අවසන් තරග කිහිපයක්ද සමඟින් තේරීම් රැසක්ද අද දිනය තුළ දී දැක ගත හැකි විය. සුපුරුදු පරිදි මාරිස් ස්ටෙල්ලා සහ ජාත්‍යන්තර පාසල් කිහිපයක් තරගකාරීව ක්‍රීඩාවේ යෙදෙනු දැක ගත හැකි වූ අතර දිනය නිමා වන විට වාර්තා වූ තරග ජයග්‍රහණ පහත පරිදි විය.

18න් පහළ බාලිකා යගුලිය විසිකිරීම

පළමු ස්ථානය – ශහිනි පීටසන් (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)

දෙවන ස්ථානය – රශ්මි හීන්කෙන්ද (ලයිසියම් වත්තල)

තෙවන ස්ථානය – වාසනා කුමාරි (හංවැල්ල රාජසිංහ ම.ම.වි)

20න් පහළ බාලක උස පැනීම

පළමු ස්ථානය – උෂාන් තිවංක (මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය)

දෙවන ස්ථානය – වී. රත්නායක (ඩඩ්ලි සේනානායක විදුහල තෝලංගමුව)

තෙවන ස්ථානය – රුවන් සේනාධීර (ගොඩකවෙල රාහුල විද්‍යාලය)

16න් පහළ බාලක තුන් පිම්ම

පළමු ස්ථානය – රොෂේන් දුල්මින් (ශාන්ත මරියා විදුහල හලාවත)

දෙවන ස්ථානය – අයේෂ්මන්ත ද සිල්වා (මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය)

තෙවන ස්ථානය – යෝසුව සෙරෝන් (බලපිටිය සිද්ධාර්ථ ම.ම.වි)

16න් පහළ බාලිකා හෙල්ල විසිකිරීම

පළමු ස්ථානය – හසන්ති දිසානායක (වලල ඒ. රත්නායක විද්‍යාලය)

දෙවන ස්ථානය – කේ. හපුආරච්චි (සුමන බාලිකා විදුහල රත්නපුර)

තෙවන ස්ථානය – හංසිකා කුමාරි (යහපත් එඬේරාගේ කන්‍යාරාමය කොටහේන)

20න් පහළ බාලිකා මී. 100 ඉසව්ව

පළමු ස්ථානය – ආර්.ගුණතිලක (සුමන බාලිකා විදුහල රත්නපුර)

දෙවන ස්ථානය – ගයානි පරණමානගේ (ශාන්ත මරියා විදුහල මාතර)

තෙවන ස්ථානය – මහේෂි ගුණසේන (ලයිසියම් වත්තල)

20න් පහළ බාලිකා කවපෙත්ත විසිකිරීම

පළමු ස්ථානය – බී. ආසිරි (සුමන බාලිකා විදුහල රත්නපුර)

දෙවන ස්ථානය – එස්. මධුශානි (සුමන බාලිකා විදුහල රත්නපුර)

තෙවන ස්ථානය – සී. මධුවන්ති (සුමන බාලිකා විදුහල රත්නපුර)

20න් පහළ බාලිකා උස පැනීම

 පළමු ස්ථානය – පූර්ණිමා ගුණරත්න (ලීඩ්ස් ජාත්‍යන්තර පාසල පානදුර)

දෙවන ස්ථානය – රන්දි කුරේ (ගේට්වේ ජාත්‍යන්තර පාසල)

තෙවන ස්ථානය – නිම්මි සෞම්‍යා (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය වෙන්නප්පුව)

තෙවන ස්ථානය – ෂෙනාලි වීරප්පෙරුම (සාන්ත ලෝරන්ස් විදුහල වැල්ලවත්ත)

18න් පහළ බාලක දුර පැනීම

පළමු ස්ථානය – සසිඳු නුවින්ද (සිරිපියරතන විදුහල පාදුක්ක)

දෙවන ස්ථානය – ප්‍රමෝද් මධුභාෂ් (මාරිස් ස්ටෙල්ලා විදුහල)

තෙවන ස්ථානය –  ආර්. දිසානායක (ශාන්ත මරියා විදුහල කෑගල්ල)

20න් පහළ බාලක දුර පැනීම

පළමු ස්ථානය – ඉශාන් දිමුත් (ගාල්ල රිච්මන්ඩ් විදුහල)

දෙවන ස්ථානය – එච්. ජයතිස්ස (ශාන්ත බෙනඩික් විදුහල කොටහේන)

තෙවන ස්ථානය – ඉරුෂ මලින්ද (ගාල්ල රිච්මන්ඩ් විදුහල)

16න් පහළ බාලක යගුලිය විසිකිරීම

පළමු ස්ථානය – අකලංක විජේසූරිය (ශාන්ත පීතර විදුහල)

දෙවන ස්ථානය – සුපුන් මදුසර (වැලිපැන්න සිංහල විද්‍යාලය)

තෙවන ස්ථානය – සංදේශ් බොනිෆස් (ඕ. කේ. අයි. ජාත්‍යන්තර පාසල වත්තල)

18න් පහළ බාලිකා උස පැනීම

පළමු ස්ථානය – ශානිකා පෙරේරා (හොරණ තක්ෂිලා විදුහල)

දෙවන ස්ථානය – නිර්මානි රාජපක්ෂ (ආවේ මරියා විදුහල)

තෙවන ස්ථානය -කෝෂිලා අමරසිංහ (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)

18න් පහළ බාලක හෙල්ල විසිකිරීම

පළමු ස්ථානය – සනිත් අංජන (ජෝසප් වාස් විදුහල වෙන්නප්පුව)

දෙවන ස්ථානය – චාරුක රුක්ෂාන් (ශාන්ත මරියා විදුහල හලාවත)

තෙවන ස්ථානය – ඩී. රණසිංහ (බණ්ඩාරනායක විදුහල ගම්පහ)

20න් පහළ බාලක කවපෙත්ත විසිකිරීම

පළමු ස්ථානය – කේ. පතිරණ (ඇඹිලිපිටිය රත්නාලෝක විදුහල)

දෙවන ස්ථානය – එස්. පිරගස්රාජ් (හාට්ලි විද්‍යාලය පේදුරුතුඩුව)

තෙවන ස්ථානය – භරණ හපුතන්ත්‍රී (ආසියානු ජාත්‍යන්තර පාසල)

18න් පහළ බාලක රිටිපැනීම

පළමු ස්ථානය – ඒ. පුවිතරන් (චාවකච්චේරි දෙමළ විද්‍යාලය)

දෙවන ස්ථානය – එන්. භානුජන් (චාවකච්චේරි දෙමළ විද්‍යාලය)

තෙවන ස්ථානය –  සී. රාජපක්ෂ (වලල ඒ. රත්නායක විදුහල)

20න් පහළ බාලිකා කි.ග්‍රෑ. 4 යගුලිය විසිකිරීම

පළමු ස්ථානය – ගයනා ද සිල්වා (ආවේ මරියා විද්‍යාලය)

දෙවන ස්ථානය – කේශානි තෙන්නකෝන් (රන්පත්විල මහා විද්‍යාලය)

තෙවන ස්ථානය – කේ.සේනාරත්න (විජයබා විද්‍යාලය මාහෝ)

20න් පහළ බාලිකා තුන් පිම්ම

පළමු ස්ථානය – හෂිනි ප්‍රබෝධා (වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)

දෙවන ස්ථානය – ආර්. ගුණතිලක (සුමන බාලිකා විදුහල රත්නපුර)

තෙවන ස්ථානය – දුල්මිණි කාවින්ද්‍යා (හංවැල්ල රාජසිංහ ම.ම.වි)

16න් පහළ බාලක දුර පැනීම

පළමු ස්ථානය – මෙන්ඩිස් අබේසේකර (ශ්‍රී  සිද්ධාර්ථ විදුහල බලපිටිය)

දෙවන ස්ථානය – දෙවිඳු ප්‍රදීප් (ඩී. එස්. සේනානායක විදුහල) 

තෙවන ස්ථානය – පසිඳු සිහින (කඳාන ද මැසනඩ් විදුහල)

20න් පහළ බාලක මී. 5000 ඉසව්ව 

පළමු ස්ථානය – එරන්ද මධුශංක (ජනාධිපති විද්‍යාලය)

දෙවන ස්ථානය – ඩී. අල්විස් (කටුගස්තොට රාහුල විද්‍යාලය)

තෙවන ස්ථානය – ලසිත  සඳරුවන් (ඇඹිලිපිටිය රත්නාලෝක මහා විදුහල)    

අද දිනය තුළ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනෙකු සමස්ත ලංකා වර්ණලාභීන් බවට පත්වූ අතර තරගාවලියේ දෙවන දිනය හෙට (05) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ. සියලු තරග ප්‍රතිඵල ThePapare.com ඔස්සේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<