ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සුපිරි පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලිය අප්‍රේල් මස 9වන දා ආරම්භ වීමට නියමිත අතර, මේ සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් හි ක්‍රීඩක සංචිතය අද (7) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නිවේදනය කරන ලදි.

ශ්‍රී ලංකාවේ දියාරු පිතිකරණය බංගලාදේශයට ජය ගෙනෙයි

මසකටත් අධික කාලයක් පුරාවට ඇදී ගිය බංගලාදේශ සංචාරය අද (06) ජයග්‍රාහකයෙකු නොමැතිවම නිමාව දුටුවේ දෙරට අතර ක්‍රියාත්මක වුනු දෙවැනි…

මෙවන් තරඟාවලියක් පැවැත්වීමේ මූලික අරමුණ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කරනු ලබන ශූරයින්ගේ කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීමයි. මෙම තරඟාවලියේදී ගාල්ල, කොළඹ, මහනුවර හා දඹුල්ල යන නාමයන් සහිත කණ්ඩායම් 4ක් තරඟ වදින අතර, මෙම තරගාවලියේ ලකුණු පුවරුව තුළ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් අප්‍රේල් 30 වැනිදා කොළඹ ආර්ප්‍රේමදාස පිටියේ දී පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් සපුරාගනු ඇත.

තවද ඇන්ජලෝ මැතිව්ස් හා නිරෝෂන් දික්වැල්ල අාබාධ වලට ලක්ව සිටින නිසාවෙන් මෙම තරඟාවලියට ඔවුන් එක් නොවන අතර, අසේල ගුණරත්න හා ලසිත් මාලිංග ද ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන හෙයින් මෙම තරඟාවලියට සහභාගි නොවනු ඇත.

අපි ශූරයින්ගෙන් කුසලානය ගැන කතා කරන කොට, මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 60ක් තෝරාගෙන තියෙනවා. මේ සඳහා දැනට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රිකට් ක්‍රීඩකයින් ද ඇතුළත්ව තිබෙනවා. මෙම තරගාවලියේ ශූරයින්ගෙන් කුසාලනය සදහා හොඳ පෙර පුහුණුවීමක්යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කේ. මතිවානන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

තරඟාවලියේ පළමු තරග කිහිපය දිවා තරග ලෙසත්, අවසන් තරඟ සියල්ලම දිවා රාත්‍රි තරඟ ලෙසත් දඹුල්ල හා ආර්ප්‍රේමදාස ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සංවිධානය කර අවසන්ය.

කොළඹ කණ්ඩායම

දිනේෂ් චන්දිමාල්, අශාන් ප්‍රියන්ජන, ලහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ඩිල්ශාන් මුණවීර, ඇන්ජලෝ පෙරේරා, කිත්රැවන් විතානගේ, ශෙහාන් ජයසූරිය, කසුන් මදුසංක, සචිත්‍ර සේනානායක, දුශ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩසේ, විශ්ව ප්‍රනාන්දු, වනිදු හසරංග, අලංකාර අසංක

මහනුවර කණ්ඩායම

චාමර කපුගෙදර, මහේල උඩවත්ත, ධනුෂ්ක ගුණතිලක, හශාන් දුමිදු, සඳුන් වීරක්කොඩි, චරිත් අසලංක, ඩිල්ශාන් කුරේ, සචිත් පතිරණ, අමිල අපෝන්සු, රමිත් රඹුක්වැල්ල, ලහිරු මදුසංක, ශමින්ද එරංග, ලහිරු ගමගේ, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන

ගාල්ල කණ්ඩායම

උපුල් තරංග, දිමුත් කරුණාරත්න, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, සම්මු අශාන්, යශෝධ ලංකා, මිනෝද් භානුක, චතුරංග ද සිල්වා, සීකුගේ ප්‍රසන්න, මලින්ද පුශ්පකුමාර, අකිල ධනංජය, දසුන් ශානක, චාමික කරුණාරත්න, විකුම් සංජය, සුරංග ලක්මාල්

දඹුල්ල කණ්ඩායම

කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, උදාර ජයසුන්දර, මිලින්ද සිරිවර්ධන, දිල්රුවන් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, හර්ෂ කුරේ, ලහිරු මිලන්ත, ලහිරු කුමාර, සුරාජ් රන්දිව්, ලක්ෂාන් සඳකැන්, නුවන් කුලසේකර, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු

අතිරේක ක්‍රීඩකයින් – ලියෝ ෆැන්සිස්කෝ, සංගීත් කුරේ, සමිත් දුශ්ශන්ත, රැවිදු ගුණසේකර, සංජික රිද්ම, ලහිරු සමරකෝන්, කසුන් රාජිත, ශෙහාන් මදුසංක

සම්පූර්ණ තරග කාලසටහන

දිනය

කණ්ඩායම කණ්ඩායම

ක්‍රීඩා පිටිය

අප්රේල් 09 දඹුල්ල කොළඹ CCC
අප්රේල් 09 ගාල්ල මහනුවර NCC
අප්රේල් 11 කොළඹ ගාල්ල CCC
අප්රේල් 11 දඹුල්ල මහනුවර Colts
අප්රේල් 20 මහනුවර කොළඹ NCC
අප්රේල් 20 ගාල්ල දඹුල්ල දඹුල්ල
අප්රේල් 22 ගාල්ල කොළඹ ආර්.ප්රේමදාස (දිවා/රාත්‍රි)
අප්රේල් 22 මහනුවර දඹුල්ල දඹුල්ල (දිවා/රාත්‍රි)
අප්රේල් 24 කොළඹ දඹුල්ල දඹුල්ල (දිවා/රාත්‍රි)
අප්රේල් 24 මහනුවර ගාල්ල ආර්.ප්රේමදාස (දිවා/රාත්‍රි)
අප්රේල් 26 කොළඹ මහනුවර ආර්.ප්රේමදාස (දිවා/රාත්‍රි)
අප්රේල් 27 දඹුල්ල ගාල්ල ආර්.ප්රේමදාස (දිවා/රාත්‍රි)
අප්රේල් 30 අවසන් මහා තරගය ආර්.ප්රේමදාස (දිවා/රාත්‍රි)

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට