ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර තරගාවලි ද්විත්වයකට

242

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් Asian Grand Prix හා තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලි සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 7 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තායිලන්ත විවෘත ජවන හා පිටිය තරගාවලිය සඳහා සහභාගි වනු ඇත.

කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය කල් යයි

23 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර…

මෙම තරගාවලිය මැයි මස 18 සිට 21 දක්වා පුරා දින 3ක් තායිලන්තයේ බැංකොක්හි National Stadium හිදී පැවැත්වීමට නියමිතයි. මෙම 7 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර ඇත්තේ මෙම වසරේ හා පසුගිය වසරේ ආසන්න තරගාවලිවල දී ක්‍රීඩකයන් දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමිනි. තම ඉසව්වල උපරිම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරගාවලියක දී තම දස්කම් දැක්වීමේ අවස්ථාව එමගින් හිමිවී ඇත.

2019 තායිලන්ත විවෘත ජවන හා පිටිය තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය

  • ලක්මාල් ගුණරත්න (මීටර් 400 – පිරිමි)
  • රොශාන් දම්මික (මීටර් 110 කඩුලු – පිරිමි)
  • අසංක රත්නසේන (මීටර් 400 කඩුලු – පිරිමි)
  • ශ්‍යාමා දුලක්ශි (මීටර් 400 කඩුලු – කාන්තා)
  • සාරංගි සිල්වා (දුර පැනීම – කාන්තා)
  • ලක්ශිකා සුගන්දි (Heptathlon තරග ඉසව්ව – කාන්තා)

ලක්මාල් ගුණරත්න හා ශ්‍යාමා දුලක්ශි ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාව මෙය වේ.

ආසියානු Grand Prix තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වීමට නියමිත අතර එහි පළමු අදියර ජුනි මස 4 වැනිදා පැවැත්වීමට නියමිත අතර දෙවන අදියර 7 වැනිදා පැවැත්වෙනු ඇත. මෙම තරගාවලිය චීනයේ Chongqing හිදී පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙක් ඇතුළත් වේ. පසුගිය දා දෝහා හිදී නිමා වූ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 7 දෙනෙකු මෙම Grand Prix තරගාවලියට සහභාගි කරවීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.

“අඩුම තරමේ පදක්කම් පහක්වත් දිනා ගන්න තිබ්බා.” – ක්‍රීඩා ඇමති

පසුගිය සතියේ නිමාව දුටු 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය පුරා දින 4ක් පුරාවට කටාර් හී බර්ජ් අල්…

එයට අමතරව යගුලිය විසිකිරීමේ ජාතික වාර්තාවට හිමිකම් කියන තාරිකා කුමුදුමාලි හා උස පැනීමේ ක්‍රීඩිකා දුලංජලී රණසිංහ කණ්ඩායමට එක් කර ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 තරග ඉසව්වට සහභාගි වූ නිමාලි ලියනආරච්චි හා ගයන්තිකා අබේරත්න ද Grand Prix කණ්ඩායමට ඇතුළත්ව සිටී. ඔවුන් දෙදෙනා රන් හා රිදි පදක්කම් ලාභීන් ලෙස ආසියානු තරගාවලියට සහභාගි වූ අතර එහි දී ඔවුන්ට සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි විය.

ඒ අනුව ඔවුන් Grand Prix තරගාවලියේ දී තම නැතිවී ගිය අභිමානය වෙනුවෙන් සටන් වදිනු ඇත. ආසියානු තරගාවලියේ දී තම දක්ෂතා පෙන්වීමට අසමත් වූ හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගි වූ සුමේද රණසිංහ ද තම උපරිම දක්ෂතා අතරට පැමිණීමට මෙම Grand Prix තරගාවලියේ දී උත්සාහ කරනු ඇත.

ආසියානු තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූවද පදක්කම් සිහිනය සැබෑවක් කරගැනීමට නොහැකි වූ මීටර් 800 ඉසව්වට සහභාගි වූ රුසිරු චතුරංග හා තුන් පිම්ම ඉසව්වට සහභාගි වූ ග්‍රේෂාන් ධනංජය ජාත්‍යන්තර තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහිතව Grand Prix තරගාවලියට සහභාගි වනු ඇත.  

2019 Grand Prix තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය

  • අජිත් ප්‍රේමකුමාර (මීටර් 400 – පිරිමි)
  • රුසිරු චතුරංග (මීටර් 800 – පිරිමි)
  • සුමේද රණසිංහ (හෙල්ල විසි කිරීම – පිරිමි)
  • ග්‍රේෂාන් ධනංජය (තුන් පිම්ම – පිරිමි)
  • නදීශා රාමනායක (මීටර් 400 – කාන්තා)
  • නිමාලි ලියනආරච්චි (මීටර් 800 – කාන්තා)
  • ගයන්තිකා අබේරත්න (මීටර් 800 – කාන්තා)
  • දුලාංජලී රණසිංහ (උස පැනීම – කාන්තා)
  • තාරිකා කුමුදුමාලි (යගුලිය විසි කිරිම – කාන්තා)

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<