වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සඳහා පළමුව තෝරාගෙන තිබූ ක්‍රීඩකයින් 48 දෙනෙකුගෙන් යුත් සංචිතය ක්‍රීඩකයින් 25ක් දක්වා අඩු කරන්නට ජාතික තේරීම් කමිටුව කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවට 5 වෙනි ස්ථානය

ශ්‍රී ලංකා වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික යොවුන් රග්බි කණ්ඩායම පොදුරාජ්‍ය මණ්ඩලීය….

එමෙන්ම මෙම සංඛ්‍යාව ක්‍රීඩකයින් 15 දෙනෙක් දක්වා මෙම සතියේ දී තවදුරටත් අඩු කෙරෙනු ඇත. ඒ අනුව තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 12 දෙනෙක්, අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙක් තරගාවලියට සහභාගී වනු ඇත.  

පසුගිය වසරේ පැවති මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර මෙම වසරේ දී ද ඔවුන් තරගාවලිය සඳහා සහභාගී වන්නේ ශූරතාවය ජයග්‍රහණය කිරීමේ අභිප්‍රාය සහිතවයි.

කෙසේ නමුත් මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ එක් අදියරක් යටතේ පමණි. ඒ අනුව තරගාවලිය අගෝස්තු මස 4 හා 5 දෙදින හොං කොං හිදී පැවැත්වෙන අතර තරගාවලිය සජීවීව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමෙන් සිටී.

මෙම සංචිතයට නම් කර ඇති ක්‍රීඩකයින් 25 දෙනාගෙන් 10 දෙනෙක් ‘Dialog’ ක්‍රීඩා සමාජ රග්බි ලීග් තරගාවලිය සඳහා ද සහභාගී වී ඇත. පසුගිය වසරේ දී පැවති තරගාවලියේ දී කෙවින් ඩික්සන්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරමින් ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තුළ ක්‍රීඩා සමාජ තරගාවලිවල ක්‍රීඩා කළ දක්‍ෂ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම අන්තර්ගත විය. මෙම වසරේ දී ද නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරන ලහිරු හේරත් සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ තනූජ මදුරංග සහ සුපුන් දිල්ෂාන් වැනි ක්‍රීඩකයින් ද අවසන් සංචිතයට තේරී පත්වීමට අපේක්ෂාවෙන් පසුවනු ඇත.

සංචිතය   

1 විනුල් ප්‍රනාන්දු සාන්ත ජෝසප් විද්‍යාලය
2 චතුර සෙනෙවිරත්න සාන්ත ජෝසප් විද්‍යාලය
3 ප්‍රමෝද් පද්මසංක ඉසිපතන විද්‍යාලය
4 අදීෂ වීරතුංග ඉසිපතන විද්‍යාලය
5 චමෝද් ප්‍රනාන්දු ඉසිපතන විද්‍යාලය
6 හරිත් බණ්ඩා ඉසිපතන විද්‍යාලය
7 දිනුක් අමරසිංහ සාන්ත අන්තෝනි විද්‍යාලය
8 යුස්රාන් ලන්ත්‍රා සහිරා විද්‍යාලය
9 තනූජ මදුරංග විද්‍යා විද්‍යාලය
10 අවිශ්ක ලී වෙස්ලි විද්‍යාලය
11 අවනත ලී වෙස්ලි විද්‍යාලය
12 ඩියෝන් ඩයස් සාන්ත තෝමස් විද්‍යාලය
13 නවීන් හේනකන්කානම්ගේ සාන්ත තෝමස් විද්‍යාලය
14 දියත් ප්‍රනාන්දු සාන්ත පීතර විද්‍යාලය
15 තීක්ෂණ දිසානායක සාන්ත පීතර විද්‍යාලය
16 වජීඩ් ෆව්මි පොලිස් ක්‍රී. ස.
17 සංදේශ් ජයවික්‍රම පොලිස් ක්‍රී. ස.
18 සුරංග පොලිස් ක්‍රී. ස.
19 ලහිරු හේරත් නාවික ක්‍රී. ස.
20 සුපුන් දිල්ෂාන් නාවික ක්‍රී. ස.
21 කුෂාන් ඉඳුනිල් CR & FC
22 මදුසංක
23 අශ්වන්ත හේරත් සාන්ත තෝමස් විද්‍යාලය
24 උදේශ්
25 රමේෂ් ප්‍රනාන්දු හැව්ලොක් ක්‍රී. ස.

තරගාවලිය පිළිබඳව ඉදිරි විස්තර දැන ගැනීම සඳහා ThePapare.com සමඟින් රැදී සිටින්න.  

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට