තෙවැනි අදියරේ නිල සංචිතයට නව මුහුණු දෙකක්!

73

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි අදියර සඳහා සහභාගි වන ශ්‍රී ලංකා නිල ජාතික රග්බි සංචිතය නම් කර තිබෙනවා.

වේල්සයෙන් ජෝර්ජියාවට මරු පහරක්!

2019 රග්බි ලෝක කුසලානයේ D කාණ්ඩයේ තවත් තරගයක් අද (23) ජපානයේ ටොයෝටා නුවර…

කණ්ඩායමේ නායකත්වය වෙනසක් නොමැතිව දනුෂ් දයාන්ට හිමි වී තිබෙන අතර පළමු අදියරේ දී සංචිතයේ සිටි ක්‍රීඩකයින් සිව්දෙනෙකු වෙනුවට නව සාමාජිකයන් සිව්දෙනෙකු සංචිතයට ඇතුළත් කර තිබෙනවා. එම කණ්ඩායමට නව ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත්. 

මෙම ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි වටය සැප්තැම්බර් මස 28 හා 29 යන දිනයන් හිදී කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

චීනයේ හුයිශෝ නුවර දී පැවැත්වුණු වටයේ දී ශ්‍රී ලංකාව 4 වැනි ස්ථානයේ පසුවුනත් පළමු අදියරේ පලඟ ශූරතාවයේ අවසන් තරගයේ දී විශාල කාර්යභාරයක් ඉටු කළ ශ්‍රීනාත් සූරියබණ්ඩාර කලව ආශ්‍රිතව ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වූ අතර තෙවැනි වටය ක්‍රීඩා කිරීමට ද ඔහුට අවස්ථාව හිමි වන්නේ නැත. 

නිල්ෆර් ගෙදර යයි!

ආදි කිංග්ස්වුඩ් ක්‍රීඩකයෙක් වන නිල්ෆර් ඊබ්‍රහීම් එළඹෙන රග්බි තරගාවලිය සඳහා සාන්ත…

ශ්‍රී ලංකා සංචිතය: 

දනුෂ් දයාන්, ජේසන් දිසානායක, බුද්ධිම පියරත්න, රීසා රෆයිඩීන්, දිනුක් අමරසිංහ, ජනිදු ඩිල්ෂාන්, ඉරෝෂන් සිල්වා, ගැමුණු චේතිය, කෙවින් ඩික්සන්, සුධාරක දික්කුඹුර, චතුර සෙනෙවිරත්න, නිශෝන් පෙරේරා, කාවින්ද කේෂාන්

ශ්‍රී ලංකා කාන්තා සංචිතය:

සංජීවනී ද සිල්වා, දිලිනි කාංචනා, අනුෂිකා සමරවීර, නිමේෂා විජේවර්ධන, දසුනි ද සිල්වා, වාසනා වීරක්කොඩි, දුලානි පල්ලික්කොණ්ඩගේ, නදීකා මුණසිංහ, උමයංගනා තත්සරණි, රන්දිකා කුමුදුමාලි, ෂණිකදිලානි මුතුසිංහ, අනුෂා අත්තනායක, සංජීවනී පෙරේරා

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<