රග්බි ලෝක ශූරයින්ට අභියෝග රැසක්!

197

2019 රග්බි ලෝක කුසලාන තරගාවලිය නිමාවී කලක් ගතවූවද තවමත් එය ලොව පුරා පුවත් මැවීමට සමත්ව ඇත. දකුණු අප්‍රිකානු ‍රග්බි කණ්ඩායම ලෝක කුසලාන රග්බි ඉතිහාසය අලුත් කරමින් තුන්වැනි වරට ද ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය. 

ඔවුන්ගේ ජයග්‍රහණය පසුපස සිටි අයෝමය ශක්තිය වූයේ පුහුණුකරු වූ රසී ඉරාස්මස්‍ ය. දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වූ ඉරාස්මස් පසුගිය වසරේ දී වසර 6ක කොන්ත්‍රාත්තුවක් සමඟින් එරට රග්බි අධ්‍යක්ෂක ලෙස කටයුතු ආරම්භ කළේය. ඒ අනුව දකුණු අප්‍රිකානු පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙකෙහිම භාරකරුවා වූයේ ඔහුය. 

ඩේව් රෙනී පුහුණුකරු කරගන්න නවසීලන්තය පරක්කු වැඩි වුනා ද?

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු පුහුණුකරු මයිකල් චිකේරා එම …

ලෝක කුසලාන තරගාවලියට වසරකට පෙර දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජීවය හා ශක්තිය අවශ්‍යව තිබූ අවස්ථාවක ඔහු එරට පුහුණුකරු බවට පත්විය. ඒ ලෝක කුසලාන තරගාවලිය සඳහා පමණක් කටයුතු කිරීමේ අරමුණිනි. 

කෙසේ වෙතත් මේ වන විට ඔහුගේ ලෝක කුසලාන රාජකාරිය අවසන්ව ඇති අතර ඔහු නැවතත් රග්බි අධ්‍යක්ෂක වීම සඳහා සූදානමින් පසුවේ. ඒ අනුව දකුණු අප්‍රිකාවට නව පුහුණුකරුවෙකු සොයා ගැනීමට සිදුව ඇත. 

මේ පිළිබඳව අදහස් දක්වමින් ඉරාස්මස් පවසා සිටියේ තමන් රග්බි පුහුණුකරු නොවූවද දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟින් නව පුහුණුකරුවෙකු සමඟින් ඉදිරියේ දී ද කටයුතු කරන බවයි. 

“මම ඔවුන්ගේ කටයුතු සමඟින් සෑම විටම කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අලුත් පුහුණුකරුවෙකු යටතේත් මම ඔවුන් සමඟ ඉන්නවා.”

දකුණු අප්‍රිකාවට ලොව අංක එකේ ස්ථානය ‍රැකගැනීම සඳහා ඇති අභියෝගයන් පිළිබඳව කෙරෙන විමසා බැලීමකි මේ. 

පුහුණුකරු 

ඉරාස්මස්ගෙන් පුරප්පාඩු වන පුහුණුකාරීත්වය සඳහා වැඩිම අවස්ථාවක් ඇත්තේ වර්තමාන ආරක්ෂක පෙළ පුහුණුකරු වන ජැක් නිඑනබර්ට ය. ඔහු දකුණු අප්‍රිකානු ක්‍රීඩා සමාජ කීපයක පුහුණුකාරීත්වය දරා ඇති අතර අයර්ලන්තයේ ක්‍රීඩා සමාජ සඳහා ද සේවය සපයා ඇත. ග්ලොව්චෙස්ටර් හා හිටපු ලයන්ස් කණ්ඩායමේ පුහුණුකරු වන ජොහාන් අක්‍රමන් ඔහුගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වී ඇත. 

දකුණු අප්‍රිකානු පසුපෙළ පුහුණුකරු වන ම්ස්වැන්ඩිල් ස්ටික් තවදුරටත් පුහුණුකාරීත්වයේ කටයුතු කරන අතර ඉදිරිපෙළ පුහුණුකරු වන මැතිව් ප්‍රවුඩ්ෆූට්ඩ්ගේ ධුර කාලය අවසන් වන බැවින් එම තනතුර හිටපු ප්‍රංශ ප්‍රොප් ක්‍රීඩකයෙකු වන පීටර් ඩී විලියර්ස්ට හිමි වනු ඇත. 

ඉරාස්මස් පුහුණුකරු බවට පත්වීමට පෙර සිටම දකුණු අප්‍රිකානු ඉදිරිපෙළ පුහුණුකරු වී සිටියේ ප්‍රවුඩ්ෆූට්ය.

ප්‍රතිවාදීන්

දකුණු අප්‍රිකාව 2020 ජූලි මාසයේ දී ස්කොට්ලන්තයට හා ජෝර්ජියාවට වඩා ආකර්ෂණීය විරුද්ධවාදීන්ට කැමති වනු ඇත, නමුත් ස්ප්‍රිංබොක්ස්හි ජනප්‍රියතාව නිසා විශාල ජනකායක් තරග සඳහා බලාපොරොත්තු විය හැක. 

ස්කොට්ලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට අසමත් වූ අතර ජෝර්ජියානු කණ්ඩායම මූලික වටයේ තරගවල දී ජයග්‍රහණය කර තිබුණේ එක් තරගයක් පමණි. 

සංවිධායකයන් බලාපොරොත්තු වන පරිදි ආර්ජෙන්ටිනා හා ඕස්ට්‍රේලියා කණ්ඩායම් මීට පෙර පැවති රග්බි ශූරතා තරගාවලිවලට වඩා විශාල ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ආකර්ෂණය කර ගනු ඇත. 

ලෝක ශූරයින්ගෙන් ජාතිවාදයට කනේ පහරක්!

දකුණු අප්‍රිකාව 2019 රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ලොව පුරා රග්බි ක්‍රීඩාලෝලීන්ගේ …

එමෙන්ම දකුණු අප්‍රිකාවේ ප්‍රබලතම ප්‍රතිවාදීන් වන නවසීලන්තය සමඟ තරගය සඳහා ද විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි වනු ඇත. එම තරගය පැවැත්වෙන ස්ථානය තවමත් තීරණය කර නොමැත. 

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නොවැම්බර් මස පැවැත්වීමට නියමිත යුරෝපීය සංචාරය සඳහා වන ප්‍රතිවාදීන් තවමත් නම් කර නැති අතර එයට ලෝක කුසලාන අවසන් තරගය සඳහා සහභාගි වූ එංගලන්ත කණ්ඩායම සමඟින් තරගයක් පැවැත්වේ යැයි බලාපොරොත්තු විය හැක. 

විශ්‍රාම යෑම්

දකුණු අප්‍රිකානු ප්‍රොප් ක්‍රීඩක Tendai ‘The Beast’ Mtawarira, හුකර් ක්‍රීඩක Schalk Brits හා ඉදිරිපෙළ ක්‍රීඩක Francois Louw ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව රග්බි පිටියට සමු දුන් අතර ඒ සමඟින් ලෝක කුසලාන ජයග්‍රාහී සංචිතය ක්‍රීඩකයන් 33 සිට 31 දක්වා අඩු කිරීමට හේතු විය. 

මෙම සංචිතය සඳහා වයස අවුරුදු 30ට වැඩි ක්‍රීඩකයන් දෙදෙනෙකු ඇතුළත් වේ. ඒ අංක 8 ක්‍රීඩක Duane Vermeulen හා පසුපෙළ ක්‍රීඩක Francois Steyn ය. ඔවුන් 33 හා 32 හැවිරිදි වියෙහි පසු වේ. කෙසේ වෙතත් ඔවුන් ක්‍රීඩා කරනවා දැයි තවමත් තහවුරු කර නොමැත. 

ඔවුන් දෙදෙනා 2021 වසරේ පැවැත්වීමට නියමිත තරග සඳහා ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් පවතී. ඔවුන් අතරින් Steyn ලෝක කුසලාන තරගාවලියේ ෆුල් බැක් ක්‍රීඩකයා, සෙන්ටර් ක්‍රීඩකයා හා ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා ලෙස කටයුතු කරමින් ප්‍රබල වගකීමක් ඉටු කළේය. 

නවක ක්‍රීඩකයන්

ස්කොට්ලන්ත තරගය සඳහා ලෝක කුසලානයට සහභාගි නොවූ නවක ක්‍රීඩකයන් රැසක් දකුණු අප්‍රිකානු සංචිතයට ඇතුළත් වීමට නියමිතය. 

ඒ සඳහා ෆුල්බැක් ක්‍රීඩක Willie le Rou. කීපවරක් අසාර්ථක වූ නිසා ඔහුගේ ස්ථානය සඳහා Warrick Gelant හා Damian Willemse ඇතුළත් වීමට වැඩි ඉඩකඩක් පවතී. Cheslin Kolbe හා Sibusiso Nkos වින්ග් ක්‍රීඩකයන් ලෙස ක්‍රීඩා කිරීමට අවස්ථාව ඇත. 

දකුණු අප්‍රිකානු ප්‍රොප් ක්‍රීඩක Mtawarira විශ්‍රාම යාම නිසා ඔහුගේ ස්ථානය Steven Kitshoffට හිමිව ඇත. Lizo Gqoboka, ‘Ox’ Nche හා Thomas du Toit ද කණ්ඩායමට ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් පසු වේ. 

Joseph Dweba, Akker van der Merwe හා Scarra Ntubeni පුරප්පාඩු වූ Britsගේ ස්ථානය සඳහා ඇතුළත් වීමට නියමිත අතර බොහෝ දෙනාගේ විශ්වාසය වන්නේ Juarno Augustu. එම ස්ථානය සඳහා වඩාත් සුදුසු බවයි. 

“ඇමරිකානු රග්බි තාම උදේ කෑම ගන්න ගමන් ඉන්නේ”

2019 රග්බි ලෝක කුසලානය පසුගිය සති 6ක කාලය පුරාවට ලොවපුරා පුවත් මවමින් සමාජ මාධ්‍ය, ඩිජිටල් …

‘Brain drain’

ඩොලරය, යුරෝ සහ පවුමට සාපේක්ෂව දකුණු අප්‍රිකානු ‍රෑන්ඩ් අහඹු ලෙස දුර්වලව පැවතීමත් සමඟ දකුණු අප්‍රිකාවට විශාල බලපෑමක් වී ඇති යුරෝපයට හා ජපානයට දැනුම කාන්දු වීම’ දිගටම පවතිනු ඇත.

අයර්ලන්ත වාර්තාවලට අනුව ලෝක කුසලාන ජයග්‍රාහකයන් දෙදෙනෙකු වන ඩේමියන් ඩි ඇලෙන්ඩේ හා lock ක්‍රීඩක ආර්. ජී. ස්නයිමන් එරට ක්‍රීඩා සමාජයක් වන මුන්ස්ටර් කණ්ඩායම සමඟින් වසර දෙකක කොන්ත්‍රාත්තුවක් සඳහා එක්ව ඇත. 

එම කණ්ඩායමේ පුහුණුකරු වන්නේ දකුණු අප්‍රිකානු ජාතික Johann van Graan ය. එම ක්‍රීඩකයන් සඳහා ලැබෙන වැටුප දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩා කරන කාලය තුල කරන ගෙවීම මෙන් තුන් ගුණයක් පමණ වේ. මේ නිසා එරට දේශීය ක්‍රීඩකයන් රැසක් විදෙස් කණ්ඩායම් සමඟ එක්වීමට පෙලබේ. 

මෑතක දී දකුණු අප්‍රිකාවේ පළාත් පාසල් තරගාවලියක දී හොඳම ක්‍රීඩකයා ලෙස තේරී පත් වූ ෆ්ලයි හාෆ් ක්‍රීඩකයෙකු වන කේඩ් වොල්හුටර්, Super 14 ක්‍රීඩා සමාජයක් වන මොන්ට්පෙලියර් සමඟ තුන් අවුරුදු ගිවිසුමක් අත්සන් කර තිබේ. 

දකුණු අප්‍රිකානු සංචිතය තේරීම සඳහා විදේශීය ක්‍රීඩකයින් ද සලකා බලනු ලබන නමුත්, වේගයෙන් ව්‍යාප්ත වන දකුණු අප්‍රිකානුවන් විදේශයන්හි ක්‍රීඩා කිරීම පිළිබඳව සැලකිලිමත් විය යුතු කරුණක් වී ඇත. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<