ලොව අංක එකේ පහසුකම් සපිරි පුහුණු මධ්‍යස්ථානයක් ලංකාවට

290
Sports Ministry 2017 Review and 2018

ක්‍රීඩා අමාත්‍යාංශයේ 2017 ප්‍රගතිය හා 2018 වසරේ ඉදිරි වැඩසටහන් පිළිබඳ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී අද (04) පැවැත්විය. මේ සඳහා ක්‍රීඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මහතා සමඟින් ක්‍රීඩා වෛද්‍ය ආයතනය සහ තහනම් උත්තේජක පිළිබඳ ආයතනය නියෝජනය කරමින් ද නියෝජිතයන් සහභාගී වීම විශේෂත්වයක් විය.

මෙහි දී පසුගිය වසරේ රටක් වශයෙන් ක්‍රීඩාවෙන් ලබා ඇති උන්නතිය හා සිදු වූ දෝෂත්, 2018 වසරේ ඇති අනාගත බලාපොරොත්තු සහ ඉලක්ක පිළිබඳවත් මාධ්‍ය දැනුවත් කිරීම සිදු විය.

චින්තන ඇතුළු ප්‍රබලයින් රැසක් ඕස්ට්‍රේලියාවට

ක්‍රීඩකයන් 7 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 4 දෙනෙක් ඇතුළත් කරමින් මීළඟ පොදු රාජ්‍ය මණ්‌ඩලීය…

සාකච්ඡාව අරම්භ කරමින් ක්‍රීඩා අමාත්‍යතුමා තම අමාත්‍යාංශය තුල සිදු වී ඇති මූල්‍ය වාර්තා සහ නව වසර වෙනුවෙන් බල පැවැත්වෙන මුදල් වෙන්කිරීම් පිළිබඳව සරලව සමාලෝචනයක් ඉදිරිපත් කළ අතර නව වසර තුල ක්‍රියාත්මක වන ක්‍රියා පටිපාටි සම්බන්ධව ද අදහස් දැක්විය.

ඒ අතර බෝ නොවන රෝග නිවාරණය සම්බන්ධව තම අමාත්‍යාංශය ගැනීමට බලාපොරොත්තු වන පියවර සම්බන්ධව ද සාකච්ඡාවට බඳුන් කරමින් ක්‍රීඩා ශරීර සුවතා වැඩසටහන් ප්‍රවර්ධනය සඳහා ජාතික ක්‍රීඩා ශරීර සුවතා සතියක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බව සදහන් කළේය.

විශේෂත්වයක් ලෙස ලබන වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ ක්‍රීඩා උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර අන්තර් ග්‍රාම නිලධාරි මට්ටම සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් දැක්වීමට බලාපොරොත්තු වන බව එතුමා වැඩි  දුරටත් ප්‍රකාශ කර සිටියේය.

මීට අමතරව වසරේ ප්‍රධාන තරගාවලිය වන පොදු රාජ්‍ය මණ්ඩලීය තරග සඳහා සහභාගී වන ක්‍රීඩා සංගම් සම්බන්ධවත්, ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන පියවර සම්බන්ධවත් ප්‍රකාශ කළ එතුමා සුගතදාස ක්‍රීඩාංගණය නවීකරණය, මාතලේ හොකී ක්‍රීඩාංගණය සහ විශේෂයෙන්ම ලෝකයේ ඉහළම පහසුකම්වලින් සපිරි නුවරඑළියේ ඉහළ උන්නතාංශ පුහුණු මධ්‍යස්ථානයක් යුරෝ මිලියන 75.53ක ප්‍රංශ ආයෝජනයක් සහිතව නිර්මාණය වීමට කටයුතු යොදා ඇති බව ද ප්‍රකාශ කර සිටියේය.  

බංගලාදේශ අභියෝගයෙන් ඔබ්බට ගොස් හතුරුසිංහ ලෝක කුසලානයට ඉව අල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ ප්‍රථම පුහුණු සැසි වාරය..

ඊට අමතරව ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඇකඩමියක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවත්, ක්‍රීඩා පුහුණු සංකීර්ණය ඒකාබද්ධව ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඇකඩමියක් ස්ථාපිත කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ද පවසා සිටියේය.

ක්‍රීඩා අමාත්‍යංශයට වසර 50ක් පිරීම නිමිත්තෙන් ස්වර්ණ ජයන්ති සංවත්සරය සැමරීමේ අධ්‍යාපන ප්‍රදර්ශනයක් හා සැණකෙළියක් 2018 මාර්තු මාසයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ හා සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා කෞතුකාගාරය ද විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව ද එතුමා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.

ඉන්පසුව අදහස් දැක්වූ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරි වසරේ දී විද්‍යාත්මක තත්වයෙන් ඉහළ මානව ක්‍රියාකාරිත්වයන්ගෙන් සපිරි විද්‍යාගාරයක් විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවත්, ‘Sports for Children’ යන නාමය පෙරදැරි කරගනිමින් සමුළුවක්, කලාපයේ සිටින ක්‍රීඩා අමාත්‍යවරුන් හා ක්‍රීඩාව සම්බන්ධ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් උපදෙස් ලබා දීමේ ක්‍රියාන්විතයක් ද ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි.

ශ්‍රී ලංකාවට බොක්සිං රන් පදක්කමක්

ජර්මනියේ පැවති ස්වෙන් ලාංජ් බොක්සිං තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්..

තහනම් උත්තේජක සභාව වෙනුවෙන් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේ තහනම් උත්තේජක භාවිතා කරන්නන් හට කිසිදු ඉඩක් නොදෙන බවත් සිංහල වෙදකමේ එන අරිෂ්ඨ සම්බන්ධවත් වැඩි අවධානයක් යොමු කර ක්‍රීඩකයන් හට මනා සෞඛ්‍යයකින් තම ක්‍රීඩා කරගෙන යාමට උපරිම සහයෝගය ලබා දෙන බවත් ය.  

ඉන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  අමාත්‍යතුමා ප්‍රකාශ කර සිටියේ තමා පෞද්ගලිකව ලූෂන් පුෂ්පරාජ් ක්‍රීඩකයා ලබාගත් ජයග්‍රහණය ගැන සතුටු වන බවත්, වෛද්‍ය වාර්තාවලට අනුව අනාගත ක්‍රීඩකයන්ට නිවැරදි උපදෙස් ලබා දීමට කටයුතු කරන බවත්ය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<