පසුගිය දිනක ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍ර‍වණාගාරයේදි, ජාතික දැල්පන්දු ක්‍රීඩිකාවන් රටට කීර්තියක් ගෙන ඒම සම්බන්ධයෙන් පැවති ඇගයීමේ උත්සවයකදි ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහාතා වර්තමාන දැල්පන්දු පුහුණුකාරිනි දීප්ති අල්විස් මහත්මියටත් සමස්ත තරගාවලියේ දෙවැනි ස්ථානය ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ටත් ප්‍ර‍ශංසා පිරි නමන ලදි.

පසුගිය ලිපි: දයාසිරිගෙන් දැල්පන්දුවට ඇගයීමක්

එහිදි අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තරගාවලියට පෙර පුහුණුකාරීනි දීප්ති අල්විස් මාධ්‍ය වෙත දැක්වූ අදහස් සම්බන්ධව සිය අප්‍ර‍සාදය ප්‍ර‍කාශ කල අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ඇය වෙනුවෙන් වෙනම ක්‍රියාමාර්ගයක් ගැනීමට සැලසුම් කරන බවයි.

“මං හිතනවා ඒ ක්‍රියාදාමය ගැන මට වෙනම විවේචනයක් තියනවා. නමුත් කෙසේ වෙතත් එතුමිය කරපු දක්ෂතාවය ගැන එතුමිය කරපු ක්‍රියාදාමය ගැන මගේ ගෞරවය පිරිනමනවා“ යැයි ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍ර‍කාශ කරන ලදි.

කෙසේ නමුත් මේ පිළිබදව අදහස් දක්වමින් දීප්ති අල්විස් පවසා සිටියේ ඕනෑම අවස්තාවක තමා ක්‍රීඩා අමාත්‍යතුමා හමුවී මේ පිළිබදව කරුනු දැක්වීමට කැමැත්තනේ සිටින බවත්, ඇය කිසිදු ආකාරයක වැරදි අරුතක් ගෙන දෙන කිසිවක් මාධ්‍ය වෙත නොපැවසූ බවත්, ඇය නිර්දෝෂී පුද්ගලයෙකු බව අමාත්‍යතුමාට ප්‍ර‍කාශ කරන බවයි.

“අපේ ක්‍රීඩාවේ ලොකුම කෙනා විදිහට එතුමා කිව්වදේ මං පිලිගන්නවා. මොනවා හරි වැරැද්දක් මම කරලා නැහැ. නමුත් මම එතුමාට පසුව ඒ ගැන  සාකච්ඡා කරලා ඒ ගැන දැනුවත් කිරීමක් කරනවා. ඒක ගැන මම ලොකුවට හිතන්නේ නැහැ.“ යැයි දීප්ති අල්විස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍ර‍කාශ කරන ලදි.

තවද වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය පවසා සිටියේ  “එතුමන් ජයග්‍ර‍හණය ගැන හුගාක් සතුටු වුනා.  ඇත්තටම ඒ සතුට මට ඔක්කොටම වඩා වටිනවා“ ලෙසයි.

එම අවස්තාවේදි ක්‍රීඩිකාවන් හටත් පුහුණුකාරීනි දීප්ති අල්විස් හටත් මුදලින් උපහාර පිරී නමන ලදි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට