ශරීර සුවතා ජාතික සතිය 6 වැනිදායින් ආරම්භ වේ

459
Dayasiri Jayasekara

ශ්‍රී ලංකාව තුළ සිඝ්‍රයෙන් ඉහළ යන බෝ නොවන රෝග පාලනය කිරීම අරමුණු කරගනිමින් අතිගරු ජනාධිපතිතුමන්ගේ උදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යාංශය විසින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන “ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය” මේ මස 06 වැනිදා සිට 12 වැනිදා දක්වා දීපව්‍යාප්තව ක්‍රියාවට නැංවීමට කටයුතු සම්පාදනය කර ඇත.

සුගතදාස සහ දියගම ධාවන පථ හැදෙන්නේ කවදාද?

රටක කී‍්‍රඩාව දියුණු වීමට එයට අවැසි ප‍්‍රධාන සාධකයන් කිහිපයක් ඇත. එහිදී මලල කී‍්‍රඩාවට නම් කී‍්‍රඩාංගණයක අවශ්‍යතාවය අනිවාර්ය සාධකයක් වන්නේ පුහුණු කටයුතු සඳහා එය අත්‍යාවශ්‍ය වන බැවින්ය..

ඒ පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ (31) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වූයේ ක්‍රීඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. සුවය, සතුට, ජයග්‍රහණය සඳහා ක්‍රීඩාව යන තේමාව යටතේ මෙවර  ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වේ.

2016 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ සියලුම ජන කොටස් අතර ප්‍රචලිත කරවීම මෙම ජාතික වැඩසටහනෙහි අරමුණ වී තිබේ.

තවද,

  • ක්‍රීඩාව තුළින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමට හැකිවන පරිදි ක්‍රීඩාශීලී සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලාංකීය පරපුරක් රට තුළ නිර්මාණය කිරීම.
  • ක්‍රීඩා කිරීම, ශරීර සුවතාවය සඳහා ව්‍යායාම හා ශාරීරික අභ්‍යාසවල නිරතවීම තම ජීවිතයේ අංගයක් බවට පත් කරවීම හා එහි වාසි පුද්ගලයින්ට හා පොදු ජන සමාජය වෙත අත්කර දීමට අවශ්‍ය පෙළඹවීම ඇති කිරීම.
  • සෞඛ්‍ය සම්පන්න, කායික හා මානසික සමබරතාවයකින් යුත්, නිරෝගී හා ප්‍රීතිමත් ජීවිතයක් සඳහා ක්‍රීඩා හා ශරීර සුවතාවය අත්‍යවශ්‍ය විෂයක් ලෙස සලකා එය රටේ සියලු ජන කොටස් අතර ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ ප්‍රචලිත කරවීම.
  • ජාතික සංවර්ධනය සහ ශ්‍රී ලාංකීය සියලු ජන කොටස්වල අනාගත අභිවෘද්ධිය සඳහා ක්‍රීඩාව හා ශරීර සුවතාවය ඉවහල් වන බැවින් ඒ පිළිබඳ රාජ්‍ය, රාජ්‍ය නොවන, පුද්ගලික අංශ සහ පොදු ජනතාව දැනුවත් කිරීම.
  • “සැමට ක්‍රීඩා”, “සාමය සඳහා ක්‍රීඩා”, “සුවය, සතුට ජයග්‍රහණය සඳහා ක්‍රීඩා” යන තේමාවන් ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා අර්ථවත්ව සක්‍රීය කරවීම හා ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීම.

යන අරමුණු ද මේ අතර වේ.

මෙම අවස්ථාවට පැමිණි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ, ගියවසරේ ආරම්භ කල මෙම ශරීර සුවතා වැඩසටහන ඉතාමත් සාර්ථක බවත්, මේ වැඩසටහන සතියකට පමණක් සීමා නොකර එය දිගින් දිගටම ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන ලෙසයි.

පිරිමින්ගේන් 18%ක් හෘදයාබාධ සහ දියවැඩියාවෙන් ද, භික්ෂූන් වහන්සේලා 60% ට වැඩි පිරිසක් හෘදයාබාධවලින් හා දියවැඩියාවෙන් ද, කාන්තාවන්ගෙන් 33%ක් හෘදයාබාධ වලින් ද, පාසල් දරුවන් 12%ක් පමණ දියවැඩියාවෙන් ද පෙළන බවත් මෙය නිවැරදි කර නොගතහොත් අනාගතයේදී නිරෝගී ජාතියක් නොව රෝගී ජාතියක් බිහි වනු ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

“ශරීර සුවතා වැඩසටහනින් පසු ස්නානය කරන්න, ඇදුම් ඇදීමට අවශ්‍ය ස්ථාන ඒ හා සම්බන්ධ අනෙකුත් පහසුකම් හැම ගොඩනැගිල්ලකම හදන්න කියලා මං ඉල්ලා සිටියා. මොකද මේ සඳහා වැඩි පිරිසක් කම්මැලි වෙලා තියෙන්නේ මේ කටයුත්තෙන් පස්සේ ‍අපි කොහොමද ඇදුම් මාරු කරගන්නේ, ස්නානය කරන්නේ කියන ප්‍රශ්න නිසා. ඉතිං අපිට මේකට විකල්පයක් අවශ්‍යයි. ඒ නිසා මම යෝජනාවක් කළා මේ සඳහා සම්පූර්ණ සහයෝගය දෙන්න කියලා, හැම අමාත්‍යාංශයක්ම තමන්ගේ ආයතනය ඇතුළේ ඒ සේවකයින්ට ව්‍යායාම් කිරීමට අවශ්‍ය උත්තේජනය එහෙම නැත්තම් ඒ පහසුකම් ලබාදෙන්න කටයුතු සුදානම් කරලා තියෙනවා.”

වැඩසටහනෙහි සමාරම්භය හා විශේෂ අවස්ථාවන් ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මෙම වැඩසටහන පිළිබඳ ප්‍රගති සමාලෝචන වාර්තාවක් ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා අමාත්‍යාංශ මට්ටමින් ලබාගෙන ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කළ යුතු බවත් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට <<