ඉම්රාන් තාහීර්ගේ සාදය විනාශ වෙයි

314

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (2) පැවති තරගය දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඉම්රාන් තාහීර්ගේ 100 වැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය වුවත් එම තරගය දකුණු අප්‍රිකාව ලකුණු 21කින් පරාජයට පත්විය.

ව්‍යාඝ්‍රයින් පළමු තරගයේ දී ම ඉතිහාසගත ජයක් ලබයි

මෙම වීඩියෝ පටය ශ්‍රී ලංකාව තුල දී පමණක් නැරඹීමට හැකි අතර නිකුත් කළ දින සිට දින 3ක් දක්වා පමණක්…

දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ තවත් සුපිරි දඟපන්දු යවන්නෙක් වන නිකී බෝජ්ට පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග 100ක් ක්‍රීඩා කළ පළමු පන්දු යවන්නා වන්නේ ඉම්රාන් තාහීර් ය.

වයස අවුරුදු 40ක් වන තාහීර් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන වයස්ගතම ක්‍රීඩකයා වන අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගයක දී සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ තරග 100 සම්පූර්ණ කිරීමට හැකි වීම ඔහු ලැබූ තවත් වරමක් ලෙස ද හැඳින්වීමට හැකිය.

1979 වසරේ මාර්තු 27 වැනි දින පාකිස්තානයේ ලාහෝර් හිදී උපත ලබන තාහීර් 1998 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තානු කණ්ඩායම නියෝජනය කළ අතර ඒ අතරතුර දකුණු අප්‍රිකානු ජාතික සුම්යා දිල්දාර් නම් තරුණියක් සමඟ මිත්‍රත්වයක් ගොඩනංවා ගත්තේය. අනතුරුව 2005 වසරේ දී දකුණු අප්‍රිකානු පුරවැසිභාවය ලබා ගන්නා තාහීර් 2007 දී සුම්යා දිල්දාර් නම් තරුණියව විවාහ කරගත්තේය.

කමිඳු සහ විශ්ව දෙදෙනාගේ අවසන් උත්සාහයත් අපතේ යයි

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ හුබ්ලි හිදී පැවති දෙවන නිල නොවන ටෙස්ට් තරගයෙන් ලකුණු…

“මගේ ක්‍රිකට් ජීවිතය හරිම පුදුමාකාරයි. ඒක මට හරියට පැහැදිලි  අමාරුයි. 2011 වසරේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරමින් මම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් නියෝජනය කළා. ඒ මතකයන් ගැන දැන් සිහි කරද්දී හරිම සුන්දර මතකයන් ඒවා.” ඉම්රාන් තාහීර් පැවසීය.

“දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට මට අවස්ථාව ලබා දීම ගැන මම දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලන අධිකාරියට ස්තූතිවන්ත වෙන්න කැමතියි. දකුණු අප්‍රිකාවේ මිනිස්සු වගේම ලෝකයේ ගොඩක් මිනිස්සු මට ආදරය කරනවා. මාත් ඔවුන්ට ආදරෙයි.”

ඉම්රාන් තාහීර් සිය එක්දින ක්‍රිකට් දිවියේ සුවිශේෂී වූ මේ තරගයේ සිය 10 පන්දුවාර අවසන් කළේ ලකුණු 57ක් තුල කඩුලු 2ක් දවා ගෙනයි.

මුෂ්ෆිකර් රහීම් සහ ශකීබ් අල් හසන් එක්ව ඉම්රාන් තාහීර්ට පන්දුවාර 6ක් පුරා කඩුලු නොමැතිව ලත වෙන්නට සැලැස්වූයේ එම කාලය තුළ ලකුණු 40ක් ද ඔහුගෙන් සොරා ගනිමිනි. කෙසේ වෙතත් සිය අවසන් පන්දුවාර 4 තුළ ලකුණු 17කට කඩුලු  2ක් දවා ගන්නට ඔහු සමත් වුවත්, ඒ වන විට ශකීබ් ප්‍රමුඛ බංග්ලාදේශ පිතිකරුවන් අවශ්‍ය තරම් ලකුණු සොරා ගෙන අවසන්ව තිබුණි.

මේ දක්වා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 100ක් කර තිබෙන තාහීර් කඩුලු 166ක් දවාගෙන තිබෙන අතර ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 24.34ක් වැනි හොඳ මට්ටමක පවතී.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දකුණු අප්‍රිකාව ක්‍රීඩා කළ පළමු තරගය පසුගිය 31 වැනිදා පැවැත්වුණු අතර ඒ වන විට තාහීර්ගේ වයස අවුරුදු 40කුත් දින 64ක් විය. එය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් ලෝක කුසලාන ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළ වැඩිම වයස ලෙස ද වාර්තා පොත් අතරට ගියේය.

දකුණු අප්‍රිකාව කලින්ම ”පිස්සු කෙළින” ලකුණු

දකුණු අප්‍රිකාව සහ ලෝක කුසලාන ක්‍රිකට් අතර ඇත්තේ එතරම් මිහිරි සම්බන්ධයක් නම් නොවේ…

“මගේ ක්‍රිකට් ජීවිතේ දී මට ලබාගන්න පුළුවන් වුනු ඒවා වගේම බැරි ඒවත් තිබුණා. එය මට වචනවලින් කියන්න අමාරුයි. මම මේ වගේ තැනකට එන්න කරපු කැපකිරීම ඉතාමත් ලොකු කැපකිරීමක්. මගේ දෙමව්පියන්ට මම ජාත්‍යන්තර තලයේ එක්දින ක්‍රිකට් තරග ක්‍රීඩා කරනවා ලබන්න බැරි වුනා. ඒක ගැන මට ගොඩක් දුකයි.” යැයි තාහීර් පැවසීය.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර තලය තුල මේ දක්වා වාර්තා කරගෙන තිබෙන හොඳම පන්දු යැවීම වාර්තා කරගෙන තිබෙන්නේ ඉම්රාන් තාහීර් වන අතර ඔහු ලකුණු 45ක් තුල කඩුලු 7ක් දවා ගනිමින් එම දස්කම දැක්විය. එසේම ජාත්‍යන්තර එක්දින කඩුලු 100 වේගවත්වම ලබා ගත් දකුණු අප්‍රිකානු පන්දු යවන්න වන්නේ ද ඔහුයි.

“මගේ ක්‍රිකට් ජීවිතේ පසුපස ගැන බලද්දී මට සතුටු වෙන්න පුළුවන්. මම අභියෝග භාරගන්න ගොඩක් ආසයි. මගේ නායකයා කියන ඕනම අවස්ථාවක මම පන්දුව ගන්නවා. මම ඕනම තත්වයක් හෝ පීඩනයක් යටතේ පන්දු යවන්න සූදානම්.” යැයි තාහීර් අවසන් වශයෙන් පැවසීය.

AFP ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<