බම්බා බලකායට අලුත් අණක්!

102

එළඹෙන 2020 නව රග්බි තරග වාරය සඳහා ශාන්ත පීතර විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන යොහාන් ප්‍රනාන්දු නම් කර ඇත. යොහාන් ප්‍රනාන්දු සිව්වැනි වසරේ ක්‍රීඩකයෙකු වීමද විශේෂත්වයක්. 

අයියාට වගේම මල්ලිටත් අන්තෝනි නායකත්වය!

එළඹෙන 2020 නව රග්බි තරග වාරය සඳහා සාන්ත අන්තෝනි විද්‍යාලයේ ……

තවදුරටත් ඔහුගේ උපනායකයින් ලෙස ‘Prop’ ස්ථානයේ ක්‍රීඩා කරන සෙනුර පෙරේරා සහ පසුපෙළ ක්‍රීඩකයෙකු වන ඩිල්ෂාන් මධුසංඛ නම් කර ඇත.

යොහාන් ප්‍රනාන්දු පසුගිය වසර කිහිපයේ දී ම ශාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් ඉහළම දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙනෙන අතර ඔහුගේ එම දක්‍ෂතා හා ජ්‍යේෂ්ඨත්වය හේතුවෙන් ඔහුට එළඹෙන තරග වාරය සඳහා කණ්ඩායමේ නායකත්වය හිමි වී ඇත.

“ශූරයින්ගේ මාරයා” හසුරවන්නට නව මුහුණක්!

පසුගිය පාසල් රග්බි ලීගයේ ප්‍රබල කණ්ඩායම්වලට විශාල අභියෝගයක් ….

පසුගිය වසරේ එක් ලකුණක පරතරයකින් අහිමිවී ගිය පාසල් ලීග් ශූරතාවය මෙවර ජය ගැනීමට සඳහා අත්දැකීම් බහුල කණ්ඩායමක් සහ ප්‍රවීණ පුහුණුකරු සනත් මාටිස් සමගින් කණ්ඩායම සූදානමින් සිටියි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<