දකුණු කොරියාවෙන් දරුණු සංග්‍රහයක්

72
Football

2022 FIFA ලෝක කුසලාන තරගාවලිය හා 2023 ආසියානු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවන වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ තවත් තරගයක් අද (10) දකුණු කොරියාව සමඟින් දකුණු කොරියාවේ Hwaseong ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී ගෝල 8-0ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට දකුණු කොරියානු කණ්ඩායම සමත් විය. 

මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට අමිහිරි අත්දැකීම් සමුදායක්

මැලේසියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයක දී ශ්‍රී ලංකාවට ගෝල

දකුණු කොරියාව ආසියානු පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ලෝක ශ්‍රේණිගත කිරීම්වල 37 වැනි ස්ථානය ලබාගෙන සිටී. 2018 වසරේ ආසියානු පාපන්දු ශූරයන් වූ දකුණු කොරියානු කණ්ඩායම 2019 වසරේ ආසියානු පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පිවිසීමට සමත් විය. 

දකුණු කොරියාව ශ්‍රී ලංකා තරගය සඳහා තම ප්‍රබලතම සංචිතය නම් කර තිබූ අතර එයට Tottenham Hotspur ප්‍රබල ක්‍රීඩක Son Heung Min සහ පසුගිය දා UEFA ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී Liverpoolට එරෙහිව Red Bull Salzburg වෙනුවෙන් ගෝලයක් වාර්තා කර ගත් Hwang Hee-chan ද ඇතුළත් කර තිබුණි. 

තරගයේ මුල් මිනිත්තු කීපයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණයෙන්ම දුර්වල කිරීමට කොරියානු කණ්ඩායම සමත් වූ අතර ගෝල ලබාගැනීමේ උත්සාහයන් කීපයක්ම ලබා ගැනීමට ඔවුන් සමත් විය. 

කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරා එම අවස්ථාවන් ව්‍යර්ථ කිරීමට සමත් විය. තරගයේ පළමු ගෝලය ලබා ගැනීමට කොරියාව සමත් වූයේ 10 වැනි මිනිත්තුවේ දී ය. එම ගෝලය Hong Chulගේ සහයෙන් Son Heung – Min විසින් වාර්තා කළේය. 

පළමු ගෝලය වාර්තා වී මිනිත්තු කීපයක් ගතවීමෙන්ම 17 වැනි මිනිත්තුවේ දී දෙවන ගෝලයත් වාර්තා කිරීමට කොරියාව සමත් වූයේ ශ්‍රී ලංකා ඉදිරිපෙළ අසරණ කරමිනි. එම ගෝලය ලබා ගැනීමට Kim Shin Wook සමත් වූයේ Son Heung Minගේ සහයෙනි. 

Llorisට දරුණු ආබාධයක්; Liverpool අපරාජිත වාර්තාව තවදුරටත්

එංගලන්ත Premier League තරගාවලියේ අටවැනි සතියේ, ජර්මානු Bundesliga ලීග්

දෙවන ගෝලයේ උණුසුම පහව යාමටත් පෙර 20 වැනි මිනිත්තුවේ දී තුන්වැනි ගෝලය ලබා ගැනීමට Hwang Hee Chan සමත් විය. ඒ අනුව තරගයේ මුල් මිනිත්තු 20 තුල දී ගෝල 3-0ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු කොරියාව සමත් විය. 

තරගයේ 22 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ඉශාන් හට කහ කාඩ්පතක් නිකුත් කළ අතර එය ශ්‍රී ලංකාවට ප්‍රබල අවාසියක් ගෙන දීමට සමත් විය. 

තරගයේ 30 වැනි මිනිත්තුවේ දී දකුණු කොරියාව වෙනුවෙන් තවත් ගෝලයක් ලබා ගැනීමට Kim Shin Wook සමත් වූ අතර එය Kim Moon Hwanගේ සහයෙන් වාර්තා විය. දකුණු කොරියානු ගෝල දඩයම එතකින් නිමා නොවූ අතර පළමු අර්ධයේ නියමිත මිනිත්තු 45 අවසන් වීමෙන් පසුව කොරියානු කණ්ඩායමට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට Son Heung Min සමත් විය. ඒ ඔහුගේ දෙවන ගෝලය විය. 

පළමු අර්ධය තුල දී කොරියාව ගෝල ලබා ගැනීමේ උත්සාහයන් 15ක් ලබාගෙන තිබූ අතර ශ්‍රී ලංකාව එක් උත්සාහයක් හෝ ගෙන තිබුණේ නැත. 

පළමු අර්ධය: දකුණු කොරියාව 05 – 00 ශ්‍රී ලංකාව 

දෙවන අර්ධය ආරම්භ වී 54 වැනි මිනිත්තුවේ දී තම ගෝල දඩයම නැවතත් ආරම්භ කළ කොරියාව වෙනුවෙන් 6 වැනි ගෝලය වාර්තා කළේ Kim Shin Wook විසිනි. එය ඔහුගේ තුන්වැනි ගෝලය ලෙස සටහන් විය. 

ඉන් නොනැවතුනු Kim Shin Wook තරගයේ 7 වැනි ගෝලය හා ඔහුගේ සිව්වැනි ගෝලය වාර්තා කළේ තරගයේ 65 වැනි මිනිත්තුවේ දී ය. 

Suarez වැඩ පෙන්වද්දී Salzburg, සත්කාරක Liverpool අන්දමන්ද කරයි

2019/20 ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන තරග දිනයට අදාළ තරග කිහිපයක් අද (3) අලුයම පැවැත්වුණා. Suarez තනිවම

ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳෙන් බිඳ සුන් කරමින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කිරීමට කොරියානු කණ්ඩායම සමත් විය. දෙවන අර්ධයේ දී ද ශ්‍රී ලංකාවට එකදු ගෝල ලබා ගැනීමේ උත්සාහයක් හෝ ලබා නොදීමට දකුණු කොරියාව සමත් විය. ඔවුන් තරගය පුරාවට තම ආක්‍රමණය ප්‍රබල ලෙස රඳවා ගෙන සිටි අතර බිඳින නොහැකි ඉදිරිපෙළක් ගොඩනගා ගැනීමට ඔවුන් සමත් විය. 

තරගයේ අවසන් හා 8 වැනි ගෝලය වාර්තා කිරීමට දකුණු කොරියාව සමත් වූයේ තරගයේ 76 වැනි මිනිත්තුවේ දී ය. එම ගෝලය Hwang Hee Chanගේ උපකාරයෙන් Kwan Chang Hoon විසින් වාර්තා කළේය. 

දෙවන අර්ධය: දකුණු කොරියාව 08 – 00 ශ්‍රී ලංකාව

ගෝල ලබාගත් ක්‍රීඩකයන්

  • දකුණු කොරියාව: Son Heung Min (10, 45’+5′), Kim Shin Wook (17′, 30′, 54′, 64′), Hwang Hee Chan (20′), Kwan Chang Hoon (76′)

මෙම ජයග්‍රහණයෙන් අනතුරුව දකුණු කොරියාව H කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර ඔවුන් සහභාගි වූ තරග දෙකම ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත. ශ්‍රී ලංකාව තමන් සහභාගි වූ තරග තුනම පරාජය වී කාණ්ඩයේ 5 වැනි ස්ථානය ලබාගෙන ඇත. 

ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය ලෙබනනය සමඟින් එළඹෙන ඔක්තෝබර් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතයි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<