දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගාවලිය ශ්‍රී ලංකාවට

215
South Asian Table tennis

ශ්‍රී ලංකා මේස පන්දු සංගමය විසින් මෙහෙයවනු ලබන දකුණු ආසියානු කලාපීය කනිෂ්ඨ මේස පන්දු තරගාවලිය මේ මස (මැයි) 19 වන දා සිට 21 වන දා දක්වා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

නාමයෝජනා 5ක් ඉවතට; ඇමතිගෙන් තහනමක්

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය මේ මස 30 වැනිදා පැවැත්වීමට නියමිත වන අතර..

මෙහි විශේෂත්වය වන්නේ, ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන මෙම අන්තර්ජාතික මට්ටමේ මේස පන්දු තරගාවලිය හරහා ශ්‍රී ලංකා ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් හට තම මව්බිමේ දී ම ජාත්‍යන්තර තරගාවලියක් ක්‍රීඩා කිරීමට හැකි වීම හා නිලධාරීන්ට ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් සංවිධානය කිරීමේ අත්දැකීම් ලබා ගැනීමට හැකි වීමයි. තවද දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවට මේස පන්දුවෙන් ඇති නාමය ප්‍රචලිත කිරීමට ද මෙම තරගාවලිය විශාල රුකුලක් වනු නොඅනුමානයි.

මෙම තරගාවලිය සඳහා ආසියානු හා දකුණු ආසියානු මේස පන්දු සම්මේලන වල පූර්ණ අනුමැතිය හා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ආශීර්වාදය හා අනුග්‍රාහකත්වය ලැබී ඇත.  තවද මෙම තරගාවලිය සංවිධානය කිරීම සඳහා කොළඹ මහා නගර සභාවේ ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනය  ඒකාබද්ධ වී කටයුතු කරයි.

මෙම මේස පන්දු තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය හා මාලදිවයින නියෝජනය කරමින් කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වීමට නියමිතව ඇත. ඔවුන්ට අවශ්‍ය සියලුම නවාතැන් පහසුකම් බර්ජායා හෝටලය මගින් ලබා දෙනු ඇත.

මෙම දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගාවලියට ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 14 දෙන‍ෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වේ.

පැවැත්වීමට නියමිත තරග ඉසව්,

  • වයස අවුරුදු 18න් පහළ කණ්ඩායම් තරග බාලක/ බාලිකා
  • වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම් තරග බාලක/ බාලිකා
  • වයස අවුරුදු 18න් පහළ කේවල තරග බාලක/ බාලිකා
  • වයස අවුරුදු 15න් පහළ කේවල තරග බාලක/ බාලිකා
  • වයස අවුරුදු 18න් පහළ යුගල තරග
  • වයස අවුරුදු 15න් පහළ යුගල තරග

දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගාවලිය ලබන 19 වැනිදා උදෑසන 9.00ට ක්‍රීඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මහතා විසින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී ආරම්භ කරන අතර, සියලුම තරග 19, 20, 21 යන තෙදින උදෑසන 10.00 සිට රාත්‍රි 9.00 දක්වා පැවැත්වේ.

21 වන දා තරගාවලිය නිමා වන අතර, එදින සවස 5.30න් පසුව ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නාම ලේඛනය,

වයස අවුරුදු 15න් පහළ බාලක

  • චන්දූප අලහකෝන් – කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර (කණ්ඩායම් නායක)
  • තිසස් රංචාගොඩ – රාජකීය විද්‍යාලය, කොළඹ
  • දෙව්මිත් වීරසේන – ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලය, නුගේගොඩ

වයස අවුරුදු 15න් පහළ බාලිකා

  • ඩී. එච්. කොළඹගේ – ප්‍රජාපති බාලිකා විද්‍යාලය, අම්බලන්ගොඩ (කණ්ඩායම් නායිකාව)
  • ජිතාරා වර්ණකුලසූරිය – කාන්තා විද්‍යාලය, කොළඹ
  • සදුනි ප්‍රබුද්ධිකා – ප්‍රජාපති බාලිකා විද්‍යාලය, අම්බලන්ගොඩ

වයස අවුරුදු 18න් පහළ බාලක

  • දිනේෂ් කවිශ්ක – විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර  (කණ්ඩායම් නායක)
  • දිසංක තෙන්නකෝන් – ධර්මරාජ විද්‍යාලය, මහනුවර
  • විරුනක හෙන්දහේවා – රාජකීය විද්‍යාලය, කොළඹ
  • නිමේෂ් රංචාගොඩ – රාජකීය විද්‍යාලය, කොළඹ

වයස අවුරුදු 18න් පහළ බාලිකා

  • හංසනී පියුමිලා – විසාඛා විද්‍යාලය, කොළඹ (කණ්ඩායම් නායිකාව)
  • ඉමාශා ද සිල්වා – ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ
  • තනූෂි රොද්‍රිගෝ – මහමායා බාලිකා විද්‍යාලය, මහනුවර
  • චමත්සරා ප්‍රනාන්දු – විසාඛා විද්‍යාලය, කොළඹ

කණ්ඩායම් නිළධාරීන්,

කළමනාකාරිණී – අශෝකමාලා තෙන්නකෝන් මහත්මිය

යෝග්‍යතා පුහුණුකරු හා භෞතික චිකිත්සක – එරන්ද කුමාරතුංග මහතා

පුහුණුකරුවන්

  • ජී.ඩී රත්නසිරි මහතා (ප්‍රධාන පුහුණුකරු)
  • වජිර වික්‍රමසිංහ මහතා
  • බුද්ධික දික්කුඹුර මහතා
  • ඩී.එම්.ජී.එස්.කුමාර මහතා
  • චමින්ද රොශාන් මහතා

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<