ශ්‍රී ලංකාව මේස පන්දුවෙන් ඉතිහාසයට

416

ආසියානු හා දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගාවලිය ඊයේ (19) ගල්කිස්ස ‍ස‍ාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගාවලිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා මේස පන්දු සංගමය විසින් මෙහෙයවනු ලබන දකුණු ආසියානු කලාපීය කනිෂ්ඨ මේස පන්දු තරගාවලිය මේ මස (මැයි) 19 වන දා සිට 21 වන දා දක්වා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය…

ආසියානු හා දකුණු ආසියානු මේස පන්දු සම්මේලනයේ පූර්ණ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනය මඟින් සංවිධානය කෙරුණු මෙම දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගාවලිය 19 වැනි දා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මේ සඳහා කොළඹ මහ නගර සභාවේ ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව විසින් සහයෝගය දක්වනු ඇත.

ජාත්‍යන්තර මට්ටමේ මේස පන්දු තරගාවලියක් ශ්‍රී ලංකාවේ දී පවත්වන පළමු අවස්ථාව මෙය වන අතර මේ සඳහා ශ්‍රී ලංකාව ඇතුළුව ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය සහ මාලදිවයින යන රටවල් සහභාගී විය.

වර්ෂ ගණනාවක් සිට මෙම තරගාවලියේ සංවිධානය ඉන්දියාව විසින් සිදු කළ අතර පසුගිය වසරේ මෙය පකිස්ථානයේ දී සංවිධානය විය. එහි දී ශ්‍රී ලංකාව විසින් රන් පදක්කම් 9ක් දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 15න් පහළ බාලක හා බාලිකා ලෙසත් 18න් පහළ බාලක බාලිකා ලෙසත් අංශ කිහිපයක් යටතේ මෙවර තරගාවලිය ක්‍රියාත්මක වේ.

අවුරුදු 18න් පහළ බාලක

තරග වට ජය
ශ්‍රී ලංකාව මාලදිවයින 3/0 ශ්‍රී ලංකාව
බංග්ලාදේශය ඉන්දියාව 0/3 ඉන්දියාව
පකිස්ථානය බංග්ලාදේශය 3/1 පකිස්ථානය
මාලදිවයින ඉන්දියාන 0/3 ඉන්දියාව

අවුරුදු 18න් පහළ බාලිකා

තරග වට ජය
පකිස්ථානය ශ්‍රී ලංකාව 0/3 ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාව මාලදිවයින 3/1 ශ්‍රී ලංකාව
පකිස්ථානය ඉන්දියාව 0/3 ඉන්දියාව

අවුරුදු 15න් පහළ බාලිකා

තරග වට ජය
මාලදිවයින ඉන්දියාව 0/3 ඉන්දියාව
පකිස්ථානය ඉන්දියාව 0/3 ඉන්දියාව
ශ්‍රී ලංකාව මාලදිවයින 3/0 ශ්‍රී ලංකාව
පකිස්ථානය ශ්‍රී ලංකාව 0/3 ශ්‍රී ලංකාව

අවුරුදු 15න් පහළ බාලක

තරග වට ජය
ඉන්දියාව මාලදිවයින 3/0 ඉන්දියාව
ශ්‍රී ලංකාව පකිස්ථානය 3/0 ශ්‍රී ලංකාව

දිනය අවසන් වන විට ඉන්දියාව හා ශ්‍රී ලංකා කණ්ඩායම් වැඩි දක්ෂතා පෙන්වීමට සමත් විය.

මෙම දකුණු ආසියානු මේස පන්දු තරගාවලියේ සංවිධාන කමිටුවේ ගරු සභාපතිතුමන් ලෙස කටයුතු කරන චන්දන පෙරේරා මහතා පවසා සිටියේ, මෙම තරගාවලිය අපේ රටේ පැවැත්වීමට ලැබීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් ඇතුළු සියලු දෙනා හටම ඉතා වැදගත් වන බවයි.

“මෙම මේසපන්දු තරගාවලිය අපේ රටේ පවත්වන්න ලැබුණු නිසා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ පුහුණුකරුවන්ගේ අත්දැකීම් හා ක්‍රීඩා කෞෂල්‍යයන් මව් රටේ දී ම ප්‍රදර්ශනය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම දෙමාපියන් සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියේ ක්‍රීඩා කිරීමට හැකි වෙලා තිබෙනවා. සංවිධායකයින් ලෙස අපිට මේ තරගාවලිය විශාල අභියෝගයක් වුනා. හේතුව මේස පන්දු වගේ ක්‍රීඩාවකට අපේ රටේ අනුග්‍රාහක භවතුන් හරි අඩුයි. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශයත් ගරු ඇමතිතුමන් අපිත් එක්ක එකතු වෙලා මේ තරගාවලියට අනුග්‍රාහක භවතුන් එකතු කර ගත්තා. ඉතිං අද (19) ආරම්භ වුන මේ තරගාවලිය 21 වැනිදා වන තෙක් පැවැත්වෙනවා. ඒ වගේම ඉතාමත් සාර්ථක ලෙස අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

අද (20) තරගාවලියේ දෙවන දිනයයි.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට