පිහිනුම් ශූරයෝ නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් බිඳ දමති

නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වෙන 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග අද (6) දෙවන දිනටත් පැවැත්වුණා. අද දිනයේ සුවිශේෂම සිදුවීම වුනේ නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් බිහි වීමයි.

නේපාලය පරදවමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ SAG අවසන් තරගයට!

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අද (06) පැවති කාන්තා විස්ස තරගයකින්…

සුපිරි ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ මීටර 50 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරමින්. තත්පර 22.16 කින් ඔහු එම ඉසව්ව නිම කරමින් පෙර පැවති තත්පර 22.16ක වාර්තාව බිඳ දැමුවා.

අකලංක පිරිස් රිදී පදක්කමක් සමඟින්ම නව තරග වාර්තාවක් දිනා ගත්තේ මීටර 200 පසුපස ආර ඉසව්ව 2.01.55ක කාලයකින් නිම කරමින්. එම ඉසව්වෙන් නොනැවතුණු ඔහු මීටර 50 නිදහස් ආර ඉසව්වේ ද ලෝකඩ පදක්කම දිනා ගත්තේ එම ඉසව්ව 22.04කින් නිමා කරමින්. 

තවත් ප්‍රධාන පදක්කම් බලාපොරොත්තුවක් වූ දිලංක ලක්ෂාන් ද රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සමත් වුනා. ඒ මිනිත්තු 16:57.12කින් මීටර 1500 නිදහස් ආර ඉසව්ව නිමා කරමින්.

කාන්තා හා පිරිමි අංශ දෙකෙන්ම අද තවත් ලෝකඩ පදක්කම් පහක් ශ්‍රී ලංකාව සතු වුනා. කවින්ද්‍ර නුගවෙල මීටර 200 පසුපස ආර ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ තියුණු තරගයකින් පසුවයි.ඔහු මිනිත්තු 2:05.74කින් ඉසව්ව නිම කළා.

100×4 අට දෙනාම රන් ශූරයෝ; නිලානි දෙවැනි රන් පදක්කමට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඉසව් හි සිව්වැනි දිනය….

ගංගා සෙනෙවිරත්න කාන්තා මීටර 200 පසුපස ආර ඉසව්ව නිම කළේ මිනිත්තු 2:27.25කින් ඉසව්ව නිම කරමින්. ගංගා තවත් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දෙද්දී, රමුදී සමරකෝන් මිනිත්තු 1:15.54කින් මීටර 100 ළය ආර ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.

පිරිමි මීටර 100 ළය ආර ඉසව්ව මිනිත්තු 1.02:84කින් නිමා කළ කිරන් ජයසිංහ ද ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ සෑහෙන සටනක් දීමෙන් අනතුරුවයි.

SAG තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්නට ක්‍රීඩාවේ ප්‍රමුඛයා සමඟින්.   

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<