මාලදිවයිනට ලෝකඩ පදක්කම දී ශ්‍රී ලංකාව 4 වැනි තැනට

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල - පාපන්දු

117

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා පාපන්දු තරගාවලියේ ලෝකඩ පදක්කම සඳහා වූ තරගය අද (07) ශ්‍රී ලංකා කණ්ඩායම හා මාලදිවයින් කණ්ඩායම අතර පැවති අතර එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කිරීමට මාලදිවයින් කාන්තා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ පරාජය වෙයි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා පිරිමි…..

මෙම වසරේ මුල් භාගයේ පැවති SAFF කාන්තා පාපන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මාලදිවයින කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කළ අතර එම තරගයට ප්‍රබල පිළිතුරක් ලබා දීමට මාලදිවයින මෙම තරගයේ දී සමත් විය. 

තරගයේ පළමු අර්ධය නිමා වන විට මාලදිවයින ගෝල 2-0ක් ලෙස පෙරමුණ ගෙන සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන අර්ධය අවසන් වීමට පෙර එක් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය. 

මෙම ජයග්‍රහණයත් සමඟින් මාලදිවයින තරගාවලියේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි ස්ථානයට පත්විය. 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා දීර්ඝ කාලීන සැලැස්මක් දියත් කර තිබූ අතර එයට සුහද තරගාවලි කීපයක් ඇතුළත් වී තිබුණි. එහි දී ඔවුන් බහරේනය, කටාර් හා ඉන්දුනීසියාව සමඟින් තරගාවලි සඳහා සහභාගි විය.

රත්නබාලාගේ ගෝල ත්‍රිත්වය සමඟින් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහභාගි වූ දෙවන තරගය අද (05) ඉන්දියාව සමඟින් පැවැත්විය. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 6-0ක් ලෙස පරාජය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. 

තරගයේ ආරම්භයේ දී ම ප්‍රබල ආක්‍රමණයක් දියත් කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර ඔවුන්ගේ පළමු ගෝලය වාර්තා වූයේ තරගයේ 7 වැනි මිනිත්තුවේ දී ය. එම ගෝලය ඩන්ග්මෙයි ග්‍රේස් විසින් වාර්තා කළේය. 

SAG – ජූඩ් සුමන් අවසන් මොහොතේ තරගය උණුසුම් කරයි

මෙවර නේපාලයේ කත්මණ්ඩු අගනුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු….

පළමු ගෝලයෙන් මිනිත්තු කීපයකට පසු ඔවුන්ගේ දෙවන ගෝලය ද වාර්තා වූ අතර 10 වැනි මිනිත්තුවේ දී එම ගෝලය වාර්තා කිරීමට සන්ද්‍යා රංගනාතන් සමත් විය. තරගයේ මිනිත්තු 10ක් යාමටත් පෙර ඉන්දීය කණ්ඩායම තරගයේ පෙරමුණ ගෝල 2-0ක් ලෙස ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. 

තරගයේ ඉන්දීය ග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට අවදානම් වූ අතර ඉන්දීය තුන්වැනි ගෝලය වාර්තා වූයේ තරගයේ 18 වැනි මිනිත්තුවේ දී ය. ඒ රත්නබාලා දේවි විසිනි. 

නොනවතින ගෝල ප්‍රහාරයන් තරගයේ පළමු අර්ධය පුරාම පවත්වා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර ඔවුන්ගේ සිව්වැනි ගෝලය ද තරගයේ 25 වැනි මිනිත්තුවේ දී වාර්තා විය. එම ගෝලය සන්ද්‍යා රංගනාතන් විසින් වාර්තා කළ අතර එය ඇයගේ දෙවන ගෝලය විය. තරගයේ පළමු අර්ධය නිමා වූයේ ඉන්දීය කණ්ඩායම ගෝල 4-0ක් ලෙසිනි. 

දෙවන අර්ධයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් අඩුපාඩු නිවැරදි කරගැනීමට උත්සාහ කළ අතර දෙවන අර්ධයේ දී ඉන්දීය කාන්තාවන්ගේ ගෝල දඩයම තරමක් සීමා කිරීමට ඔවුන් සමත් විය. තරගයේ මුල් මිනිත්තු 30 තුල ඉන්දීය කණ්ඩායම ගෝල ලබා ගැනීමට ගත් උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

ඉන්දීය ලකුණු පුවරුවට පස්වැනි ගෝලය එක්වූයේ 88 වැනි මිනිත්තුවේ දී ය. එම ගෝලය රත්නබාලා දේවි විසින් වාර්තා කළ අතර එම ගෝලය ඇය මෙම තරගයේ වාර්තා කළ දෙවන ගෝලයයි. 

ප්‍රබල කණ්ඩායම් රැසකට ජයග්‍රහණ විරහිතයි

එංගලන්ත Premier League තරගාවලියේ හා ඉතාලි Serie A….

තරගයේ නියමිත මිනිත්තු 90 අවසන් වූයේ ඉන්දීය කණ්ඩායමට ගෝල 5-0ක් ලෙස පෙරමුණ හිමිකර දෙමිනි. නමුත් එම ගෝල සංඛ්‍යාව 6ක් දක්වා වැඩි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වූයේ අතිරේක කාලයේ දී තවත් ගෝලයක් වාර්තා කරමිනි. එම ගෝලය ද වාර්තා කිරීමට රත්නබාලා දේවි සමත් විය. ඇය තරගය තුල ගෝල 3ක් වාර්තා කිරීමට සමත් විය. 

අවසන් ලකුණු තත්ත්වය: ඉන්දියාව 06 – 00 ශ්‍රී ලංකාව

ගෝල ලබාගැනීම

  • ඉන්දියාව: දන්ග්මෙයි ග්‍රේස් 7’, සන්ද්‍යා ‍රංගනාතන් 10’, 25’, රත්නබාලා දේවි 18’, 88’, 90+1’

කාන්තා පාපන්දු කණ්ඩායමෙන් අසාර්ථක ආරම්භයක්

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පාපන්දු තරග පසුගිය දා ආරම්භ විය. එම තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ පළමු තරගය අද (03) නේපාලය සමඟින් පැවති අතර එම තරගයේ ජයග්‍රහණය ගෝල 1-0ක් ලෙස ලබා ගැනීමට නේපාලය සමත් විය. 

තරගය නේපාලයේ කත්මණ්ඩු අගනුවර පොකාරා ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. 

SAG – ශ්‍රී ලංකා – මාලදිවයින් තරගය ජය පරාජයෙන් තොරයි

මෙවර නේපාලයේ කත්මණ්ඩු අගනුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු…..

තරගයේ මුල් මිනිත්තු කීපය තුල ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂක පෙළ ඉතා ශක්තිමත් වූ අතර එය බිඳ හෙලීම නේපාල ක්‍රීඩිකාවන්ට අභියෝගයක් විය. 

ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩිකා අයෝමි විජේරත්න තරගයේ කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර නේපාල ක්‍රීඩිකාවන් ගෝල ලබා ගැනීමට ගත් උත්සාහයන් කීපයක් ව්‍යර්ථ කිරීමට ඇය සමත් විය. 

තරගයේ 80 වැනි මිනිත්තුව වන තුරුම කණ්ඩායම් දෙකම ගෝල ලබා නොසිටි අතර තරගය ගෝල නොලබා ජය පරාජයෙන් තොරව අවසන් වන තත්ත්වයක් පැවතිනි. 

ගෝල ලබා ගැනීමට නේපාලය ගත් උත්සාහයක් සාර්ථක කරගැනීමට එම කණ්ඩායමේ සාරු ලිම්බු සමත් වූවාය. ඒ තරගයේ 86 වැනි මිනිත්තුවේ දී ය. 

ඒ අනුව අවසන් මිනිත්තු කීපය තුල තරගයේ පෙරමුණ ගැනීමට නේපාල ක්‍රීඩිකාවන් සමත්වූයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කර දමමිනි. 

තරගය අවසන් වූයේ නේපාල ක්‍රීඩිකාවන්ට ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය හිමිකර දෙමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම වන ඉන්දියාව සමඟින් හෙට (04) තරග වැදීමට නියමිතයි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<