ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සහ ජාතික තරගාවලි කිහිපයක් සහ ක්‍රීඩා අමත්‍යංශය මගින් ක්‍රීඩාවේ යටිතල පහසුකම් දියුණු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (05) ක්‍රීඩා අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විය. 

ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයෝ සුපිරි 8

තෙවැනි ආසියානු පිරිමි වයස අවුරුදු 23න් පහළ වොලිබෝල් ශූරතාවයේ තෙවැනි….

දකුණු ආසියානු ක්‍රීඩා ශූරතාවට ක්‍රීඩකයන් තෝරාගැනීමේ වාරණයක් පනවා ඇති අතර එයින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වන අසාධාරණය සහ එයින් ශ්‍රී ලංකා පදක්කම් සටහනට වන බලපෑම මෙමගින් සාකච්ඡා කළ අතර ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මික මුතුගල මහතා පවසා සිටියේ එය දැනටමත් ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් එය දැනටමත් තහවුරු කර ඇති බවය.

දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩකයන්ගේ පහසුකම් ඉහල මට්ටමක තබා තිබෙන බව අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පැවසූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එහි දී ශ්‍රී ලංකා ආහාර ලබා දීමට බලාපොරොත්තු වන බව එතුමා වැඩිදුරටත් පවසා සිටියේය.

ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තු කෙමෙන් කෙමෙන් ගිලිහි යන කාල වකවානුවක ඔලිම්පික් බලාපොරොත්තු ඔප්නැන්වීම සඳහා ඉදිරි වසර තුල සැලසුම් සකසන බව එතුමන් පවසා සිටි අතර යොවුන් මලල ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය කිරීම සඳහා ද වැඩකටයුතු සකස් කරන බව එතුමන් පවසා සිටියේය.

Video – SAG වලට ලංකාවෙන් Technical officersලා 150ක්

ශ්‍රී ලංකා SAG සංචිතයේ නිලධාරී සංයුතිය, තරගාවලියට ඇති සූදානම…..

ශ්‍රී ලංකාවට යොවුන් ඔලිම්පික් පදක්කමක් දිනා දුන් පාරමී වසන්ති ක්‍රීඩිකාවගේ ඉදිරි අනාගතයේ මලල ක්‍රීඩා හැකියාව වර්ධනය කිරීම සඳහා කෙන්යාවෙන් පුහුණුකරුවෙක් ගෙන්වා පුහුණුවීම් සිදු කරන බව ඔවුන් පවසා සිටියේය. ඒ පිළිබඳ ThePapare.com නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන්  අධ්‍යක්ෂක ජෙනරාල්වරයා,

“එයා කෙන්යානු ජාතික පුහුණුකරුවෙක්, අපි එයාව ගේන්නේ යොවුන් මලල ක්‍රීඩකයන් හතර දෙනෙකු මුල් කරගෙන, අපි එයාට කියලා තියන්නේ තව පාරමී වගේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකරන්ඩ කියල.” 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<