කමිඳුගේ ප්‍රවේගකාරී ශතකයෙන් SAG උළෙල හැඩවෙයි!

76

යොවුන් පිතිකරු කමිඳු මෙන්ඩිස් වාර්තා කළ විශිෂ්ට ශතකය නිසාවෙන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අඛණ්ඩව තෙවැනි ජයත් වාර්තා කර ගැනීමට අද (05) ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට හැකි විය. ඒ මාලදිවයින් කණ්ඩායම ලකුණු 98කින් පහසුවෙන්ම පරාජය කරමිනි. 

SAG2019 – හර්ෂිතා – සත්‍යාගේ ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාවෙන් වාර්තාගත ලකුණක්!

දකුණු ආසියානුකරයේ ක්‍රීඩා තරු එකිනෙක ගැටෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ විස්සයි විස්ස ක්‍රිකට් තරග……

කීර්තිපූර් හිදී පැවති අද තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් වූ අතර සංචාරය පුරාවටම දස්කම් අතර සිටි පිතිකරුවන්ට නැවත වරක් සුපුරුදු නාටකය රඟ දැක්වීමට ඔහු අවස්ථාව උදාකර දුන්නේය. 

ඒ අනුව තම නායකයා බලාපොරොත්තු වූ පරිදිම ලකුණු 192ක විශාල ලකුණු පුවරුවක් ගොඩ නැගීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ. ඒ නියමිත පන්දුවාර 20 තුල දී කඩුලු 4ක් පමණක් අහිමි කර ගනිමිනි.

කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවෙන් අඩකටත් වඩා තනිවම රැස්කළ කමිඳු මෙන්ඩිස් අද ශ්‍රී ලංකාවට පහසු ජයක් හිමිකර දීමට පෙරමුණ ගත් පෙරගමන්කරුවා බවට පත්විය. පන්දු 54කට පමණක් මුහුණ දුන් කමිඳු අද ලකුණු 102ක් රැස් කළේ මනරම් හතරේ පහර 10ක් සහ දැවැන්ත හයේ පහර 3ක් සමඟිනි. කවදත් නිවැරදි තාක්ෂණය සමඟින් විශාල පහරවල් කරා යාමට ප්‍රිය කරන ඔහුගේ අද ප්‍රහාරක වේගය 188.88ක ඉහළ අගයක් ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් මීළඟ පුහුණුකරුවා ස්ථීරයි

හිටපු දකුණු අප්‍රිකානු, ඕස්ට්‍රේලියා හා පකිස්තාන පුහුණුකරු මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන…

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි මාලදිවයින් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු මොහොමඩ් රිශ්වාන් පන්දු 23ක දී ලකුණු 29ක් රැස් කළ ද අනෙක් පිතිකරුවන් කිසිදු සටනක් ලබා නොදුන් නිසා මාලදිවයිනට දැවැන්ත පරාජයක් උරුම විය. රිශ්වාන්ට අමතරව ලකුණු 10 සීමාව හෝ පසුකර ගියේ මොහොමඩ් අසාම් (12) සහ ඊබ්‍රහිම් හසන් (11) පමණි. 

සුපිරි පන්දු යැවීමක යෙදුණු දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් තම පන්දුවාර 4 නිමා කළේ ප්‍රතිවාදීන්ට ලකුණු 9ක් පමණක් ලබා දෙමිනි. ඒ අතරතුර ඔහු මාලදිවයින් වැඩිම ලකුණු ලාභියා වූ මොහොමඩ් රිශ්වාන් සහ අහමඩ් හසන්ව ක්‍රීඩාගාරයට හරවා යැවීය. මීට අමතරව දකුණත් වේග පන්දු යවන්නන් වන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සහ කවිශ්ක අංජුල ද කඩුලු 2 බැගින් දවා ගත්හ. ඒ අනුව පන්දුවාර 20 අවසන් වන විට මාලදිවයින ලබා සිටියේ කඩුලු 9කට ලකුණු 94ක් පමණි.

කොළඹ සිට මහනුවරින් වැඩ පෙන්වා නේපාලයට ගිය “හර්ෂිතා”

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් පළාත් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පසුගිය දා අවසන් වූයේ ශ්‍රී ලංකා……

තරගයේ වීරයා සම්මානය අවිවාදයෙන්ම විශිෂ්ට ශතකයක හිමිකරු බවට පත්වූ කමිඳු මෙන්ඩිස්ට හිමි විය. මේ වන විට ශ්‍රී ලංකාව SAG ක්‍රීඩා උළෙලේ පිරිමි අංශයේ ක්‍රිකට් තරගවල ඉදිරියෙන්ම සිටින්නේ ප්‍රසාද ලකුණු 6ක් දිනා ගනිමිනි. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය ලබන 8 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම – කඩුලු 4ක් දැවී ලකුණු 192 (පන්දුවාර 20): කමිඳු මෙන්ඩිස් 102, අශේන් බණ්ඩාර 26*, ශම්මු අශාන් 22, පැතුම් නිස්සංක 16, චරිත් අසලංක 12, නිශාන් මධුශ්ක 7, ඉබ්‍රහිම් රිසාන් 1/17, අසියාන් ෆර්හත් 1/27.

මාලදිවයින් කණ්ඩායම – කඩුලු 9ක් දැවී ලකුණු 94 (පන්දුවාර 20): මොහොමඩ් රිශ්වාන් 29, මොහොමඩ් අසාම් 12, ඊබ්‍රහිම් හසන් 11, අලි ඉවාන් 8, උමාර් ඇඩම් 7, නිශාන් පීරිස් 2/9, අසිත ප්‍රනාන්දු 2/14, කවිශ්ක අංජුල 2/21.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<