රට හරහා දිවීමේ දකුණු ආසියානු තරගාවලිය ශ්‍රී ලංකාවේ දී

72

දෙවන දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. මෙම තරගාවලිය එළඹෙන පෙබරවාරි 15 වැනිදා නුවරඑළියේ දී පැවැත්වීමට නියමිතය. 

ඔලිම්පික් පහස විඳගැනීමට මඟ බලා සිටින අප්‍රිකානුවන්

1896 වසරේ ග්‍රීසියේ ඇතැන්ස් නුවරින් ආරම්භ වූ නූතන ඔලිම්පික් වංශකතා පොතේ මේ දක්වා…

මෙම තරගාවලිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන අතර එයට ක්‍රීඩා අමාත්‍යාංශය අනුග්‍රහය දක්වයි. පළමු දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලිය 2018 වසරේ දී භූතානයේ දී පැවති අතර එහි දී ශ්‍රී ලංකාව පදක්කම් 4ක් දිනා ගැනීමට සමත් විය. 

ශ්‍රී ලංකාව නියෝජනය කළ නිලානි රත්නායක හා ලයනල් සමරජීව ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත් අතර කාන්තා කණ්ඩායම රන් පදක්කම ජයග්‍රහණය කළේය. පිරිමි කණ්ඩායමට හිමි වූයේ ලෝකඩ පදක්කමයි. 

2020 මලල ක්‍රීඩාවට කොහොම ද?

2020 වසර සඳහා වන මලල ක්‍රීඩා කාලසටහන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් පසුගියදා නිකුත් කෙරුනි…

සමස්ත ලංකා රට හරහා දිවීමේ තරගාවලිය වාර්ෂිකව නුවරඑළියේ දී පැවැත්වේ. මේ සඳහා නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය යොදා ගන්නා අතර එය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක් ලෙස සැලකේ. ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ සත්කාරකත්වය ලබා ගැනීම සඳහා දිගු කාලයක සිට උත්සාහ කර තිබිණි. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට <<