ලෝක කුසලානයේ දකුණු අප්‍රිකානු ශාපය

2222

දකුණු අප්‍රිකාව මෙවර ලෝක කුසලානයේදී දැක්වූ අසාර්ථකත්වය බොහෝදෙනාගේ අවධානයට යොමු විය. මුල් තරග 3ම පරාජය වීමෙන් අනතුරුව දකුණු අප්‍රිකාව සිව්වන තරගය ඇෆ්ගනිස්තානය හමුවේ ජයග්‍රහණය කළ අතර ඔවුන් මුහුණදුන් පස්වන තරගය නැවතත් පරාජය වීමට සිදුවීම දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන සිහිනය බ්‍රසීලයේ බොඳ කිරීමට හේතු විය.

“ඩිවිලියර්ස් ප්‍රමාද වුනා වැඩියි” – දකුණු අප්‍රිකානු පුහුණුකරු

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු සංචිතයට ඒ. බී. ඩිවිලියර්ස්ව තෝරා….

වසර 20 කට පෙර එනම් 1999 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව මුහුණදුන් පසුබෑම මෙවරද දක්නට ලැබීම විශේෂත්වයකි.

දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන බලාපොරොත්තුව බිඳවැටීමට හේතු වූයේ නවසීලන්තය සමඟ පැවති තරගය කඩුලු 4 කින් පරාජය වීමත් සමඟයි. 1999 වසරේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා ප්‍රමාණවත් ලකුණු වේගයක් රඳවා ගැනීමට නොහැකි වීම නිසාවෙනි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය තරග 9 කින් සමන්විත වන නිසාත්, දකුණු අප්‍රිකාව මේ වනවිට තරග 6 ක් ක්‍රීඩා කර ඉන් ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණක් වීම නිසාත් ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් මීළඟ තරග 3දී ප්‍රබල දස්කම් දැක්විය යුතුවේ.

පසුගිය බදාදා නවසීලන්තය සමඟ පැවති තරගයේදී දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහරදුන් අතර එහිදී ඔවුන් ලබාගත්තේ කඩුලු 6 දැවී ලකුණු 241 ක් පමණි. එම තණතීරුව පිතිකරුවන්ට එතරම් සුභදායක නොවූ අතර නවසීලන්තයටද එම ඉලක්කය පසුකර යාමට පන්දුවාර 49ක් ගතවිය. නවසීලන්ත නායක කේන් විලියම්සන් නොදැවී 106 ක් ලබාගැනීමට සමත්විය.

දකුණු අප්‍රිකානු හිටපු ප්‍රවේගකාරී පිතිකරුවෙක් වන ඒ. බී. ඩිවිලියර්ස් නැවත කණ්ඩායමට පැමිණීමට විමසා ඇති බව ප්‍රසිද්ධ වීමත් සමඟම ඔහුගේ ක්‍රීඩා ලෝලීන් ප්‍රබල අප්‍රසාදයක් පළකර ඇත. දකුණු අප්‍රිකානු තේරීම් කමිටුව කියා සිටියේ ඩිවිලියර්ස්ගේ එම යෝජනාව ඉදිරිපත් කිරීමට ඇතිවූ ප්‍රමාදය නිසා ඔහුව ඇතුළත් කර ගැනීමට නොහැකිවූ බවයි.

“කේන්ගේ ඉනිම විශිෂ්ටයි.” තරගයෙන් අනතුරුව ඩූ ප්ලෙසිස් කියා සිටියා.

“ඒක තමයි මම හිතන්නේ කණ්ඩායම් දෙකේ වෙනස. එක ක්‍රීඩකයෙක් හොඳින් ක්‍රීඩා කළා. එහෙම ක්‍රීඩකයෙක් අපිටත් අවශ්‍යයි. ඒක කරන්න බැරි වුනා.”  

මෙම ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේ අසාර්ථකම ලෝක කුසලානය ලෙස හැඳින්වීමේ වරදක් නැති අතර පසුගිය බදාදා පැවති තරගයේදී ඔවුන්ට යම් අවස්ථාවක් තිබූ බව නම් පෙනෙන්නට තිබිනි. කණ්ඩායම් දෙකටම දෝලනය වෙමින් තිබූ තරගය නවසීලන්තයට හරවා ගැනීමට විලියම්සන් ගේ ඉනිම හේතුවිය. නවසීලන්ත නායකයා අතිවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර දකුණු අප්‍රිකානු ලෝක කුසලාන භීතිය තවත් වැඩිකිරීමට සමත්විය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලෝක කුසලාන ශාපයේ ආරම්භය වේගපන්දු ‍යවන ඩේල් ස්ටෙයින්ගේ ආබාධයත් සමඟින් ආරම්භ වූ අතර තරගාවලිය ආරම්භ කරමින් එංගලන්තය සමඟින් තරග වැදීමට සිදුවීම නිසා දකුණු අප්‍රිකානු කණ්ඩායමට එල්ල වූ අභියෝගය විශාලය. දෙවන තරගය සඳහා ඔවුන් ඉන්දියාව සමඟින් ක්‍රීඩා කළේය. ආරම්භක තරග දෙකම ප්‍රබල ප්‍රතිවාදීන් සමඟින් තරග වැදීම නිසා එතරම් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට දකුණු අප්‍රිකාවට නොහැකිවිය.

විලියම්සන් දකුණු අප්‍රිකානු බලාපොරොත්තු සුන් කරයි!

2019 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර….

තරගාවලියේ තුන්වන තරගය බංග්ලාදේශය සමඟින් ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව එම තරගය පරාජය වූයේ ලකුණු 21 කිනි. එහිදී බංග්ලාදේශය ලකුණු 330 ක් ලබාගැනීමට සමත්විය. නායක ඩූ ප්ලෙසීස් ලකුණු 62 ක් වාර්තා කරමින් අවශ්‍ය ආරම්භය ලබාදුන් නමුත් එම කාර්යභාරය පවත්වාගෙන යාමට අනෙකුත් ක්‍රීඩකයන් අසමත් විය.

පසුගිය බදාදා පැවති තරගයේදී නවසීලන්ත නායක කේන් විලියම්සන් ලකුණු 76 ක් ලබා සිටියදී ඉම්රාන් තහීර්ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් හට උඩ පන්දුවක් ලබාදුන්නද විනිසුරුගේ තීරණය වූයේ එය දැවීයාමක් නොවන බවයි. කෙසේවෙතත් දකුණු අප්‍රිකාව විනිසුරු තීරණය අභියෝගයට ලක් නොකළ අතර පසුව එය උඩ පන්දුක් බව දක්නට ලැබිනි.

“මම ඒ වෙලාවේ ඈතින් පන්දු ‍රැක්කේ. ක්වින්ටන් තමයි ළඟ හිටියේ. ඒත් මම හිතන්නේ නෑ ඒක තමයි අපේ පරාජයට හේතුව කියලා.” ඩූ ප්ලෙසීස් කියා සිටියේය.

මෙම ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගේම අවසන් ලෝක කුසලානය වනු ඇත. ඒ අතරින් ෆෆ් ඩූ ප්ලෙසීස් සහ හෂිම් අම්ලා ප්‍රධාන තැනක් ගනී. එංගලන්තය සමඟ පැවති තරගයේදී ජොෆ්‍රා ආචර් යැවූ බවුන්සර් පන්දුවක් හිසේ වැදීම නිසා හෂිම් අම්ලාට තරගයෙන් ඉවත්වීමට සිදුවූ අතර ඔහු තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැත.

“අපි අපේ පිතිකරුවන් දෙස බැලුවොත් අපිට හොඳ පිතිකරණ ලැයිස්තුවක් ඉන්නවා. ඒත් අපේ මුල් ක්‍රීඩකයන් 6 දෙනා අනෙක් කණ්ඩායම් එක්ක සැසඳුවොත් අපි එතරම් ඉදිරියෙන් නෑ.”  

දකුණු අප්‍රිකානු කණ්ඩායම මීළඟ තරගය ජුනි මස 30 වනදා පාකිස්තානය සමඟින් තරග වැදීමට නියමිතය.

දැවැන්ත ශතකයක් සමඟින් වෝනර් වීරයා වෙයි

This clip will only be available in Sri Lanka for viewing up to 3 days from the date of….

2019 ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<