ක්‍රිකට් පිටිය අතික්‍රමණය කළ ‘සූලු’ වීරයා

159
Lance Klusner
@Getty Images

එවර ලෝක කුසලාන තරගාවලියේ සුවිශේෂීම දස්කම් අතර සිටි ක්‍රීඩකයා ඔහුය. ලෝක කුසලාන අවසන් මහා තරගය තිබුණේ ඔහුගේ දෑස මානයයේය. නමුත් ඒ සියල්ල බොඳ වීමට වැඩි වෙලාවක් ගත වූයේ නැත.

“මට එදා පොඩ්ඩක් ඉවසන්න තිබුණා කියල හිතෙනවා”

1999 ලෝක කුසලානයෙන් විසි අවුරුද්දකට පසු ලාන්ස් ක්ලූස්නර් නම් ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව්වම මැනවින් හුරු දකුණු අප්‍රිකානුවා කියන්නේය.

ක්ලූස්නර් මේ කියන්නේ 1999 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගය ගැනය. දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති මෙම තරගය නිමාව දුටුවේ ලකුණු සමාන වීමෙනි. නමුත් දකුණු අප්‍රිකාවට අවසන් මහා තරගයට පිවිසෙන්නට එය ප්‍රමාණවත් වූයේ නැත. 

තරග සම කරන කලාවේ පිකාසෝ – තිලාන් සමරවීර

නවසීලන්තය සමඟ පැවති අවසන් ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ට..

එවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම ලෝක කුසලානයට සමුදෙන අවස්ථාවේ එදා ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානුවන් අවසන් තරගයට ගොස් පාකිස්තානුවන් අතින් ලෝක කුසලානය ඩැහැගත්තේය. තරගය අවසන් වන විට එක් අන්තයක ක්ලූස්නර් නම් විරුවා හුදකලා සටනක නිරත වෙමින් දකුණු අප්‍රිකාව වෙනුවෙන් සටන් කරමින් සිටියේය.

“ඒක තමයි අවස්ථාව. කෙනෙක් කියන්න පුළුවන් පොඩ්ඩක් ඉවසන්න තිබුණා නේද කියල. ඉතිරි පන්දු දෙක හොඳ යෝකර් පන්දු දෙකක් වෙන්නත් ඉඩ තිබුණා. ඒ එක ලකුණ ලබා ගැනීමට නොහැකි වීම ගැන මම හිටියේ ගොඩක් තරහින්. නමුත් දැන් හිතෙනවා පොඩ්ඩක් ඉවසන්න තිබුණා කියල. ඒක තමයි මේ ක්‍රීඩාවේ තියන ලස්සන.” ක්ලූස්නර් වැඩි දුරටත් කියනේය.

1971 වසරේ සැප්තැම්බර් හතර වැනිදා ඩර්බන්හීදී උපත ලද ලාන්ස් ක්ලූස්නර් අනූව දශකයේ මැද ක්‍රිකට් ලොව දිග්විජය කළ දකුණු අප්‍රිකානු තුන් ඉරියව් තුන් කට්ටුවෙන් එකෙකි. සූලු භාෂාව මැනවින් හැසිරවීමට තිබූ හැකියාව නිසා ඔහුට සූලු යන අන්වර්ථ නාමය පටබැඳී තිබුණි.

ක්ලූස්නර් ගැන බොහෝ ක්‍රිකට්ලෝලීන්ට මතක ඇත්තේ 1999 ලෝක කුසලානය පුරාවටම දැක්වූ සුවිශේෂි දස්කම් නිසාවෙනි. දකුණු අප්‍රිකානුවන් ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් නොලැබුවද මෙම දස්කම් නිසාම තරගාවලියේ වීරයා සම්මානය ලැබුණේ අප කතානායක ලාන්ස් ක්ලූස්නර්ටය.

1999 ලෝක කුසලානයට පැමිණි අති ප්‍රවේගකාරි ක්ලූස්නර් නම් සුනුවිසුනු කරන්නා බිහි වීම පිටුපස අපූරු කතාවක් නැත්තේ ද නොවේ.

1998 දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී ක්ලූස්නර්ගේ පාදයේ වළලුකර ආබාධයකට ලක්විය. මෙම ආබාධය ක්ලූස්නර් කෙටි කලකට ක්‍රීඩාවෙන් ඈත් කර තැබීමට සමත් විය. සංචාරය මැද නැවත දකුණු අප්‍රිකාව බලා පියාසර කළ ක්ලූස්නර් සිටියේ තරමක සිත් වේදනාවකිනි. ඔහු ඒ වේදනාව පිට කර ගැනීමට අපූරු ක්‍රමයක් තෝරා ගත්තේය.

ඩොනල්ඩ් ඩක්ට උපත දුන් බ්‍රැඩ්මන්

ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් යනු එතෙක් මෙතෙක් ක්‍රිකට් ක්‍රීඩාවට බිහි වූ හොඳම…

ඔහු පන්දු යැවීමේ යන්ත්‍රයක් වෙතට ගොස් පන්දුව තමාගේ පාදය කිට්ටුවෙන් පතිතවන ආකාරයෙන් එල්ලය සකසා ගත්තේය. පහළින් ඇදී එන ෆුල්ටෝස් පන්දුවට සහ හාෆ් වොලී පන්දුවලට හැකි වෙර යොදා වේගයෙන් පහර දුන්නේය. දිනකට මේ ආකාරයෙන් පන්දු 500 හෝ 600ක් ක්ලූස්නර්ගේ ප්‍රහාරයට ලක්විය.

ඉතිහාසයේ කිසිදු පිතිකරුවෙකු ඒ අකාරයෙන් පන්දුවට පහර දීමට පුහුණු වී තිබුණේ නැත. ප්‍රහාරය එල්ල කළ යුතු ආකාරය සහ එල්ල කළ යුතු අන්දම ක්ලූස්නර් හොඳින්ම දැන සිටියේය.

ක්ලූස්නර්ගේ වළලුකර ආබාධය ඔහුගේ නව ක්‍රීඩා විලාශයට සියයට සීයක් වග කියූ බවට සැකයක් නොවීය.

“අන්තිමට ඒක පුරුද්දක් වුනා. අවස්ථාවක් ලැබෙන සෑම විටම පන්දුවට හැකි වෙර යොදා පන්දුවට පහර දුන්නා.” ක්ලූස්නර් තම අලුත් පන්දුවට පහර දීමේ ක්‍රමය ගැන ඒ දිනවල කිව්වේ එහෙමය.

ලෝ ප්‍රකට ටෙනිස් ක්‍රීඩක ඇන්ඩ්‍රේ අගාසි වරෙක පවසා තිබුණේ ඔහු කුඩා කල තමන්ගේ පියා ටෙනිස් පන්දු 2500කට පමණ අනිවාර්‍යයෙන්ම පහර දීමට සැලැස්වූ බවයි. ඒ ආකාරයෙන්ම ක්ලූස්නර් ද දිනපතා පන්දුවාර සීයකට ආසන්න ප්‍රමාණයක් පන්දු යැවීමේ යන්ත්‍රය ඉදිරිපිට සිට පන්දුවට රිදෙන්නට පහර දීමට පුරුදු පුහුණු විය.

ක්ලූස්නර් පුහුණුවේ තරම කෙතරම් ද යත්, ලෝක කුසලානයේ කිසිදු කණ්ඩායමක කිසිම පන්දු යවන්නෙකුට ඔහුගේ පිත්ත මෙල්ල කිරීමට ලැබුණේ නැත.

අපේ ඉලක්කය ඔබේ කණ්ඩායම නොවේ – දෙවැනි කොටස

1992 නොවැම්බර් මාසයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය ඉදිරිපිට නාවික…

අවසන් පන්දුවාර කිහිපයේ දැඩිව පන්දුවට පහර දීමේ ක්‍රමය බොහෝ රටවල් අත්හදා බලන්නට බොහෝ කලකට පෙර ක්ලූස්නර් එවැන්නක් පිළිබඳව දැන සිටියේය.

තරගාවලිය පුරාවටම ක්ලූස්නර් ලකුණු 281ක් රැස් කලේ පන්දු සීයකට ලකුණු 163ක ප්‍රහාරක වේගයක් රඳවා ගනිමිනි. ප්‍රතිවාදී කණ්ඩායම්වලට ඔහු දවා ගන්නට ලැබුණේ යාන්තම් අවස්ථා දෙකක දී පමණි. 

1999 ලෝක කුසලානයේ ඔහු ක්‍රීඩා කළ තරග නමයකින් හතරක දී තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට ක්ලූස්නර් සමත් විය. පිතිහරඹයට අමතරව පන්දුවෙන් කඩුලු 17ක් දවා ගැනීමට ද දකුණු අප්‍රිකානු තුන් ඉරියව්වා සමත් විය. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අනභිභවනීය දස්කමක් විය.

ටෙස්ට් තරග 49ක දී දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කළ ක්ලූස්නර් තම තරග දිවිය තුළ දී පිත්තෙන් ලකුණු 1906ක් රැස් කළේය. ඒ වෙනුවෙන් ශතක හතරක් ද ඇතුළත් විය. ටෙස්ට් තරගවල පන්දු යැවීමේ දී කඩුලු 80ක් දවා ගැනීමට ද ක්ලූස්නර් සමත් විය.

ලාන්ස් ක්ලූස්නර් වඩාත් සාර්ථක වූයේ එක්දින තරග රටාවේ දී ය. තරග 171ක් තුළ ලකුණු 3576ක් රැස් කිරීමට ද, පන්දුවෙන් කඩුලු 192ක් දවා ගැනීමට ද අප කතානායක දකුණු අප්‍රිකානුවා සමත්කම් දක්වා තිබුණි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<