දකුණු අප්‍රිකානුවෝ ලෙහෙසියෙන් ම සිම්බාබ්වේ පරාජය කරයි

96

පොචෙෆ්ස්ට්රූම් සෙන්වේස් උද්‍යාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (12) නිමා වූ දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.

කවාජා හා පේන් ඕස්ට්‍රේලියාව බේරාගනී

පාකිස්තානය හා ඕස්ට්‍රේලියාව අතර ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (11) ජය පරාජයෙන් තොරව නිමා විය. තරගයේ පළමු….

ඒ අනුව තරග 3කින් සමන්විත දකුණු අප්‍රිකා සහ සිම්බාබ්වේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් නිමාවේ දී 2-0ක් සේ තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලිය ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ ක්‍රීඩකයෝ තම ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 132ක් ලබා ගත්තේ ප්‍රතිවාදීන්ගේ ප්‍රබල පන්දු යැවීම හමුවේ පීඩනයට ලක් වෙමිනි. එහි දී මැද පෙළින් පිටියට පිවිසි ෂෝන් විලියම්ස් විසින් ලබා ගත් ලකුණු 41 නොවන්නට සිම්බාබ්වේ ක්‍රීඩකයන්ගේ ඉනිම මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි.

විලියම්ස් පන්දු 28කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් තම ඉනිම ගොඩ නැගුවේ ය. ඊට අමතරව බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 35ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තේ ය. ආරම්භක පිතිකරු හැමිල්ටන් මසකඩ්ෂා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 21කි.

පන්දු යැවීමේ දී ලුන්ගි නිගිඩි, ඩැනි පීටර්සන් සහ රොබට් ෆ්‍රයිලින්ක් කඩුලු 2 බැගින් දවා ගත් අතර ඉතිරි කඩුල්ල ටබ්‍රයිස් ශම්සි හට හිමි විය.  

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා T20 සංචිතය නම් කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා……

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගයේ තවත් පන්දු  28ක් ඉතිරිව තිබිය දී තම ඉලක්කය කරා ගියේය. ආරම්භක කඩුල්ල තරමක් වේලාසනින් දැවී ගිය ද අනෙකුත් කඩුලුවල දී පැවති සබඳතා හේතුවෙන් දකුණු අප්‍රිකානුවන්ගේ ඉනිමේ දැවී ගිය කඩුලු සංඛ්‍යාව වූයේ 4කි.

එහි දී ජීන් පෝල් ඩුමිනි පන්දු 26ක දී නොදැවී ලබා ගත් ලකුණු 33 ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඇතුලත්ව තිබුණි. ඔහුත් සමඟ තරගය නිමා වෙන විට අනෙක් අන්තයේ රැඳී සිටියේ ඩේවිඩ් මිලර් ය. ඔහු පන්දු 13කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟ ලබා සිටි ලකුණු සංඛ්‍යාව 19කි.

ඊට අමතරව ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් ලකුණු 26ක් ලබා සිටියේ ය. ඔහුගේ ඉනිමේ හතරේ පහර 3ක් සහ හයේ පහරක් තිබුණි. පන්දු යැවීමේ දී ෂෝන් විලියම්ස් ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත් අතර ක්‍රිස් මොපොෆු සහ බ්‍රෙන්ඩන් මවුටා කඩුල්ල බැගින් දවා ගත්හ.   

මාරිස් ස්ටෙලා හමුවේ සාන්ත ජෝසප් පසුබසියි

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ……

සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් දෙදෙනා වූ ෂෝන් විලියම්ස් සහ බ්‍රෙන්ඩන් ටේලර් දවා ගත් ඩැනී පිටර්සන් තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි.

සිම්බාබ්වේ; කඩුලු 7ක් දැවී 132 (20.0): හැමිල්ටන් මසකඩ්ෂා 21, බ්‍රෙන්ඩන් ටේලර් 29, ෂෝන් විලියම්ස් 41, ලුන්ගි නිගිඩි 2/36, ඩැනි පීටර්සන් 2/22, රොබට් ෆ්‍රයිලින්ක් 2/20

දකුණු අප්‍රිකාව; කඩුලු 4ක් දැවී 135 (15.4): කුයින්ටන්ඩි කොක් 26, ජින් පෝල් ඩුමිනි නොදැවී 33, හෙන්රිච් ක්ලසීන් 22, ඩේවිඩ් මිලර් නොදැවී 19 , සීන් විලියම්ස් 2/25

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ මස 14 වැනිදා බෙනෝනි හිදී පැවැත්වීමට නියමිත අතර එම තරගයේ ද උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<