බැඳීම් අලුත් කරමින් ජය මාවත විවර කළ SSC මිතුදම

2085
South Africa Vs Sri Lanka Second Test Match 2018

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනය වූ ඊයේ (20) දිනයේ දී දිමුත් කරුණාරත්න හා ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 116ක් රැස් කරගනිමින් සාර්ථක ආරම්භක සබඳතාවයක් පවත්වාගනු ලැබුවා. මෙහි පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 277ක් ලබාගත්තා.

මැදපෙළ අසාර්ථක වෙද්දී දනංජයගෙන් පැන් පොදක්

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගාලු පිටියේ පැවති පළමු ටෙස්ට් තරගය දින දෙක හමාරකින් පමණ අවසන් කළේ ලකුණු 278ක දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරගනිමිනි. තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන සහ අවසන් තරගය සඳහා අවතීර්ණ වූයේ කිසිදු පීඩනයකින් තොරව බව නොරහසක් වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය සුළුවෙන් තැකීමට නොහැකි වන්නේ මේ තරගයේ ප්‍රතිඵලය මත තරගාවලියේ ජයග්‍රහණය හෝ තරගාවලියේ සම වීම තීරණය වන නිසයි.

පුරා වසර 8කට ආසන්න කාලයක් තිස්සේ පළමු සිය පෙළ ක්‍රිකට් සමාජය වූ SSC ක්‍රිකට් සමාජ පිටියේ තණතීරුව හොඳින් කියවා තිබෙන වමත් පිතිකරුවන් දෙදෙනක් වන ධනුෂ්ක ගුණතිලක හා දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය ලෙස පළමු වරට ක්‍රීඩා කළේ පසුගිය 12 වනදා ආරම්භ වූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලියේ දීය. ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේ දී දැක්වූ යම් යම් දුර්වලතා නිසාවෙන් ඔවුන් දෙදෙනාගේ සබඳතාවය තරගය තුළ ඉදිරියට පවත්වාගෙන  යාමට නොහැකි විය. එහි පළමු ඉනිමේ ලකුණු 44ක සබඳතාවයක් ගොඩනැංවූ ඔවුන් දෙදෙනා දෙවන ඉනිමේ ආරම්භක කඩුල්ල සඳහා වන සබඳතාවය ලකුණු 51ක් දක්වා රැගෙන ගියේ තමන්ගේ රිද්මය දෙදෙනා විසින්ම හඳුනාගෙන ඇති බවට ක්‍රමයෙන් ඉඟි පළ කරමිනි.

ඊයේ ආරම්භ වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගත් ගුණතිලක – කරුණාරත්න සුසංයෝගය පෙර තරගයේ වූ අඩුපාඩු අත්වැරදීම් බොහෝමයක් දුරට මගහරවා ගනිමින් පන්දුවට පහර දුන් අතර කරුණාරත්න හා ගුණතිලක ලොව අංක 1 ටෙස්ට් පන්දු යවන්නා වන කගීසෝ රබාඩා, ඩේල් ස්ටේන් වැනි දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන්ගේ පන්දු සංකලනය හමුවේ ඉතාමත් හොඳින් පන්දු තෝරා බේරාගෙන පන්දුවට පහරදුනි. විශේෂයෙන්ම බවුන්සර් පන්දු හා කඩුල්ලෙන් පිටතට ඇදී යන කෙටි  පන්දු නිදැල්ලේ හැරීමට කරුණාරත්නගේ පිත්ත දෙවරක් නොසිතූ බව අපට මේ ඉනිම තුල හොඳින්ම පෙනෙන්නට විය.

“මට ඩේල් ස්ටේන් එවූ බවුන්සර් පන්දුව අතහරින්න ඕනේ වුනේ. නමුත් අත්වැරදීමකින් පන්දුව හොඳින් පිත්ත සමඟ ගැටුණා. බංගලාදේශයේ ක්‍රීඩා කරද්දී මම පන්දු යවන්නන්ව ආක්‍රමණය කළා. මම හිතන්නේ ඒ නිසා තමයි මේ ආක්‍රමණශීලී බව ලැබුණේ. මම ඊළඟ වතාවේ ඉතා පරිස්සමින් ඔහුගේ කෙටි පන්දු නිදැල්ලේ යන්න හරිනවා.” ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගය අවසානයේ දී මාධ්‍ය හමුවේ කරුණාරත්න පවසා සිටිය අතර දෙවැනි තරගයේ දී එම ප්‍රකාශය ඔප්පු කරමින් ඔහු ඉතා සුපරික්ෂාකාරීව ක්‍රීඩා කළේය.

ඉන්දීය යෞවනයෝ වේලාසනින්ම තරගය අවසන් කරති

කොළඹ එන්. සී. සී. පිටියේ දී නිමා වූ ඉන්දු – ශ්‍රී ලංකා පළමු යොවුන් සිව්දින ක්‍රිකට්

පළමු තරගයේ වීරයා වූ කරුණාරත්නගේ සඟයා වන 27 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක විසින් දෙවන ටෙස්ට් තරගයේ දී පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුනු සබඳතාවය තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත්තේ සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව හා මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබාගනිමිනි. කරුණාරත්න හා ගුණතිලක පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 116ක සබඳතාවය පුරා පන්දු 208ක් කඩුල්ලේ රැඳී සිටිමින් දියත් කළ අපූරු නොඑසේනම් මිත්‍රත්වයේ සබඳතාවයකි. එම ශතක සබඳතාවය 2016 වසරට පසුව ශ්‍රී ලංකාව ලබාගත් හොඳම ටෙස්ට් ආරම්භක සබඳතාවය ලෙස වාර්තා පොත් අතරට යද්දී එහි තවදුරටත් ගැඹුරට ගොස් නිරීක්ෂණය කළ විට වසර 8කට පසුව මෙරට තුළ පැවැත්වූ තරගයක දී ආරම්භක කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ හොඳම සබඳතාවය වූයේ ද එම සබඳතාවයයි. 2010 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ලේ දී පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයක දී තිලකරත්න ඩිල්ශාන් හා තරංග පරණවිතාන එක්ව ලකුණු 102ක් පළමු කඩුල්ල වෙනුවෙන් එක් කළා.

SSC පිටියේ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී දඟපන්දු යවන්නන්ට උචිත වන ලෙස තණතීරු සැකසූ විට පිතිකරුවන්ට වෙන අසාධාරණය පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන තිලාන් සමරවීර මෙසේ සිය අදහස් පල කළා.

“දකුණු අප්‍රිකාව කියන්නේ ලෝකේ ක්‍රිකට් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල අංක දෙකේ ඉන්න කණ්ඩායම. අන්තිම අවුරුදු දෙකේ ඔවුන්ගේ රටෙන් එළියේ තිබ්බ තරග සංචාර ඔක්කොම වගේ ඒගොල්ලෝ හොඳට කරලා තියෙනවා. අපි කොහොම හරි බලන්නේ මේ තරග සංචාරය 2-0ක් ලෙස ජයග්‍රහණය කරන්න ඒකට අපි කණ්ඩායමක් විදිහට කරන්න පුළුවන් උපරිම දේ කරනවා.”

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාස පොතේ ගෙවී ගිය අවසන් වසර 10ක කාලය තුළ පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ හොඳම සබඳතාවය වාර්තා වී ඇත්තේ 2011 වර්ෂයේ දී වන අතර එංගලන්තය සමඟ ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ පැවති එම තරගයේ දී තිලකරත්න ඩිල්ශාන් හා තරංග පරණවිතාන එක්ව ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 207ක සබඳතාවයක් ගොඩනගනු ලැබුවා. අවසානයේ ඒ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවත් තරගයේ වීරයා වීමට තුන් ඉරියව් ක්‍රීඩක ඩිල්ෂාන්ට හැකි වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂයෙන්ම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට තවමත් නිත්‍ය ආරම්භක පිතිකරුවන් යුගලයක් නොමැත. දිමුත් කරුණාරත්න එක් අන්තයක් රැකගෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වී සිටියත් අනෙක් අන්තයෙන් කිසිවෙක් තවමත් නිත්‍ය ලෙස අවස්ථාව ලබාගෙන නොමැත. කරුණාරත්න හා ගුණතිලක යනු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නවතම ටෙස්ට් ආරම්භක පිතිකරුවන් යුගලයයි. එයද යම් විටෙක අත්හදා බැලීමක් පමණක් වීමට ඉඩකඩ තිබෙනවාට කිසිදු සැකයක් නැත. නමුත් ඔවුන් දෙදෙනා මෙතෙක් ක්‍රීඩා කළ ඉනිම තුනේ දී ලකුණු 211ක් ලබාගෙන ඇති අතර 70.33ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවාගෙන ක්‍රීඩා කිරීමට සමත් වී ඇත.

මැදපෙළ අසාර්ථක වෙද්දී දනංජයගෙන් පැන් පොදක්

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය

වර්ෂ 1982 සිට 2018 වර්ෂය දක්වා ගෙවී ගිය වසර 36ක කාලය පුරාවට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩක යුගල 69ක් ක්‍රීඩා කර තිබෙනවා.  ඒ අතරින් 1997 – 2007 කාල සමය තුල දී ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරුවන් ලෙස වැඩිම ඉනිම ප්‍රමාණයකට ක්‍රීඩා කර ඇති මාවන් අතපත්තු හා සනත් ජයසූරිය ඉනිම 118ක දී ලකුණු 4469ක් ලබාගෙන ඇත්තේ එම ලැයිස්තුවේ අංක 1 යන ස්ථානය ඔවුන්ගේ නම් වලට ඉදිරියෙන් සටහන් කරගනිමිනි.

ඒ අතරට ශතක සබඳතා 9ක් හා අර්ධ ශතක සබඳතා 24ක් අන්තර්ගතව තිබෙනවා. අනතුරුව එහි දෙවන තැන දිනාගෙන සිටින්නේ වසර 4ක් තිස්සේ ආරම්භක පිතිකරුවන් යුගලය ලෙස ක්‍රීඩා කළ කෞෂාල් සිල්වා හා දිමුත් කරුණාරත්න යන යුගලයයි. ඔවුන් දෙදෙනා ඉනිම 53ක දී ලකුණු 1720ක් ලබාගෙන ඇත්තේ ශතක සබඳතා 4ක් හා අර්ධ ශතක සබඳතා 7ක් ලබාගෙන සමඟිනි.

ගාලු ක්‍රීඩාංගණය ඉවත් කරොත් පෞද්ගලිකව කනගාටු වෙනවා – රංගන හේරත්

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට පෙර දිනයේ පැවතී මාධ්‍ය හමුවේ දී රංගන හේරත් මෙසේ අදහස් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි රැඳී සිටින්නේ 6වන ස්ථානයේය.. නමුත් අප හොඳින් බැලුවොත් එනම් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කාලයක් පුරාවට නිත්‍ය ආරම්භක පිතිකරුවන් යුගලය වී තියෙන්නේ ශිකර් ධවාන් හා මුරලි විජේ යන දෙදෙනායි. ඔවුන් දෙදෙනා පුරා වසර 5කට ආසන්න කාලයක සිට මේ දක්වාම එකට ක්‍රීඩා කරමින් සිටින නිසා ඔවුන් දෙදෙනා එකිනෙකාගේ රිද්මය හොඳින්ම හඳුනනවා. එහි ප්‍රතිඵල ලෙස ටෙස්ට් ඉනිම 39කදී ලකුණු 1679ක් ඉන්දීය ලකුණු පුවරුවට එක් කිරීමට ඔවුන් දෙදෙනා සමත්ව ඇත්තේ 44.18ක් වැනි ඉහළ මට්ටමේ දල ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

එසේ නම් ශ්‍රී ලංකා කණ්ඩායම ද වසර කිහිපයක් සඳහා හෝ ඉතා ඉක්මනින් නිත්‍ය ආරම්භක පිතිකරුවන් යුගලයක් සොයාගත යුතු අතර දිමුත් කරුණාරත්න එහි එක් අන්තයක් රැකගෙන ස්ථාවරව සිටිමින් අනෙක් අන්තයට ඔහු සමඟ කණ්ඩායම ඉදිරියට ගෙන යාමට නිත්‍ය ක්‍රීඩකයෙක් ලැබෙන තුරු මඟ බලන් සිටිනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<