ශදාබ් කාන්ගෙන් පාකිස්තානයට ජයග්‍රාහී අවසානයක්!

243
Photo Credit : AFP

පාකිස්තානු කණ්ඩායම ඊයේ (07) සහභාගි වූයේ තම දකුණු අප්‍රිකානු සංචාරය නිමා කරමින් පැවති අවසන් විස්සයි විස්ස තරගයටයි. කෙසේ නමුත් තරගාවලියේ මුල් තරග දෙකම පරාජයට පත්වූ නිසා ඔවුන්ට කුසලානය පිළිබඳ බලාපොරොත්තුවක් නොතිබුණ ද ඊයේ තරගයට හොඳින් මුහුණ දී ජය ගැනීමට ඔවුන්ට හැකි විය.

එක් ක්‍රීඩකයෙකු මත පමණක් රඳා නොපැවතුණු ඔවුන් ලකුණු 27කින් ජයග්‍රහණය තහවුරු කළේ කණ්ඩායමේ සමස්ත ක්‍රීඩකයින්ගේ දක්ෂතා එකට එකතු කොට ගැනීමෙනි.

ඉන්දියාවට ඉතිහාසයේ දැවැන්තම පරාජය ගෙන දුන් සයිෆට්ගේ සුපිරි ප්‍රහාරය!

තවමත් ජාත්‍යන්තර තරග අත්දැකීම් කිහිපයක් පමණක් තිබුණ ද ප්‍රබල….

සෙන්චූරියන් හි සුප්‍රසිද්ධ සුපර්-ස්පෝර්ට් පාර්ක් ක්‍රීඩාංගණය ඊයේ විසි දහසකට ආසන්න ප්‍රේක්ෂකයින්ගෙන් පිරී පැවතුණේ සීමිත පන්දුවාර තරගවල කෙරුම් කාරයින් දෙදෙනෙකු අතර සිදුවන සටන දැකබලා ගැනීමටයි.

මේ වන විට විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පාකිස්තානයට පළමු තැනත්, දකුණු අප්‍රිකාවට තෙවැනි තැනත් හිමිවී තිබීම එම උණුසුම දෙගුණ තෙගුණ කිරීමට හේතු විය. තරග ආරම්භක සංඥාව ලබා දෙමින් තණතිල්ල මත දී ඉහළ නැගුණු කාසිය දකුණු අප්‍රිකානු නායකයාට වාසි ගෙනදෙමින් පෙරළී ගියේ පාකිස්තානුවන්ට පිතිකරණය සඳහා ඇරයුම් කරමිනි. එම ආරාධනය පිළිගත් ශොයිබ් මලික් ප්‍රමුඛ පාකිස්තානු කණ්ඩායම සිය පන්දුවාර 20 නිමා කළේ ලකුණු 168ක් වාර්තා කර ගනිමිනි. ඒ අතරතුරේ ඔවුන්ගේ කඩුලු 9ක් බිඳ වැටුණි.

මෙම ඉනිමේ විශේෂත්වය වන්නේ බොහෝ තරග වල මෙන් එක් පිතිකරුවෙකු හෝ “සුපිරි ඉනිමක්” ක්‍රීඩා කරනු දැකගත නොහැකි වීමයි. කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ මොහොමඩ් රිස්වාන් ද රැස්කළේ ලකුණු 26ක් පමණි. කෙසේ නමුත් සෙන්චූරියන් තණතිල්ලේ ස්වභාවයට ගැළපෙන ලකුණු සංඛ්‍යාවක් කරා යාමට පාකිස්තානුවන්ට හැකියාව ලැබුණේ කණ්ඩායමේ සියලුම පිතිකරුවන් පාහේ ප්‍රහාරක වේගයක් සමඟ කුඩා ඉනිම බැගින් ක්‍රීඩා කළ නිසාවෙනි. අවසාන මොහොතේ ක්‍රියාත්මක වූ ශදාබ් කාන් දැවැන්ත හයේ පහර 3ක් එල්ල කරමින් දකුණු අප්‍රිකානුවන්ගෙන් ජයග්‍රහණය ඈත් කළේ පන්දු 8ක දී නොදැවී ලකුණු 22ක් ලබා ගනිමිනි.

එක්දින කඩුලු ත්‍රිත්වවල සැඟවුණු රහස්

එක්දින ක්‍රිකට් තරගයකට ඕනෑම පන්දු යවන්නෙකුට කඩුලු ත්‍රිත්වයක් .,..

නව දකුණු අප්‍රිකානු විස්සයි විස්ස කණ්ඩායමට කෝඩුකාරයින් රැසක් ඇතුළත් කර ඇති නිසා මුල සිටම ඔවුන්ගේ හඹායෑම දුර්වලතා රැසකින් සමන්විත බව පෙනෙන්නට තිබුණි. ඇත්තෙන්ම ඊයේ තරගයට මුහුණ දුන් දකුණු අප්‍රිකානු පිළේ අත්දැකීම් සහිත ක්‍රීඩකයින් ලෙස සිටියේ ඩේවිඩ් මිලර්, ක්‍රිස් මොරිස් සහ අන්දිල් පෙලුක්වායෝ පමණි. ඒ අතරිනුත් ඊයේ දිනයේ පිත්තෙන් සාර්ථක වූයේ තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් පමණි. ඔහු 12 වැනි පන්දුවාරයේ සිට තරග අවසානයේ දක්වාම නොදැවී සිටිමින් දකුණු අප්‍රිකානුවන්ට පූර්ණ තරගාවලි ජයක් ලබා දීමට වෙහෙස වුවද ඔහුගේ සහයට කිසිදු පිතිකරුවෙකු නොසිටියේය.

මොරිස් ඊයේ දිනයේ පන්දු 29කට පමණක් මුහුණ දෙමින් නොදැවී ලකුණු 55ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට අලංකාර හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. නවක ක්‍රීඩකයින් අතරින් ලකුණු අතරට පිවිසි එකම ක්‍රීඩකයා වූ වැන් ඩර් ඩුසේන් ලකුණු 41ක් ලබා සිටිය දී දවා ගන්නට ෆහීම් අශ්රාෆ්ට හැකි විය. මීට අමතරව ලකුණු 10 සීමාවට හෝ ළඟා වුනේ ඩේවිඩ් මිලර් සහ පෙලුක්වායෝ පමණි. ඒ නිසාවෙන්ම දකුණු අප්‍රිකානු ඉනිම පන්දුවාර 20 අවසානයේ ලකුණු 141කට සීමා විය. නැවතත් දක්ෂතා අතරට පිවිසුණු මොහොමඩ් ආමීර් ඊයේ දිනයේ කඩුලු 3ක් දවා ගත්තේය. මීට අමතරව ශදාබ් කාන් ෆහීම් අශ්රාෆ් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

නැගී එන කොදෙව්වෝ වසර 11ක ක්‍රිකට් ඉතිහාසය අලුත් කරති

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම …

ඊයේ දිනයේ තරගයේ වීරයා සම්මානය පිත්තෙන් වේගවත් ලකුණු 22ක් සහ පන්දු යැවීමෙන් කඩුලු 2ක් දවා ගත් ශදාබ් කාන්ට හිමි විය. තරගාවලියේ වීරයා සම්මානය හිමි වූයේ පිත්තෙන් මෙන්ම පන්දු රැකීමෙන් ද කණ්ඩායමට අති විශාල සේවයක් ඉටු කළ නායක ඩේවිඩ් මිලර්ටයි. සැබවින්ම ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකානුවන් දැක්වූ මෙම දක්ෂතා අගය කළ හැකි මට්ටමක තිබුණි. සංචාරය අරඹමින් පැවති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත් වුවද පාකිස්තානය සීමිත පන්දුවාර තරගවල දී හොඳ සටනක් ලබා දෙමින් එක්දින තරගාවලිය 3-2ක් ලෙස ද, විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ද පරාජයට පත්විය.

පාකිස්තානය – කඩුලු 9ක් දැවී ලකුණු 168 (පන්දුවාර 20)

මොහොමඩ් රිස්වාන් 26, අසීෆ් අලි 25, බාබර් අසාම් 23, ශදාබ් කාන් 22*, ඉමාඩ් වසීම් 19, ශොයිබ් මලික් 18, ෆකාර් සමාන් 17, බියුරන් හෙන්ඩ්රික්ස් 4/14, ක්රිස් මොරිස් 2/27.

දකුණු අප්‍රිකාව – කඩුලු 9ක් දැවී ලකුණු 141 (පන්දුවාර 20)

ක්‍රිස් මොරිස් 55*, වැන් ඩර් ඩුසේන් 41, ඩේවිඩ් මිලර් 13, අන්දිල් පෙලුක්වායෝ 10, මොහොමඩ් ආමීර් 3/27, ශදාබ් කාන් 2/34, ෆහීම් අශ්රාෆ් 2/38.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<