AB ලෝක කුසලානයෙන් ප්‍රතික්ෂේප වේ

2260

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගොස් සිටින දකුණු අප්‍රිකාවෙන් බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන එබී ඩිවිලියර්ස් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමට තමා කැමැත්තෙන් සිටින බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබුණි. නමුත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලනාධිකාරිය විසින් එම තීරණය ප්‍රතික්ෂේප කර ඇත.

රෝහිත් හා චාහල් දකුණු අප්‍රිකානුවන් අසරණ කරයි!

ලෝක කුසලාන තරගාවලියේ අටවැනි තරගය අද ….

එක්තරා ප්‍රසිද්ධ  ක්‍රීඩා මාධ්‍ය වෙබ් අඩවියක් විසින් මේ පිළිබඳව අද (6) අනාවරණය කර ඇති නමුත් මේ සිදුවීම සිදුවී ඇත්තේ දකුණු අප්‍රිකානු ලෝක කුසලාන  සංචිතය තේරීමට දින කිහිපයකට ඉහත දීයි.

2019 ලෝක කුසලානය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකානු සංචිතය නම් කිරීමට පෙර දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයට තමන් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය සඳහා පැමිණීමට සූදානමින් සිටින බව ඩිවිලියර්ස් විසින් පවසා තිබුණ නමුත් දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට හා ජාතික කණ්ඩායමට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින ක්‍රීඩකයින් හට එය විශාල අසාධාරණයක් බව පවසමින් ඩිවිලියර්ස්ගේ ඉල්ලීම එරට ක්‍රිකට් පාලනාධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ශ්‍රී ලංකාව ලබා ගන්නා දෙවැනි පරාජය හෝ ජයග්‍රහණයට පෙර

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ………..

පසුගිය වසරේ මැයි මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් ඩිවිලියර්ස් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ තරග 228කට, ටෙස්ට් තරග 114කට හා විස්සයි විස්ස තරග 78කට ක්‍රීඩා කොට තිබේ. ඔහුව Mr: 360 ලෙස ද ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් විසින් හඳුන්වනු ලබන්නේ ඔහු පිතිකරණයේ නිරත වන විට ක්‍රීඩා පිටියේ ඕනෑම දෙසකට පන්දුව යොමු වන පරිදි පහර දීමේ හැකියාවක් පැවතුණු බැවිනි.

ඩිවිලියර්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන විට ඔහුගේ එක්දින ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 53.50ක් ලෙස සටහන් වී තිබුණි.

කෙසේ නමුත් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විට ඔවුන් ක්‍රීඩා කළ තරග 3ම පරාජයට පත්ව ඉතාමත් අසීරු තත්වයක සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<