Home Sinhala ප්‍රමෝද්ගේ ශතක වෑයමෙන් ශ්‍රී ලංකා අපේක්ෂාවන්ට නව ජීවයක්

ප්‍රමෝද්ගේ ශතක වෑයමෙන් ශ්‍රී ලංකා අපේක්ෂාවන්ට නව ජීවයක්

6360
Promod Maduwantha - Sri Lanka emerging Cricket

ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු නැඟී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද දිනය (27) අවසානයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම ලකුණු 92ට එක් කඩුල්ලක් පමණක් දැවී ප්‍රබල ස්ථානයක පසු විය.

ඇඹුලා කඩුලු 8ක් ලබා ගනිද්දී පිතිකරුවෝ සැකකාර ඉනිමක

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි නිල නොලත් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය…

ඊයේ දිනය නිමා කරමින් තරගය නතර කරන අවස්ථාවේ දී තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 5ක් දැවී ලකුණු 217ක් රැස්කරගෙන සිටි අතර මිනෝද් භානුක අර්ධ ශතකයක් වාර්තා කරමින් කණ්ඩායමේ ලකුණු තත්වය එසේ ඔසවා තැබීමට දායක විය. එක් අන්තයකින් කඩුලු කිහිපයක් දැවී ගිය නමුත් ඉතා ප්‍රවේසම්කාරී පිතිහරඹයක නිරත වූ ප්‍රමෝද් මධුවන්ත කෙසේ හෝ දකුණු අප්‍රිකානු තර්ජන මැඬපවත්වාලමින් කඩුල්ල ආරක්ෂා කරගැනීමට සමත් විය.

එසේ ධනාත්මක සටහනකින් අත්හිටවූ ප්‍රමෝද්ගේ ඉනිම අද දිනයේ දී නැවත වතාවක් නැවුම් ආරම්භයකින් ද සහිතව ක්‍රියාත්මක වූයේ තරගය පිළිබඳ නැඟී එන කණ්ඩායමේ බලාපොරොත්තු තරමක් ඉහළ නංවාලමිනි. ප්‍රමෝද් සමඟ හයවැනි කඩුල්ල සඳහා එක්වුනු කළණ පෙරේරා හට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 17ක් පමණි. ඉන් අනතුරුව පිටියට පිවිසි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ප්‍රමෝද් මධුවන්ත හට මනා සහයක් ලබා දෙමින් හත්වැනි කඩුල්ල වෙනුවෙන්  ලකුණු 83ක අගනා සබඳතාවක් ගොඩනැගීමට සමත් විය.

දකුණු අප්‍රිකානු නැඟී එන පන්දු යවන්නන් හට ප්‍රධානතම හිසරදයක් වූ ප්‍රමෝද් මධුවන්ත, සුපිරි ගණයේ ශතකයක් වාර්තා කරමින් පිතිකරුවෙකු ලෙසින් ඔහු ප්‍රගුණකොට ඇති සුවිශේෂී හැකියාවන් කිහිපයක්ම ලෝකයා ඉදිරියේ විදහා දැක්වීමට සමත්කම් දැක්විය.

ඇඹුල්දෙණිය දකුණු අප්‍රිකානුවන් පාලනය කරයි

දකුණු අප්‍රිකාවේ සංචාරයකට එක්ව සිටින ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහභාගී වෙන දෙවැනි නිල නොලත්…

පන්දු 236ක දී ලකුණු 111ක් රැස්කර සිටි ඔහුගේ ඉනිම නිමා කිරීමට දකුණතින් වේගපන්දු යවන තන්ඩු නිටිනි හට හැකි වූ අතර ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ මාර්කෝ ජෙන්සන්,චාමික කරුණාරත්නගේ අත්‍යාවශ්‍ය කර තිබූ කඩුල්ල ද දවා ගනිමින් දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම දෙසට නැවත වතාවක් තරගයේ දිශානතිය යොමුකර ගැනීමට සමත් විය. පන්දු 97ක දී වාර්තා කළ චාමිකගේ වටිනා අර්ධ ශතකයෙන් අනතුරුව කිසිදු ශ්‍රී ලාංකීය පිතිකරුවෙකු හට සාර්ථක ආරම්භයක් හෝ ලබා ගැනීමේ ඉඩප්‍රස්තාව අහුරාලීමට දකුණු අප්‍රිකානු වේගපන්දු බලඇණියට හැකි වූ අතර අවසන් කඩුලු ද්විත්වය ලකුණු 9ක් තුල දැවී යාමත් සමඟම ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 388කට සීමා විය.

දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජෙන්සන් සහ නිට්නි වේගපන්දු සුසංයෝගය පිළිවෙළින් ප්‍රතිවාදී කඩුලු 5ක් සහ 4ක් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 53ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 50 සැපිරීමට මත්තෙන් බිඳහෙළීමට ලසිත් ඇඹුල්දෙණිය හට හැකි විය. පන්දු 63ක දී ලකුණු 26ක් ලබා ගනිමින් ඉතා මන්දාගාමී ඉනිමක් දියත් කරමින් සිටි වන්දිලේ මක්වෙතු එසේ ඇඹුල්දෙණිය යැවූ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය.

කාලය කෑ බංගලාදේශයට දඩ!

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වුණු පළමු එක්දින තරගයේ දී අඩු පන්දුවාර වේගය හේතුවෙන් බංගලාදේශය කණ්ඩායමට දඩ පැනවීමට ICCය තීරණය කර තිබේ…

ඉන්පසු තරග බිමට අවතීර්ණ වූ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමේ  නායක රේනාඩ් වැන් ටොන්ඩර්, ආරම්භක පිතිකරු මාලන්ද සමඟ එක්ව කිසිදු කඩුල්ලක් ලබා නොදී ශක්තිමත් නොබිඳුනු සබඳතාවක් ගොඩනැගීමට සමත් වූයේ දිනය අවසානයේ දී දකුණු අප්‍රිකානුවන් හට තරගයේ වැඩි වාසි අත්පත්කර දෙමිනි. ඒ අනුව දිනය නිමා වන විට තම දෙවන ඉනිම ක්‍රීඩාකරමින් සිටි දකුණු අප්‍රිකානුවෝ එක් කඩුල්ලක් දැවි ලකුණු 92ක් රැස්කළ සිටියහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka Emerging Team
388/10 (112.5)

South Africa Emerging Team
441/10 (108.1) & 260/5 (90)

Batsmen R B 4s 6s SR
Janneman Malan b Jehan Daniel 35 38 5 0 92.11
Wandile Makwetu c Minod Bhanuka b Lasith Embuldeniya 25 53 2 1 47.17
Raynard van Tonder c Charith Asalanka b Lasith Embuldeniya 137 267 14 1 51.31
Jason Smith b Lasith Embuldeniya 34 62 1 1 54.84
Matthew Breetzke c Minod Bhanuka b Lasith Embuldeniya 13 27 0 0 48.15
Sinethemba Qeshile c Charith Asalanka b Lasith Embuldeniya 87 89 9 2 97.75
Dayyaan Galiem c Minod Bhanuka b Lasith Embuldeniya 8 16 2 0 50.00
Kyle Simmonds c Hasitha Boyagoda b Lasith Embuldeniya 73 57 8 3 128.07
M Jansen c Minod Bhanuka b Lasith Embuldeniya 3 19 0 0 15.79
Thando Ntini not out 14 29 1 0 48.28
Tladi Bokako run out (Pathum Nissanka) 0 0 0 0 0.00


Extras 12 (b 3 , lb 0 , nb 8, w 1, pen 0)
Total 441/10 (108.1 Overs, RR: 4.08)
Fall of Wickets 1-50 (13.1) Janneman Malan, 2-71 (17.2) Wandile Makwetu, 3-151 (41.5) Jason Smith, 4-173 (49.2) Matthew Breetzke, 5-326 (85.2) Sinethemba Qeshile, 6-342 (89.3) Dayyaan Galiem, 7-363 (93.4) Raynard van Tonder, 8-383 (99.2) M Jansen, 9-441 (107.6) Kyle Simmonds, 10-441 (108.1) Tladi Bokako,

Bowling O M R W Econ
Mohamed Shiraz 24 3 96 0 4.00
Kalana Perera 8 2 23 0 2.88
Chamika Karunarathne 16 3 61 0 3.81
Jehan Daniel 6 1 31 1 5.17
Lasith Embuldeniya 42 5 156 8 3.71
Nishan Peiris 10.1 0 57 0 5.64
Charith Asalanka 2 0 14 0 7.00
Batsmen R B 4s 6s SR
Lahiru Udara c Sinethemba Qeshile b M Jansen 8 14 2 0 57.14
Minod Bhanuka c Sinethemba Qeshile b Thando Ntini 56 65 8 1 86.15
Pathum Nissanka lbw b Thando Ntini 32 47 5 0 68.09
Charith Asalanka c Raynard van Tonder b Thando Ntini 18 26 2 0 69.23
Promod Maduwantha c Sinethemba Qeshile b Thando Ntini 111 236 9 0 47.03
Jehan Daniel c Sinethemba Qeshile b M Jansen 36 100 5 0 36.00
Kalana Perera c Jason Smith b Dayyaan Galiem 17 42 1 1 40.48
Chamika Karunarathne c Wandile Makwetu b M Jansen 53 97 4 0 54.64
Mohamed Shiraz c Jason Smith b M Jansen 23 50 3 0 46.00
Nishan Peiris not out 4 8 1 0 50.00
Lasith Embuldeniya c Raynard van Tonder b M Jansen 0 3 0 0 0.00


Extras 30 (b 12 , lb 4 , nb 11, w 3, pen 0)
Total 388/10 (112.5 Overs, RR: 3.44)
Fall of Wickets 1-13 (3.3) Lahiru Udara, 2-88 (19.2) Pathum Nissanka, 3-118 (23.4) Minod Bhanuka, 4-128 (25.6) Charith Asalanka, 5-217 (59.4) Jehan Daniel, 6-250 (74.3) Kalana Perera, 7-333 (99.2) Promod Maduwantha, 8-379 (110.1) Chamika Karunarathne, 9-388 (112.2) Mohamed Shiraz, 10-388 (112.5) Lasith Embuldeniya,

Bowling O M R W Econ
Tladi Bokako 16 1 53 0 3.31
M Jansen 19.5 5 69 5 3.54
Dayyaan Galiem 21 2 72 1 3.43
Thando Ntini 21 5 76 4 3.62
Kyle Simmonds 29 5 82 0 2.83
Jason Smith 6 1 21 0 3.50


Batsmen R B 4s 6s SR
Janneman Malan c Jehan Daniel b Kalana Perera 84 162 6 0 51.85
Wandile Makwetu lbw b Lasith Embuldeniya 26 63 2 0 41.27
Raynard van Tonder c Lahiru Udara b Lasith Embuldeniya 31 80 3 0 38.75
Jason Smith c Lahiru Udara b Promod Maduwantha 62 130 3 3 47.69
Matthew Breetzke not out 38 89 3 0 42.70
Sinethemba Qeshile c Jehan Daniel b Promod Maduwantha 1 13 0 0 7.69
Dayyaan Galiem not out 3 17 0 0 17.65


Extras 15 (b 1 , lb 0 , nb 14, w 0, pen 0)
Total 260/5 (90 Overs, RR: 2.89)
Fall of Wickets 1-46 (15.5) Wandile Makwetu, 2-129 (41.4) Raynard van Tonder, 3-185 (59.5) Janneman Malan, 4-245 (80.5) Jason Smith, 5-251 (84.5) Sinethemba Qeshile,

Bowling O M R W Econ
Kalana Perera 15 3 43 1 2.87
Lasith Embuldeniya 34 5 99 2 2.91
Mohamed Shiraz 5 1 17 0 3.40
Chamika Karunarathne 11 3 42 0 3.82
Jehan Daniel 4 2 7 0 1.75
Nishan Peiris 14 4 31 0 2.21
Promod Maduwantha 7 0 20 2 2.86