Home Sinhala ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දකුණු අප්‍රිකාවෙන් පළිය ගනියි!

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දකුණු අප්‍රිකාවෙන් පළිය ගනියි!

1883

ඊයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලැබූ දරුණු පරාජය හමුවේ දැඩි කලකිරීමකට පත්ව සිටින ප්‍රේක්ෂකයින්ට යම් තරමක අස්වැසිල්ලක් විය හැකි පුවතක් මීට සුළු මොහොතකට පෙර ප්‍රිටෝරියා නුවරින් අසන්නට ලැබුණි. ඒ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම් අතර පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා පිළ කඩුලු 4ක ජයක් අත්පත් කර ගැනීමයි.

ප්‍රදීප්ගේ රෝගය අනාවරණය කරයි; සුවවෙන්න කල් යන ලකුණු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ගේ ….

එහි දී අමිල අපෝන්සු සහ අසිත ප්‍රනාන්දු දකුණු අප්‍රිකානු පිතිපෙළ ඔවුන්ගේ හුරුපුරුදු තණතිලි මත දී ම අසරණ කරමින් විශිෂ්ට දස්කම් දැක්වූ අතර අශේන් බණ්ඩාර සහ ශම්මු අශාන් විශ්වසනීය පිති හරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් වූහ. 

මෙම තරග ජය තවදුරටත් සුවිශේෂී වන්නේ ශ්‍රී ලංකා ජාතික පිළට මෑත දී දකුණු අප්‍රිකාවේ සිදු කළ සංචාරය අතරතුරේ දී එකදු එක්දින තරගයක් හෝ ජය ගැනීමට අසමත් වුවද නැගී එන පිළ පළමු එක්දින තරගයේ දී ම එම අභියෝගය ජය ගැනීමට සමත් වීමයි.

මෙම තරගයේ වැදගත් සාධකයක් වූ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක සඳුන් වීරක්කොඩි දිනා ගත් අතර ඔහු මුලින් පන්දු යැවීමේ අවස්ථාව තමන් වෙත ලබා ගත්තේ ප්‍රිටෝරියා තණතිල්ල එතරම් ලකුණු සහිත නොවන බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබූ බැවිනි. කෙසේ වෙතත් මෙම තත්ත්වය තුට්ටුවකට මායිම් නොකළ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 71ක් රැස් කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගත්හ.

විනිසුරු තීරණයට උරණ වූ බ්‍රැත්වෙයිට වැඩ වරදී

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගිය 27 වැනිදා පැවැත්වුණු ….

නමුත් නැවතත් ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම මැතිව් බ්‍රීස්කි සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අනාගත බලාපොරොත්තුවක් වන රේනාඩ් වෑන් ටොන්ඩර් ඉක්මනින් දවා ගැනීමට සමත් වූහ.

ඉන් අනතුරුව දැවී ගියේ හතරේ පහර 7ක් සමඟින් ලකුණු 58ක් ලබාගෙන ශ්‍රී ලංකාවට හිසරදයක් වී සිටි ටෝනි ඩි සෝර්සියි. එතැන් පටන් ශ්‍රී ලංකා කණ්ඩායම නිරන්තරයෙන්ම කඩුලු දඩයමේ යෙදුණු අතර පවර්ප්ලේ අවස්ථාවේ දී පන්දු යවද්දී සාර්ථක වන්නට නොහැකි වූ අසිත ප්‍රනාන්දු පසුව ඉහළ දක්ෂතා දක්වමින් ලකුණු 33ට කඩුලු 3ක් දවා ගත්තේය.

වමත් පිට දඟපන්දු යවන්නෙකු ලෙස ශ්‍රී ලංකා ජාතික වර්ණ දිනා ගත් අමිල අපොන්සු ද අසිතට නොදෙවෙනි පන්දු යැවීමක යෙදෙමින් ලකුණු 22කට කඩුලු 3ක් බිඳ හෙලුවේය. මීට අමතරව මේ වන විට ලෝක කුසලාන සංචිතයේ සිටියා නම් හොඳ යැයි බොහෝ දෙනාට වැටහී ඇති කමිඳු මෙන්ඩිස්, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා වූ ටෝනි ඩි සෝර්සිගේ සහ ජේසන් ස්මිත්ගේ වටිනා කඩුලු 2ට හිමිකම් කීවේය. ඒ අනුව දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 185කට සීමා විය.

ලැබුණු අවස්ථාව අපතේ හැර නොගත් ශ්‍රී ලංකා පිතිකරුවන් මෙම ඉලක්කය කඩුලු 6ක් දැවී සපුරා ගත්තේ දකුණු අප්‍රිකාවේ දී ඕනෑම විදෙස් කණ්ඩායමකට අසීරු ඉලක්කයක් සම්පූර්ණ කරමිනි. 

කාසියේ වාසිය අවාසියට හැරුණු හැටි

දිනය 2003 මාර්තු 23 වෙනිදාය. ලෝක කුසලාන අවසන් මහා තරගයේ …..

එහි දී මිනෝද් භානුක, චරිත් අසලංක සහ සංගීත් කුරේ වැනි මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වුවද ජාතික කණ්ඩායමේ නිරන්තරයෙන්ම සිදු වන පරිදි මැදපෙළ ක්ෂණිකව කඩා නොවැටීම නිසා ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීම අපහසු නොවීය. එහි දී ශ්‍රී ලංකාවට වාසනාව ගෙන ආවේ අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි අශේන් බණ්ඩාර ක්‍රීඩා කළ සටන්කාමී ඉනිමයි.

තවමත් 20 වැනි වියේ පසුවන අශේන් නුපුරුදු දකුණු අප්‍රිකානු අභියෝගය ජය ගත්තේ පන්දු 78කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 76ක් ලබා ගනිමිනි. ඔහුගේ විශිෂ්ට ඉනිමට අලංකාර හතරේ පහර 12ක් ද ඇතුළත් විය. කෙසේ වෙතත් මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමේ දී ශම්මු අශාන් පන්දු 104කට මුහුණ දෙමින් රැස්කළ ලකුණු 60 ද අමතක කළ නොහැක්කේ ඔහු අනෙක් පසින් කඩුලු බිඳ වැටෙද්දී සමස්ත ශ්‍රී ලංකා ඉනිම නාය යන්නට නොදී දැවැන්ත පවුරක් ගොඩ නැගූ බැවිනි.

ඒ නිසාවෙන්ම පන්දුවාර 38යි පන්දු 2ක් අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 187ක් ලබා තරගය ජය ගැනීමට හැකි විය. ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ප්‍රතිරෝධය හමුවේ දකුණු අප්‍රිකානු කණ්ඩායම කෙසේ හෝ ජය කණුව කරා ගෙන යාමට උත්සාහ දැරූ ටන්ඩෝ නිටිනි බිඳ වැටුණු කඩුලු 6න් 5කටම හිමිකම් කීවේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හිදී අද සිංහ සලකුණ තැබුවේ ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ කර දමමිනි.

Result


Sri Lanka Emerging Team
187/6 (38.2)

South Africa Emerging Team
185/10 (46)

Batsmen R B 4s 6s SR
Tony de Zorzi st Sandun Weerakkody b Kamindu Mendis 58 79 7 0 73.42
Matthew Breetzke b Amila Aponso 27 34 4 0 79.41
Raynard van Tonder c Ashen Bandara b Chamika Karunarathne 3 8 0 0 37.50
Jason Smith b Kamindu Mendis 33 52 1 0 63.46
Sinethemba Qeshile c & b Asitha Fernando 9 25 1 0 36.00
Wandile Makwetu c Sandun Weerakkody b Lahiru Madushanka 25 42 1 0 59.52
Sibonelo Makhanya c Minod Bhanuka b Amila Aponso 11 14 1 0 78.57
Kyle Simmonds c Sammu Ashan b Amila Aponso 2 6 0 0 33.33
Thando Ntini not out 4 9 0 0 44.44
Nandre Burger b Asitha Fernando 1 6 0 0 16.67
Tladi Bokako b Asitha Fernando 0 2 0 0 0.00


Extras 12 (b 0 , lb 5 , nb 1, w 6, pen 0)
Total 185/10 (46 Overs, RR: 4.02)
Fall of Wickets 1-71 (13.6) Matthew Breetzke, 2-78 (16.1) Raynard van Tonder, 3-101 (22.3) Tony de Zorzi, 4-115 (27.2) Sinethemba Qeshile, 5-161 (37.6) Jason Smith, 6-176 (41.1) Wandile Makwetu, 7-179 (42.3) Kyle Simmonds, 8-182 (44.2) Sibonelo Makhanya, 9-185 (45.4) Nandre Burger, 10-185 (45.6) Tladi Bokako,

Bowling O M R W Econ
Asitha Fernando 8 0 33 3 4.12
Lahiru Madushanka 10 0 47 1 4.70
Chamika Karunarathne 8 0 37 1 4.62
Amila Aponso 10 1 22 3 2.20
Kamindu Mendis 10 0 41 2 4.10


Batsmen R B 4s 6s SR
Sandun Weerakkody c Sinethemba Qeshile b Thando Ntini 20 15 4 0 133.33
Sangeeth Cooray c Sinethemba Qeshile b Thando Ntini 5 16 0 0 31.25
Minod Bhanuka b Thando Ntini 0 1 0 0 0.00
Charith Asalanka c Raynard van Tonder b Nandre Burger 7 12 1 0 58.33
Sammu Ashan c Wandile Makwetu b Thando Ntini 60 104 8 1 57.69
Kamindu Mendis lbw b Thando Ntini 4 4 1 0 100.00
Ashen Bandara not out 76 78 12 0 97.44
Lahiru Madushanka not out 2 4 0 0 50.00


Extras 13 (b 1 , lb 1 , nb 4, w 7, pen 0)
Total 187/6 (38.2 Overs, RR: 4.88)
Fall of Wickets 1-25 (3.4) Sandun Weerakkody, 2-25 (3.5) Minod Bhanuka, 3-35 (6.4) Charith Asalanka, 4-39 (7.3) Sangeeth Cooray, 5-43 (9.1) Kamindu Mendis, 6-175 (36.6) Sammu Ashan,

Bowling O M R W Econ
Nandre Burger 8 1 46 1 5.75
Thando Ntini 9 1 46 5 5.11
Tladi Bokako 7 1 20 0 2.86
Jason Smith 5.2 1 18 0 3.46
Kyle Simmonds 9 1 55 0 6.11



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<