වාසනාව ටිකක් තිබ්බොත් අපිට ඇති – ඩේල් ස්ටේන්

507

වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග රටාව තුල සිටින ලොව ප්‍රබල වේගපන්දු යවන්නෙක් වන දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට තිබෙන ඉඩකඩ පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කර තිබුණි.

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රබල වෙනස්කම්

එළඹෙන මැයි මස 30 වැනිදා එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත 12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් තරග වදිනු ලබන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන්…

දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (18) දිනයේ දී ඔවුන්ගේ ලෝක කුසලාන සංචිතය එලිදැක්වූ අතර සැබවින්ම එය දක්ෂයින් රැසකගෙන් සැදුම්ලත් ඉතාමත් ප්‍රබල සංචිතයකි. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන ස්ටේන් කොල්කටා සිට විදෙස් මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා තිබුණි.

“ඩි කොක්, ෆෆ් ඩු ප්ලේසී, කගීසෝ රබාඩා, තාහීර් වගේ ක්‍රීඩකයින්ට එංගලන්තය වැනි රටවල් වල ක්‍රීඩා කරලා ලොකු අත්දැකීම් තිබෙනවා. අපේ කණ්ඩායම් නායකයා ගොඩක් වෙලාවට ෆෆ් වේවි. අපිට හොඳ ක්‍රීඩකයින් රැසක් ඉන්නවා. වාසනාව පොඩ්ඩක් හරි තිබ්බොත් අපිට මෙවර ලෝක කුසලානය දිනන්න පුළුවන් වෙයි කියල ලොකු විශ්වාසයක් තියෙනවා” යැයි ස්ටේන් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේය.

1992 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම්

1987 වසරේදී සිව්වන ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමෙන් අනතුරුව 1991 වසරේදී පස්වන ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණත් එය 1992 වසරේ….

“ඩි කොක්ගේ ඉඳන් අපේ කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයා වෙනකන් ඉන්න හැමෝටම තරගයක් වෙනස් කරලා දිනවන් පුළුවන්, ඔවුන් හැමෝටම ඒ හැකියාව තියෙනවා. රබාඩා ගත්තහම ඕනෑම ක්‍රිකට් පිටියක ගිහිල්ලා දැම්මත් කඩුලු ගන්නවා. ඒක එයාගේ සහජ හැකියාව. ඒ වගේම අපිට කවුරුත් අවස්ථාවක් දෙන්නේ නැහැ ලේසියෙන් දිනන්න. අපි ඒ ඒ කණ්ඩායම්වල දුර්වල තැන්වලට පහර දුන්නොත් තමා අපිට කණ්ඩායමක් ලෙස සාර්ථක වෙන්න පුළුවන්. ඒක නිසා අපි අවසන් එක්දින තරගාවලි කිහිපයම අතිසාර්ථකව අවසන් කළා.”

“අපිට ඇත්තටම සුපිරිම කණ්ඩායමක් ඉන්නවා. ඒකේ තරම කොහොමද කියනවා නම් මටවත් තාම ගහන 11 හිතාගන්න බැහැ. මේක ලෝක කුසලානයක්, ඉතින් හැම රටම ඒගොල්ලන්ගේ උපරිම ශක්තිය මේ වගේ තරගාවලියකට යොදවනවා. ඒක නිසා ඕනෑම දක්ෂ කණ්ඩායමකට මේ කුසලානය රැගෙන යන්න පුළුවන් අවස්ථාව තියෙනවා කියලා මම හිතනවා. ඒ වගේම එංගලන්ත කණ්ඩායම ඔවුන්ගේ සත්කාරක රටේ ක්‍රීඩා කරන්නේ ඒක ඔවුන්ට යම් අතිරේක වාසියක් වේවි.” යැයි ස්ටේන් වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.

“අනික් එ්ක තමයි. මේ ශ්‍රේණිගත කිරීම් අංක ඒවා ඇත්තටම නිකං අංක විතරයි. ඒ රාමුවෙන් යම් කණ්ඩායමක් හෝ ක්‍රීඩකයෙක් දිහා බලන්න හොඳ නැහැ. ඒකට මෑතක දී තිබෙන හොඳම උදාහරණය තමයි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ එංගලන්තය පරාජය වීම. ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්.” යැයි ස්ටේන් සිනාමුසු මුහුණෙන් පැවසීය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම මුහුණ දෙන පළමු ක්‍රිකට් තරගය මැයි මස 30 වැනිදා එංගලන්තය සමඟ පැවැත්වෙන අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, තරග සේයා රූ, විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<