“ඩිවිලියර්ස් ප්‍රමාද වුනා වැඩියි” – දකුණු අප්‍රිකානු පුහුණුකරු

7707

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු සංචිතයට ඒ. බී. ඩිවිලියර්ස්ව තෝරා නොගැනීම පිළිබඳව දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ඔටිස් ගිබ්සන් මහතා සිය මතය පවසා තිබේ.

ක්‍රිස් මොරිස් දකුණු අප්‍රිකානු වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (05) දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර පැවති තරගය දකුණු අප්‍රිකාව කඩුලු 6කින්…

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙක් වූ ඩිවිලියර්ස් පසුගිය වසරේ මැයි මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නේය. ඒ වන විට ඔහු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ තරග 228කට, ටෙස්ට් තරග 114කට හා විස්සයි විස්ස තරග 78කට ක්‍රීඩා කර තිබුණි. ඔහුව Mr: 360 ලෙස ද ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් විසින් හඳුන්වනු ලබන්නේ ඔහු පිතිකරණයේ නිරත වන විට ක්‍රීඩා පිටියේ ඕනෑම දෙසකට පන්දුව යොමු වන පරිදි පහර දීමේ හැකියාවක් පැවතුණු බැවිනි.

ඔහු සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුදීමට පෙර කණ්ඩායමේ පුහුණුකරු වූ ඔටිස් ගිබ්සන් හා උපනායක ෆෆ් ඩූ ප්ලේසි ගෙන් විමසා තිබෙන අතර ඔවුන් ද ඒ සඳහා සිය එකඟතාවය පළ කොට තිබේ.

2019 ලෝක කුසලානය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකානු සංචිතය නම් කිරීමට පෙර දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයට තමන් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය සඳහා පැමිණීමට සූදානමින් සිටින බව ඩිවිලියර්ස් විසින් පවසා තිබුණ නමුත් දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට හා ජාතික කණ්ඩායමට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින ක්‍රීඩකයින් හට එය විශාල අසාධාරණයක් බව පවසමින් ඩිවිලියර්ස්ගේ ඉල්ලීම එරට ක්‍රිකට් පාලනාධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ නමුත් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම දැනට එංගලන්තය, බංග්ලාදේශය හා ඉන්දියාව යන කණ්ඩායම් සමඟ ක්‍රීඩා කළ නමුත් ඔවුන් එම තරග 3ම පරාජයට පත්ව ඉතාමත් අසීරු තත්වයක සිටියි. එබැවින් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව තවදුරටත් යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් ඔවුන් මීළඟ තරග 6ම ජයග්‍රහණය කළ යුතුය.

රශීඩ් ඛාන්ගේ වාර්තාව එන තෙක් ඇෆ්ගනිස්තානය නොඉවසිල්ලෙන්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (8) පැවති ඇෆ්ගනිස්තාන – නවසීලන්ත තරගය අතරතුර දී ලුකී ෆර්ගියුසන්…

“2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග වදින දකුණු අප්‍රිකානු සංචිතය නම් කරපු දවසේ, මට මතක විදිහට නම් උදේ ඩිවිලියර්ස් මට දුරකථන ඇමතුමකින් කතා කරලා අපේ සංචිතය ගැන විස්තර ඇහුවා.” ගිබ්සන් පැවසීය.

“මම කියන්නේ නම් එතකොට ඔහු ප්‍රමාද වැඩියි කියලා. මොකද 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩා කිරීමේ ආසාවක් ඔහුට තියෙනවා නම්, මේ වසර ආරම්භයේ දී හරි ඔහුගේ මතය අපිට කියන්න තිබුණා. එහෙම කිව්වා නම් මොන හරි දෙයක් කරන්න තිබුණා. නමුත් ඒ වේලාවේ දී නම් ඔහු ප්‍රමාද වැඩියි. අපි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එන්න කලින් ශ්‍රී ලංකාව හා පාකිස්තානය එක්ක එක්දින තරගාවලි  සෙල්ලම් කළා එහි දී අපේ ක්‍රීඩකයෝ හොඳින් දස්කම් පෙන්නුවා. ඉතින් ඒ දස්කම් බලලා තමයි අපි අපේ සංචිතය තෝරාගත්තේ.” වැඩිදුරටත් අදහස් දැක්වූ ගිබ්සන් පවසන ලදි.

මේ වන විට දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්වය නිසාවෙන් ඩිවිලියර්ස්ගේ ඉල්ලීමට ඉඩ ලබා දෙන ලෙස එරට වැසියන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලීම් සිදු කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.  

“මම හිතන්නේ ඔහුත් කණ්ඩායමේ හිටියා නම් හොඳයි කියලයි. ඒත් ඔහු ඒ ඉල්ලීම කරන්න ගොඩාක් පමා වුනා. කොහොම වුනත් ඒ. බී. විශ්‍රාම ගත්තට පස්සේත් අපි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අසාර්ථක වුනේ නැහැ. ගොඩක් අවස්ථාවන් වලදී අපි කණ්ඩායමක් ලෙස සාර්ථක වුනා. ඕනෙම කණ්ඩායමකට මේ වගේ අවස්ථාවන් වලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. දැන් ඉතින් ගිය තරග ගැන කතා කරලා වැඩක් නැහැ. අපිට තව තරග 6ක් තියෙනවා තරගාවලියට අවතීර්ණ වෙන්න. ඒකට අවශ්‍ය හයිය අපේ දැන් ඉන්න ක්‍රීඩකයින්ට තියෙනවා.” ගිබ්සන් මාධ්‍ය හමුව අවසන් කරමින් පැවසීය.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<