ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය කරන්න පුළුවන් – බ්‍රෙට් ලී

92
Steve Smith

ඕස්ට්‍රේලියානු ප්‍රබල පිතිකරුවන් වන ඩේවිඩ් වෝනර් හා ස්ටීව් ස්මිත් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ආක්‍රමණය කිරීමට සූදානමින් සිටිනවා. ලෝක කුසලානයේ පළමු තරගයට ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තානය සමගින් තරග වැදීමට නියමිතයි.

පාකිස්තානයට නොසිතූ ඉරණමක්

මෙම වීඩියෝ පටය ශ්‍රී ලංකාව තුල දී පමණක් නැරඹීමට හැකි අතර නිකුත් කළ දින සිට දින 3ක් දක්වා පමණක් මෙය නැරඹීමට හැකි බව කරුණාවෙන් සලකන්න.

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන්ව සිටි වෝනර් හා ස්මිත් පන්දුව පළුදු කිරීමේ වරදට හසුවීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්ව සිටි අතර ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් දස්කම් දැක්වීමට සමත් විය.

පසුගිය දා නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වීමට ඩේවිඩ් වෝනර් සමත් වූ අතර ස්ටීව් ස්මිත් ලෝක කුසලාන තරගාවලියට පෙර පැවති පුහුණු තරගයේ දී එංගලන්තයට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

වර්තමාන ලෝක ශූරයන් වන ඕස්ට්‍රේලියා කණ්ඩායම පසුගිය වසරේ යම් පසුබෑමකට ලක්ව සිටිය ද ඒරන් ෆින්ච්ගේ නායකත්වයෙන් ලෝක කුසලානයට සහභාගි වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕනෑම මොහොතක ක්‍රියාත්මක වී ප්‍රහාරාත්මක විය හැකි කණ්ඩායමක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම අවධානය දිනා ගත් කණ්ඩායම ලෙස ද ඕස්ට්‍රේලියාව සඳහන් කළ හැක.

ලෝක කුසලානයට පෙර ඉන්දියාව සමඟින් පැවති එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. ඉන් අනතුරුව ඔවුන් ස්මිත් හා වෝනර් නැවතත් සංචිතයට කැඳවන ලදි.

ස්මිත් ට හා වෝනර්ට එංගලන්තයේ දී එතරම් හොඳ ප්‍රතිචාරයක් නොලැබුණු අතර එංගලන්තය සමඟින් පැවති පුහුණු තරගයේ දී ඔහුට ප්‍රේක්ෂකයන්ගේ අප්‍රසාදය හිමි විය. “වංචාකාරයා” යනුවෙන් ඇමතීම් ද සිදුව තිබුණි.

වැරදි හදන් වෝනර්, ස්මිත් නැවතත් සුපුරුදු ගමනට?

ඕස්ට්‍රේලියානු ප්‍රබල ක්‍රීඩකයන් වන ඩේවිඩ් වෝනර් හා ස්ටීව් ස්මිත් වසර කිහිපයකට පසු නැවත ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින පිටියට පිවිසීමට නියමිතයි. පන්දුව

හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු ‍යවන්නෙකු වන බ්‍රෙට් ලී වෝනර් හා ස්මිත්ගේ ආගමනය පිළිබඳව අදහස් දක්වා ඇති අතර ඔහු ස්මිත් හා වෝනර් මෙම තරගාවලියේ දී කැපී පෙනෙන වෙනසක් ඇති කරනු ඇතැයි පවසා තිබේ. නමුත් එංගලන්ත ප්‍රේක්ෂකයන් තරමක අප්‍රසාදයෙන් පසුවනු ඇතැයි පැවසූ බ්‍රෙට් ලී, වෝනර් හා ස්මිත් ඉවසිලිවන්තව කටයුතු කළ යුතු යැයි පවසා තිබේ.

“මම හිතන්නේ ඔවුන්ට ඔප්පු කරන්න දෙයක් නෑ. එයාලා ගොඩක් සතුටු වෙනවා ඇති නැවතත් කණ්ඩායමට පැමිණීමට ලැබීම ගැන” 2003 ඕස්ට්‍රේලියානු ලෝක ශූර කණ්ඩායමේ සාමාජිකයෙක් වූ බ්‍රෙට් ලී පවසා තිබේ

“ඔවුන්ව හොඳින් පිලිගත්තා කණ්ඩායමට. ඔවුන්ට ජයග්‍රහණය කරන්න පුළුවන් ”

“එයාලට විවේචකයන් ඉන්නවා. මටත් කෙවින් පීටර්සන් වගේ හැමවෙලේම විවේචනය කරන අය හිටියා. ඒත් අපි ඉවසිලිවන්තව ක්‍රීඩා කරන්න ඕන.”

ඕස්ට්‍රේලියානු වේගපන්දු බල ඇණිය ප්‍රබල තත්වයක සිටින අතර එංගලන්තයේ වේගපන්දුවට උචිත තණතිලි නිසා වැඩි වාසියක් ලබාගැනීමට මිචෙල් ස්ටාර්ක්, ජේසන් බෙහෙන්ඩෝෆ්, නේතන් කෝල්ටර්නයිල් හා කේන් රිචඩ්සන්ගෙන් සමන්විත වේගපන්දු යවන්නන් සමත් වනු ඇත.

දඟපන්දු ‍යවන්නන් වන ඇඩම් සැම්පා හා නේතන් ලියෝන් ද තම රිද්මය ලබාගෙන සිටින අතර ඒ බව ලෝක කුසලානයට පෙර පැවති පුහුණු තරග දෙකේ දී එංගලන්තයට හා ශ්‍රී ලංකාවට එරෙහිව දැක්වූ දස්කම් වලින් පෙනි යයි.

ලෝක කුසලාන ඉතිහාසයේ පස්වරක් කිරුළ දැරීමට සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර ලෝක කුසලානය ඇෆ්ගනිස්තානය සමඟ තරගයෙන් ආරම්භ කරනු ඇත. ඇෆ්ගනිස්තානය ලෝක කුසලානයට ක්‍රීඩා කරන දෙවන අවස්ථාව මෙයයි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ලෝක කුසලානය දක්වා පැමිණි ගමග එතරම් සුන්දර එකක් නොවේ. මාස දෙකකට පෙර නායකත්වයේ වෙනසක් කිරීමට ඇෆ්ගනිස්තානය තීරණය කළ අතර එහි දී අස්ගාර් ඇෆ්ගන් වෙනුවට ගුලාබ්දීන් නයීබ් පත්කරන ලදි. එම තේරීම කණ්ඩායමේ ජ්‍යේෂ්ඨයන්ගේ අප්‍රසාදයට පත්ව තිබුණි. නමුත් ඔවුන් ලෝක කුසලානයට බේද පසෙකලා ක්‍රීඩා කිරීමට තීරණය කර තිබේ.

“ගුලාබ්දීන් අස්ගාර්ගේ සහය ලබා ගන්නා බව කියලා තියෙනවා. ඒ හින්දා ඔවුන් එකමුතුව ක්‍රීඩා කරනවා” ඇෆ්ගනිස්තානයේ තේරීම් කමිටු සභාපති දව්ලට් ඛාන් අහමඩ්සායි පවසා ඇත.

“වෙනස්කම් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවත් නායකත්වය වෙනස් කළා. ”

අගහිඟකම් මැද කණ්ඩායම අත්නොහරින බංග්ලාදේශ ක්‍රීඩාලෝලියා

2019 ලෝක කුසලාන ක්‍රිකට් වසන්තය මේ වන විට ආරම්භ වී අවසන්. ක්‍රීඩකයන් හා ක්‍රීඩාලෝලීන් පවා උරෙන් උර ගැටෙන ක්‍රිකට් වසන්තය

ඇෆ්ගනිස්තානයේ ප්‍රබලම අවිය ලෙස දඟපන්දු ‍යවන ක්‍රීඩක රශීඩ් ඛාන් දැක්විය හැකි අතර ප්‍රතිවාදී පන්දු ‍යවන්නන් මෙල්ල කිරීමට ඔහුට ප්‍රබල හැකියාවක් ඇත. රශීඩ් මේ වන විට විස්සයි විස්ස පන්දු ‍යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ලබාගෙන ඇති අතර එක්දින ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානයේ රැඳී සිටී.

ඇෆ්ගනිස්තානය පුහුණු තරගයේ දී පාකිස්තානය පරාජය කිරීමට සමත් වීමත් සමඟම ලෝක කුසලානය පිළිබඳව ඔවුන්ගේ බලාපොරොත්තු වැඩි වී ඇත.

ලෝක කුසලාන බලාපොරොත්තු පිළිබඳව අදහස් දක්වමින් තේරීම් කමිටු ප්‍රධානී දව්ලට් ඛාන් පවසා ඇත්තේ රශීඩ් ඛාන් හා මුජිබර් රහුමාන් තමන්ගේ ප්‍රබලම තුරුම්පු බවයි.

“2015 ලෝක කුසලානයට රශීඩ් ඛාන් මුජිබර් රහුමාන් හිටියෙ නෑ. ඒ හින්දා මෙවර අප්‍රිකාව  අවසන් පූර්ව වටය ඉලක්ක කරනවා. අපිට කණ්ඩායම් කිහිපයක්ම පුදුම කිරීමට හැකි වේවි.”

“පරාජය කරන්න පුළුවන් කණ්ඩායම් අපි හඳුනා ගෙන තියනවා.”

2019 ලෝක කුසලාන තරගාවලිය මේ වන විට ආරම්භ වී ඇති අතර අති උත්කර්ෂවත් තරගාවලියක පෙරනිමිති මේ වන විටත් පහල වී අවසන්.

2019 ලෝක කුසලාන තරගාවලියේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු වන ThePapare.com ලෝක කුසලානයේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<