අජින්කයා රහනේ නායකත්වයෙන් ඉවතට

517
Courtesy - Sports star

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඉන්දීය ක්‍රීඩක අජින්කයා රහනේ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ, කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් සහ මෙවර තරග වාරයේ දී ඔහුගේ පෞද්ගලික දක්ෂතා සුපුරුදු මට්ටමේ නොතිබීමත් යන කරුණු සැලකිල්ලට ගනිමිනි.

ඇලෙක්ස් හේල්ස් ලෝක කුසලානය අත්හරී ද?

එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ සහ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට්….

ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නව නායකයා ලෙස පත්කර ඇත්තේ හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් ය.

මෙවර තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට සහභාගී වූ තරග 8න් ජයග්‍රහණය කරන්නට ඔවුන්ට හැකි වූයේ තරග 2ක් පමණි. ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉතිරි තරග 8ම රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ජය ගැනීම අනිවාර්ය මට්ටමක පවති.

කෙසේ වෙතත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සිටින ප්‍රබල එංගලන්ත ක්‍රීඩකයින් වන ජෝස් බට්ලර්, ජොෆ්රා ආචර්, බෙන් ස්ටෝක්ස්ගේ දායකත්වය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට අහිමි වන්නේ ඔවුන් එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වීම නිසාවෙනි.

පන්දුව පළුදු කිරීමේ චෝදනාවට තරග තහනමට ලක්ව සිටි ස්ටීවන් ස්මිත් මෙවර ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයට ද ඇතුළත් කර තිබේ.

IPL තරගාවලියේ දී ස්ටීවන් ස්මිත් මේ වන විට ලකුණු 186ක් රැස්කරගෙන සිටින්නේ 107.51ක ප්‍රහාරාත්මක වේගයක් ද රඳවා ගනිමිනි. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන නිලධාරි සූබින් භාරුකා මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ අජින්කයා රහනේට තවදුරටත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්ව වගකීම පවතින බවත්, ඔහු ස්මිත්ට මනා සහයෝගයක් ලබා දේ යැයි අපේක්ෂා කරන බවය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<