දිමුත් 8 වැනි ස්ථානය ලබාගනිද්දී අකිල 36ට

10460

ලෝක ටෙස්ට් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (18) සමත් වූයේ ලොව අංක දෙකේ කණ්ඩායම වන නවසීලන්තය පරදා කඩුලු 6ක ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරමිනි. එම ජයග්‍රහණයත් සමඟින් ලෝක ටෙස්ට් තරගාවලියේ ලකුණු 60ක් ලබා ගනිමින් පෙරමුණට පැමිණීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය. 

වාර්තාවන් සමඟින් සිංහයින්ගෙන් කිවියන්ට හොඳ සංග්‍රහයක්!

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා….

ශ්‍රී ලංකාව සිව්වැනි ඉනිමේ දී හඹා ගිය ලකුණු 268 කඩුලු 4ක් පමණක් දැවී පසුකර ගිය අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වීමට නායක දිමුත් කරුණාරත්න සමත් විය. ඒ විශිෂ්ට ලකුණු 122ක් වාර්තා කරමිනි. එම ඉනිම ඔහු ලෝක ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානය දක්වා ඔසවා තැබීමට සමත්ව ඇත. වසර 7ක ටෙස්ට් දිවිය තුල දිමුත් කරුණාරත්න දැක්වූ ඉහළම දක්ෂතාවය ලෙස මෙය සටහන් විය. 

නවසීලන්ත ශ්‍රී ලංකා තරගාවලියේ ශ්‍රී ලංකා ජයග්‍රහණයට විශාල දායකත්වයක් දැක්වූ අකිල

ධනංජය පළමු ඉනිමේ දී කඩුලු 5ක් දවා ගත්තේ නවසීලන්ත පිතිකරුවන් අසරණ කරමිනි. ඔහුගේ පන්දු ‍යැවීමේ දක්ෂතා නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ දී වැඩි වාසියක් ලබා ගැනීමට සමත් විය. අකිලගේ මෙම දක්ෂතා ඔහු පන්දු ‍යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 45 වැනි ස්ථානයේ සිට 36 වැනි ස්ථානය දක්වා ගෙන ඒමට සමත්ව ඇත. 

ලෝක ටෙස්ට් තරගාවලිය ආරම්භ වූයේ එංගලන්ත ඕස්ට්‍රේලියා අළුබඳුන තරගාවලියෙනි. පළමු අළුබඳුන තරගයේ දී ම ශතක දෙකක් වාර්තා කරමින් තම ආගමනය සටහන් කළ ඕස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් දෙවන තරගයේ දී ද ශතකයක් ආසන්නයට පැමිණීමට සමත් විය. 

ඔහු පළමු ඉනිමේ දී අවාසනාවන්ත ලෙස ලකුණු 92කට දැවී ගිය අතර දැවී යාමට පෙර එංගලන්ත වේගපන්දු ‍යවන ක්‍රීඩක ජොෆ්රා ආචර්ගේ පන්දුවක් හිසෙහි වැදීම නිසා තරගයෙන් ඉවත් වීමට ද ඔහුට සිදුවීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණි. කෙසේ වෙතත් ස්මිත්ගේ මෙම දක්ෂතා ඔහුට ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය නැවතත් ලබා දීමට සමත්ව ඇත. 

වනිඳුගේ තුන් ඉරියව් දස්කම් ඉදිරියේ බංගලියෝ අසරණ වෙති!

යොවුන් ක්‍රීඩක වනිඳු හසරංග පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දැක්වූ සුපිරි දක්ෂතා….

අළුබඳුන තරගාවලියේ දෙවන තරගයේ දී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් ජොෆ්රා ආචර් තම මංගල තරගයේ දී ම පන්දු ‍යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට ඇතුලත් වීමට සමත් විය. ඔහු එහි 83 වැනි ස්ථානය ලබාගෙන ඇත. 

ස්මිත් අළුබඳුන තරගාවලියේ මෙතෙක් ඉනිම් තුනකට ක්‍රීඩා කර ඇති අතර එහි දී ලකුණු 378ක් වාර්තා කර ඇත්තේ 126ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය ලබාගෙන සිටින විරාත් කෝලිට වඩා ලකුණු 9ක් පිටුපසින් සිටින ස්මිත්ට දෙවන අළු බඳුන තරගයේ දී දැක්වූ දක්ෂතා නිසා ලකුණු 19ක් හිමිව ඇත. 

අළුබඳුන තරගාවලිය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රබල වෙනස්කම් කීපයක් සිදු කිරීමට සමත්ව ඇත. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ට්‍රාවිස් හෙඩ් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් 18 වැනි ස්ථානය ලබාගෙන ඇති අතර මාර්නස් ලැබුශාන්ග්නේ ස්ථාන 16ක් පසුකර යමින් 82 වැනි ස්ථානය ලබාගෙන ඇත. එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් 26 වැනි ස්ථානය ලබා ගැනීමට සමත්ව ඇත්තේ ස්ථාන 6ක් ඉදිරියට පැමිණෙමිනි. ජොනී බෙයාස්ටෝව් 30 වැනි ස්ථානය ද, රොරෝ බර්න්ස් 64 වැනි ස්ථානය දක්වා ද පැමිණ ඇත. 

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට මෙම තරගාවලිය එතරම් සාර්ථක එකක් නොවූ අතර ඔහු ස්ථාන 4ක් පසුපසට ගොස් ඇත. උස්මාන් කවාජා හා කැමරන් බැන්ක්‍රොෆ්ට් ස්ථාන 5ක් පසුපසට ගොස් තිබීම විශේෂත්වයකි. 

වනිඳුගේ තුන් ඉරියව් දස්කම් ඉදිරියේ බංගලියෝ අසරණ වෙති!

යොවුන් ක්‍රීඩක වනිඳු හසරංග පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දැක්වූ සුපිරි දක්ෂතා….

පන්දු ‍යවන්නන්ගේ ශ්‍රේණිගත කිරිම්වලට තම මංගල තරගයේ දී ම පිවිසීමට සමත් වූ ආචර් එම තරගයේ දී ලකුණු 91කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. එංගලන්තයේ ජැක් ලීච් මෙම තරගයේ දී කඩුලු 4ක් දවා ගත් අතර එම දක්ෂතා ඔහු ස්ථාන 8ක් ඉදිරියට ගෙන එමින් 40 වැනි ස්ථානයට පත්කර ඇත. 

පසුගිය වසරේ නවසීලන්ත තරගාවලියේ දී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගන්නා ජැක් ලීච් මේ දක්වා ටෙස්ට් තරග 6කට ක්‍රීඩා කර ඇති අතර එහි දී කඩුලු 24ක් දවාගෙන ඇත්තේ 24.16ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. 

ලෝක ටෙස්ට් පන්දු ‍යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය තවදුරටත් රඳවා ගැනීමට ඕස්ට්‍රේලියාවේ පැට් කමින්ස් සමත්ව සිටී. ඔහු ලබා ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 914ක් වන අතර එය ඔහුගේ ඉහළම දක්ෂතාවයයි. 

>> සම්පූර්ණ ශ්‍රේණිගත කිරීම් සඳහා පිවිසෙන්න <<

ඕස්ට්‍රේලියා එංගලන්ත අළු බඳුන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට සමත්ව සිටින පැට් කමින්ස් මේ දක්වා කඩුලු 13ක් ලබාගෙන ඇති අතර එහි සාමාන්‍ය 16.30ක් ලෙස දැක්වේ. පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දස්කම් දැක්වූ පැට් කමින්ස් ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානය ලබා ගැනීමට සමත්ව ඇත

ලෝක ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<