ජයග්‍රහණයෙන් පස්සේ Social Media වලින් ඇහෙන කතා

16476

තරග කිහිපයක් වර්ෂාවෙන් සේදී යාම නිසාවෙන් 12 වැනි ICC ක්‍රිකට් ලෝක කුසලානය අවසන් වටය දෙසට ගමන් කළේ ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් හතරට අවසන් පූර්ව වටයේ පහසු අසුන් වෙන් කරමින්. කෙසේ වෙතත් ලෝක කුසලානයේ ප්‍රබලතම කණ්ඩායම වන එංගලන්ත කණ්ඩායම නොසිතූ විරූ ලෙස ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූයේ තරගාවලියේ උණුසුම දෙගුණ තෙගුණ කරමින්.

මැතිව්ස්ගේ ජේත්තුකාර ඉනිමට මාලිංගගෙන් තල්ලුවක්

මෙතෙක් දවසක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලකුණු සොයමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් අද (21)….

කඩුල්ල පිතිකරණයට ඉතා හොඳ බව පෙනුනත් ශ්‍රී ලංකාවට පළමු පන්දුවාර පහ තුළ ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අහිමි වුණේ නොසිතූ ලෙසයි. සිය හොඳම පිතිකරුවන් අහිමි වුනත් සිය පළමු ලෝක කුසලාන තරගයට ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු එංගලන්ත පන්දු යවන්නන්ට එලව එලවා පහර දුන්නේ තරගයේ පාලනය නැවත ශ්‍රී ලංකාව දෙසට ගෙනෙමින්.

ලකුණු 300කට වඩා ලකුණු පුවරුවකින් වත් එංගලන්තය නැවැත්විය නොහැකි යැයි ලොවම කියද්දී කඩුල්ලේ සිටියේ දිගින් දිගටම අසාර්ථක වීම නිසා සමාජ මාධ්‍ය ඔස්සේ පහර කෑ කුසල් මෙන්ඩිස් හා මංගල ලෝක කුසලාන තරගය ක්‍රීඩා කරන අවිශ්ක ප්‍රනාන්දු යි.

අවිශ්ක හා කුසල් හොඳ සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකාව පත්ව සිටි තත්වයෙන් ගොඩ ගත් අතර එංගලන්ත ප්‍රබල පන්දු යවන තුරුම්පුව, ජෝෆ්රා ආචර් එවූ පන්දු දෙකක් අවිශ්ක අලංකාර ලෙස ප්‍රේක්ෂකාගාරය වෙත හරවා යැව්වේ කිසිදු චකිතයකින් තොරවයි. පෙර තරගවල දී සාර්ථක නොවූ ඇන්ජලෝ මැතිව්ස් පන්දුවවාර 50 සම්පූර්ණ වන තෙක් කඩුල්ලේ රැඳෙමින් ක්‍රීඩා කළේ යලිත් ලකුණු අතරට පිවිසෙමින්.

Aakash Chopra on Twitter

Some crisp shots by Avishka Fernando….there’s no dearth of talent in….

ධනංජයගේ දායකත්වයක් සමඟ අවසන් පන්දුව තෙක් සටන් කළ ඇන්ජලෝ ගොඩ නැගූ ලකුණු පුවරුව ලොව බොහෝ විචාරකයින් පැවසුවේ එංගලන්තයේ පහසුවෙන් හඹා යනු ඇති බවයි. පසුගිය තරග දෙකේ දී ම ලකුණු 350 සීමාව අභිභවා ගොස් සිටි ඔවුන්ට ලකුණු දෙසිය තිස් දෙක එතරම් අභියෝගයක් වූයේ නැති බවයි බොහෝ දෙනා ප්‍රකාශ කළේ.

හිටපු එංගලන්ත නායක මයිකල් වොන් මෙසේ ට්විටර් ඔස්සේ අදහස් එකතු කර තිබුණා.

Michael Vaughan on Twitter

Sri Lanka playing cricket like England were playing in 1996 … !! or for that matter…

තරගයේ දෙවන ඉනිම තනිකරම සුරංගනා කතාවක් බවට පත් වූ අතර පළමු පන්දුවාරයේ සිටම ශ්‍රී ලංකාව සටනට පිවිසුණේ සුපිරි පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පෙරමුණේ තබා ගනිමින්. තිසර අගනා පාලනයකින් පන්දු යැවූ අතර ධනංජය අවශම මොහොතේ කඩුලු තුනක් කණ්ඩායමට ලබා දෙද්දී මාලිංග ලෝක කුසලානයක කඩුලු 50 සීමාව පසු කළේ ප්‍රබල එංගලන්ත පිතිකරුවන් වන වින්ස්, බෙයාර්ස්ටෝව්, රූට් හා ජෝස් බට්ලර් ක්‍රීඩාගාරයට හරවා යවමින්.

ශ්‍රී ලංකාව තරගය ජය ගැනීමෙන් අනතුරුව හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් රැසක් කණ්ඩායමට සුබ පැතුම් එකතු කර තිබුණා.

Sanath Jayasuriya on Twitter

Congratulations Srilanka .. what a brilliant bowling performance !! #LionsRoar #CWC19

Sachin Tendulkar on Twitter

Brilliant stuff from Sri Lanka. What they didn’t do with the bat, they more than compensated with the ball. Malinga and Co….

ඇන්ජෙලෝ මැතිව්ස් පසුගිය තරග කිහිපයේම අසාර්ථක වීම නිසා දිගින් දිගටම විවේචනයට ලක් වූ අතර මේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවා ඊයේ සිය වගකීම් අකුරටම ඉටු කළේ ප්‍රබල එංගලන්ත පන්දු යවන්නන් හමුවේ මනා සංවරයකින්, ඉවසීමෙන් යුතුව නොදැවුණු ලකුණු 85ක් රැස් කරමින්. මෙම ඉනිම ඉතා වැදගත් වන්නේ ප්‍රබල එංගලන්ත පිතිකරුවන්ට වත් ඇන්ජලෝ මෙන් කඩුල්ලේ රැඳී සිටිමින් පහර දීමට නොහැකි වූ නිසයි.

විචාරකයින් බොහෝ දෙනෙක් සටහන් තබා තිබුණේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කණ්ඩායමේ සිටීම ඉතා වැදගත් බවයි.

Cricket World Cup on Twitter

Angelo Mathews and Lasith Malinga, with 26 years of international cricket between them, each achieved World Cup career bests today – they’re just getting better with age! Old is gold ? = ? #CWC19 | #LionsRoar

VVS Laxman on Twitter

Well done Sri Lanka. Fantastic win. Malinga and Matthews, showing what experience can do in crunch situations. Makes the table interesting #ENGvSL

ඇතැම් විචාරකයින් පවසා තිබුණේ ඔවුන් මෙවර ලෝක කුසලානයේ පෙරළියක් දැක බලා ගැනීමට බොහෝ අපේක්ෂාවෙන් සිටි බවයි. මෙතැන් සිට මීට වඩා උද්යෝගිමත් තරග පැවැත්වෙනු ඇති බව ඔවුන් පවසා තිබුණා.

Harsha Bhogle on Twitter

This #CWC19 was heading towards many dead rubbers. Today’s result has changed that and I am looking at the matches to come through a different lens

Shoaib Akhtar on Twitter

Sensational defence of a small total. Sri Lanka making the world cup interesting. Whats next guys? #ENGvSL #CWC19

‘නව ක්‍රීඩකයින් 10ක්’ සිටන ශ්‍රී ලංකා කණ්ඩායම ‘පුදුමයක්’ බව එංගලන්ත නායක ඔයින් මෝර්ගන් පවසා තිබුණු අතර ශ්‍රී ලංකාවේ පන්දු යැවීමෙන් ‘පුදුම’ වූ ඔහු තරගාවලියට පෙර අදහස් දක්වා තිබුණේ මෙසේයි.

ESPNcricinfo on Twitter

How many surprises is #EoinMorgan in for today? #CWC19 #ENGvSL https://t.co/ZF7eM6aNh8

දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ට සැවොම ප්‍රශංසා කරද්දී සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන, දිමුත් කරුණාරත්න ඊයේ කණ්ඩායම හැසිරවීමේ දැක්වූ දක්ෂතාවය පිළිබඳව ප්‍රශංසා කර තිබුණා.

Mahela Jayawardena on Twitter

Great win boys!!!!! Lasith Malinga You beauty ? well done @IamDimuth under pressure delivered. Played @Angelo69Mathews ?

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<