දක්ෂතම ක්‍රීඩකයා ධනංජය; ක්‍රීඩිකාව රත්නකුමාරි

170

2018 ශ්‍රී ලංකා යුධ හමුදා ස්වේච්ඡා බලකායේ අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය පසුගිය දා (22) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී උත්කර්ෂවත් ලෙස අවසන් නිමාවට පත්විය. ස්වේච්ඡා සේවා බලකා 100කට අධික ප්‍රමාණයකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600ක් තරගාවලිය සඳහා සහභාගී වූ අතර පිරිමි කණ්ඩායම් 20ක් හා කාන්තා කණ්ඩායම් 5ක් ඒ අතර විය.

පළමුවැනියා සමන්ත නමුත් පදක්කම චන්ද්‍රදාසන්ට

හතළිස් හතර වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු ඉසව්ව වශයෙන් පැවති රට හරහා…

ප්‍රසාද ලකුණු 284ක් හිමි කර ගනිමින් ශ්‍රී ලංකා යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරු ස්වේච්ඡා බලකාය (SLEME) තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනා ගත් අතර, ලකුණු 264ක් දිනා ගනිමින් ශ්‍රී ලංකා යුධ හමුදා ස්වේච්ඡා කාන්තා බලකාය (SLAWC)6(V) කාන්තා අංශයේ සමස්ත ශූරතාවය දිනා ගන්නා ලදි. තරග පැවති දින තුන පුරා නව තරගාවලි වාර්තා දහතුනක් බිහි වීම විශේෂ කරුණක් විය.

මීටර 7.78 (w-1.1)ක දුරක් වාර්තා කරමින් දුර පැනීමේ ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිට වූ ශ්‍රී ලංකා යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරුවන් නියෝජනය කළ L. G. ධනංජය හොඳම පිරිමි ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් අතර කාන්තා මීටර 400 ඉසව්ව තත්පර 54.72කින් නිමා කළ යුධ හමුදා ස්වේච්ඡා කාන්තා බලකායේ SLAWC 5(V) M. U. රත්නකුමාරි හොඳම කාන්තා ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගැනීමට සමත් විය.

නැගෙනහිර පළාත නියෝජනය කළ ශ්‍රී ලංකා යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරු ස්වේච්ඡා බලකායේ L. M. අශ්රෆ් තරගාවලියේ වේගවත්ම පිරිමි ධාවකයා ලෙස තත්පර 10.72කින් මීටර 100ය ඉසව්ව අවසන් කිරීමට සමත් විය.

ජාතික කාන්තා සත්ප්‍රයාම වාර්තාවට හිමිකම් කියන ශ්‍රී ලංකා යුධ හමුදා ස්වේච්ඡා කාන්තා බලකායේ (SLAWC)2(V) ලක්ෂිකා සුගන්දි සත්ප්‍රයාම ඉසව්ව තත්පර 12.31කින් අවසන් කරමින් ජය ගැනීමට සමත් වූ අතර, M. G. R. S. ෆර්ඩිනැන්ඩස් හට වේගවත්ම කාන්තා ධාවකයා වෙමින් කාන්තා මීටර 100 ඉසව්වේ හොඳම කාලය තත්පර 12.23ක් ලෙස මූලික තේරීම් වටයේ දී වාර්තා කීරීමට හැකි වූ නමුත් අවසන් මහා තරගයේ දී ලක්ෂිකා සුගන්දි හමුවේ දෙවන ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු විය.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<