ICC සාමාජිකත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙයි ද?

319
SLC’s ICC

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) 75 වන කමිටු රැස්වීම ජූලි මස 2 වැනිදා අයර්ලන්තයේ  ඩබ්ලින් නුවර දී පැවැත්වුණු අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරි මාස 6 තුල දී නිලවරණය පැවැත්වීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය පිළිබඳව දෙවතාවක් සිතාබැලීමට සිදුවන බව ICC විසින් පවසා ඇත.

අතුරු තහනම විසි වේ; නිලවරණයට දොර ඇරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම තහනම් කරමින් පසුගිය 30 වැනිදා නිකුත් කළ…

නිශාන්ත රණතුංග මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලූ ගරු අභියාචනාධිකරණය පසුගිය මැයි මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය පැවැත්වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලදි. අනතුරුව නිලවරණය පැවැත්වීමට නොහැකි නිසා ගරු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් පසුගිය ජුනි පළමු වැනිදා සිට නිලවරණය පවත්වා අවසන් වනතෙක් එහි වැඩ කටයුතු බැලීමට එම අමාත්‍යංශයේ ලේකම් වන කමල් පද්මසිරි මහතාව පත් කළේය.

කෙසේ නමුත් ගරු අභියාචනාධිකරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට නොහැකි ලෙස පනවා තිබූ තහනම ජුනි 14 වැනිදා ඉවත් කිරීමට තීරණය කළ නමුත්, නැවතත් මුල සිටම නිලවරණය සඳහා අවශ්‍ය නාමයෝජනා කැඳවන ලෙසට ගරු අභියාචනාධිකරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට දැනුම් දී තිබෙන අතර  ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වා අවසන් කිරීමට අවම වශයෙන් තවත් මාස දෙකකට නොඅඩු කාලයක් වැය වනු නිසැකය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<