කාන්තා සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වේ

258

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ කාන්තා සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය අද (02) හොරණ දී හා බණ්ඩාරගම දී ඇරඹීමට නියමිතයි.

ඉතිහාසයේ පළමු වතාවට සංවිධානය වන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් හතරක් සහභාගී වන අතර ලීග් ක්‍රමයට අනුව එක් කණ්‌ඩායමක්‌ තරග තුනකට සහභාගි වීමට නියමිතය. ලකුණු සටහනේ වැඩිම ලකුණු ලබා ගන්නා කණ්ඩායම තරගාවලියේ ජයග්‍රාහකයින් ලෙස නම් කරනු ලබයි.

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩිකාවෝ විස්සත් දිනති

සංචාරක පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම..

කණ්ඩායම් හතරේ නායකත්වය නැගී එන ක්‍රීඩිකාවන් සිව්දෙනකුට පිරිනමා ඇත. හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, මල්ෂා ෂෙහානී සහ සත්‍යා සංදීපනී එම ක්‍රීඩිකාවෝ වෙති. එම ක්‍රීඩිකාවන්  සිව්දෙනාගෙන් ක්‍රීඩිකාවන් තිදෙනෙකුම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් හිමි කර ගත් ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයකි.

හසිනි පෙරේරා පසුගිය දා  නිමාවට පත් වූ පාකිස්තාන එක්දින හා විස්සයි විස්ස තරගාවලිය ද නියෝජනය කළ අතර නායිකාවන් සිව්දෙනා අතරින් අත්දැකීම් බහුලම නායිකාව වෙමින් එක්දින තරග 28කට හා විස්සයි විස්ස තරග 20කට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් හිමිකර ගැනීමට ඇය සමත් විය.

හර්ෂිතා සමරවික්‍රම පසුගිය වසරේ පැවති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අතර එක්දින තරග 4ක හා එක්‌ විස්සයි විස්ස තරගයක අත්දැකීම් ඇය සතුව තිබේ. මල්ෂා ෂෙහානී මේ වසර මුල දී එක් එක්දින තරගයක් ක්‍රීඩා කළ අතර අම්බලන්ගොඩ දේවපතිරාජ විදුහලෙන් ක්‍රීඩාවට පිවිසි සත්‍යා සංදීපනී තවමත් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නොමැත.

තරග කාල සටහන

අප්‍රේල් 02 – දඹුල්ල හා කොළඹ අතර ආරොන් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, හොරණ
අප්‍රේල් 02 – මහනුවර හා ගාල්ල අතර බණ්ඩාරගම
අප්‍රේල් 03 – කොළඹ හා ගාල්ල අතර ආරොන් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, හොරණ
අප්‍රේල් 04 – දඹුල්ල හා මහනුවර අතර ආරොන් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, හොරණ
අප්‍රේල් 05 – මහනුවර හා කොළඹ අතර බණ්ඩාරගම දී
අප්‍රේල් 05 – ගාල්ල හා දඹුල්ල අතර ආරොන් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, හොරණ

සංචිතයන්

මහනුවර – මල්ෂා ෂෙහානි (නායිකා), තරුෂි රාජකරුණා, සචිනි දයාරත්න, රුවනි නන්දසේන, සයනි ඔශාදී, සන්සලා වනිගසේකර, දිනුෂි මදාරා, උදාර බණ්ඩාර, ඉරේෂා දයානන්ද, ජී. එල්. නිමේෂිකා, ලක්මාලි රාජපක්ෂ, වී. සරන්‍යා, සඳුනි නිසංසලා, කාවින්දි පාරමී, උමේෂා තිමෙශනී.

කොළඹ – හසිනි පෙරේරා (නායිකා), තාරිකා සෙව්වන්දි, පබසරා රණබාහු, සචිනි ජයවර්ධන, සචිනි දිල්ෂානි, සඳනි දිල්ශානි, හරිනි හේවාතන්ත්‍රී, සඳනි තිවන්කා, දිලිනි ජයවර්ධන, ජනාදි අනලි, මල්ෂා රණතුංග, නිමේෂා මදුශානි, රුවනි මදුෂිකා, සිත්මි මිරාෂා, කේ. කේ. සුරන්ති,

ගාල්ල – සත්‍යා සංදීපනී (නායිකා), කවිෂා දිල්හාරි, ලංකා දර්ශනී මෙන්ඩිස්, ඒ. එස්. ඩී. එම්. විජේසිංහ, ඉරේෂා චතුරාණි, පූජා රශ්මි, නිලක්ෂනා සඳමිනි, ඉමේෂා දුලානි, සචිනි නිසංසලා, සිතාරි නිවර්තනා, ටී. චතුරංගි, සුලේෂා සත්සරණී, තාරුකා ෂෙහානි, ඒ. අයි. එස්. මල්ශානි, චේතනා විමුක්ති.

දඹුල්ල – හර්ශිතා මාධවී සමරවික්‍රම (නායිකා), සයනි දිනේශිකා, ලිහිණි අප්සරා, කෞශල්‍යා ජයවර්ධන, ප්‍රසාදි මදුෂිකා, පූර්නිමා ප්‍රනාන්දු, සිතුමිණි මියුරංගිකා, ගිමන්ති වත්තේගෙදර, ජිතාංජලි විජේනායක, සශිනි ප්‍රනාන්දු, ජුඩිත් ප්‍රනාන්දු, සුගන්දිකා ප්‍රනාන්දු, අංජකි ලොව්, ප්‍රභාශි ප්‍රනාන්දු, සයනි නිමේෂා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<