පළමු ඉනිමේ ජයග්‍රහණ රැසක් සමඟ මූලික වටය අවසන්

506

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අද (28) අවසන් වූ අතර, මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා මධ්‍යම පළාත හා බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම් සුදුසුකම් ලබා ගන්නා ලදි.

කවීන් බණ්ඩාරගේ ශතකය බස්නාහිර ජය තහවුරු කරයි

කවීන් බණ්ඩාරගේ ලකුණු 144 සවියක් කර ගත් බස්නාහිර පළාත් උතුර කණ්ඩායම, නැගෙනහිර පළාතට එදිරිව කඩුලු 10ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට අද (27) සමත් විය.

උතුරු පළාත හා උතුරු මැද පළාත

A කාණ්ඩයේ මෙම තරගයේ කාසියේ වාසිය තමන් සතුකරගත් උතුරු පළාත පළමුව පිතිකරණය සඳහා පිටියට පැමිණි අතර, ඔවුන් කොළඹ බ්ලුම්ෆීල්ඩ් තණතීරුව මත සිය පළමු ඉනිමට රැස්කර ගත්තේ ලකුණු 190කි. එහි දී මොහොමඩ් අල්ෆාර් ලකුණු 82යි. පන්දු යැවීමේ දී අකාශ් සේනාරත්න ලකුණු 65ක් තුල කඩුලු 5යි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ උතුරු මැද පළාත තරගයේ පළමු දිනය අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 138ක් රැස්කර ගන්නා ලදි. එහි දී යොහාන් මෙන්ඩිස් ලකුණු 63ක් රැස්කර ගත් අතර, තරගාවලියේ හොඳින් ලකුණු අතර සිටි දිනෙත් තිමෝද්‍ය ලකුණු 34කට දැවී ගියේය.

උතුරු මැද පළාත උතුරු පළාත් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 52ක් පසුපසින් පසුවෙමින් අද දිනය සඳහා තරගයට අවතීර්ණ විය. සංදීප නිසංසල ලකුණු 66*යි. පන්දු යැවීමේ දී වී. ජතුශන් කඩුලු 3යි.

ලකුණු 275ක් ලබාගෙන සිටිය දී තම ඉනිම අත්හිටවූ උතුරු මැද පළාත වෙනුවෙන් දුලාජ් රණතුංග හා පරාක්‍රම තෙන්නකෝන් ලකුණු අතරට පැමිණියේය. චතුරංග අබේසිංහ කඩුලු 4යි. පිළිතුරු දෙවන ඉනිම දියත් කළ උතුරු පළාතට ලකුණු 231ක් සිය ජයග්‍රහණය සඳහා ලබා ගැනීමට තිබුණ ද, ඔවුන් දිනය අවසානයේ කඩුලු 2ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 200ක් පමණි.

තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට උතුරු මැද පළාත සමත් විය.

උතුරු පළාත පළමු ඉනිම – 190/10 (51.5): මොහොමඩ් අල්ෆාර් 82, වී. ජතුශන් 23, අකාශ් සේනාරත්න 5/65, සංදීප නිසංසල 2/19.

උතුරු මැද පළාත පළමු ඉනිම  – 235/10 (55.3): සංදීප නිසංසල 66*, යොහාන් මෙන්ඩිස් 63, දිනෙත් තිමෝද්‍ය 34, අකාශ් සේනාරත්න 28, වී. ජතුශන් 3/40, මොහොමඩ් අල්ෆාර් 3/54, සචිත ලක්ෂාන් 2/54,  කේ. කපිල්රාජ් 2/62.

උතුරු පළාත දෙවන ඉනිම – 275/9 dec (49.3): දුලාජ් රණතුංග 74, පරාක්‍රම තෙන්නකෝන් 42, එ්. කේ. ටිරෝන් 33, රිසිත් උපමාල් 25, චතුරංග අබේසිංහ 4/36, සංදීප නිසංසල 3/36.

උතුරු මැද පළාත දෙවන ඉනිම – 200/2 (38.5): දිනෙත් තිමෝද්‍ය 121*, යොහාන් මෙන්ඩිස් 59, ඒ. කේ. ටිරෝන් 2/64.


බස්නාහිර පළාත් මධ්‍යම හා වයඹ පළාත

ජය පරාජයෙන් තොරව අවසන් වූ මෙම තරගයේ පළමු ඉනිම ජය ගැනීමට බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම සමත් විය. A කාණ්ඩයේ තරගයක් වූ මෙහි කාසියේ වාසිය ජය ගත් වයඹ පළාත බී. ආර්. සී පිටියේ දී පළමුව පිතිකරණය සඳහා සිය ප්‍රතිවාදීන්ට ඇරයුම් කළේය.

ඊයේ හිමාශ ලියනගේ ලකුණු 72ක් වාර්තා කළේය. ඔහුට සහයක් වූ ලහිරු විමුක්ති ලකුණු 60යි. පන්දු යැවීමේ දී තරිඳු රත්නායක ලකුණු 60ක් තුල කඩුලු 5යි.

දෙවන දිනය සඳහා තරගය අරඹන විට, කඩුලු 7ක් දැවී ලකුණු 128ක් ලබාගෙන සිටි අතර වයඹ පළාත් පළමු ඉනිමට සචින්ත පීරිස් අර්ධ ශතකයක් ලබාගෙන තරගයක් දිය හැකි මට්ටමේ ලකුණු පුවරුවක් නිර්මාණය කළේය. ජනිත ලියනගේ කඩුලු 4යි.

අනතුරුව දෙවන ඉනිම දියත් කළ බස්නාහිර පළාත් මධ්‍යම වෙනුවෙන් සධීර ලකුණු 133ක් රැස් කිරීමට සමත් විය. තරිඳු රත්නායක ලකුණු 114ක් තුල කඩුලු 5යි. තරගය අවසන් වන විට වයඹ පළාත තම දෙවන ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 42ක් ලබාගෙන තිබුණි.

බස්නාහිර පළාත් මධ්‍යම පළමු ඉනිම – 204/10 (46.1): හිමාශ ලියනගේ 72, ලහිරු විමුක්ති 60, සධීර සමරවික්‍රම 26, තරිඳු රත්නායක 5/60, අසිත ප්‍රනාන්දු 3/52.

වයඹ පළාත පළමු ඉනිම  – 187/10 (61.3): සචින්ත පීරිස් 51, සචින් ජයවර්ධන 27*, රුක්ෂාන් ප්‍රනාන්දු 27, ලියෝ ෆැන්සිස්කෝ 26, ජනිත ලියනගේ 4/64, ඩිශාක් මනෝජ් 2/49, සහන් නානායක්කාර 2/51.

බස්නාහිර පළාත් මධ්‍යම දෙවන ඉනිම – 283/10 (71.3): සධීර සමරවික්‍රම 133, මනෙල්කාර් ද සිල්වා 33, හිමාශ ලියනගේ 26, ඩිශාක් මනෝජ් 21, තරිඳු රත්නායක 5/114, සචින් ජයවර්ධන 4/30.

වයඹ පළාත දෙවන ඉනිම – 42/2 (8): ලියෝ ෆැන්සිස්කෝ 22*

ඌව පළාත හා දකුණු පළාත

ඩිල්ශාන් ද සොයිසාගේ ශතකය සමඟින් සවිබල ගැන්වූ දකුණු පළාතට මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට හැකි විය. ඔවුන් තරගයේ පළමු දිනය අවසානයේ සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 78ක් රැස්කර ගන්නා ලදි. මෙම තරගය මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවතියේ B කාණ්ඩයේ තරගයක් ලෙසයි.

පළමුව පිතිකරණය සඳහා උචිත යැයි තීරණය කළ ඌව පළාත කාසියේ වාසිය ජයග්‍රහණය කොට පළමුව පිටියට අවතීර්ණ විය. අවසානයේ දී ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 198කට සීමා වූ අතර, එහි දී රමේශ් මෙන්ඩිස් කඩුලු 4ක් දවා ගන්නා ලදි. දක්ෂ පිතිකරණයක නිරත වූ හර්ෂ රාජපක්ෂ ලකුණු 88යි. චරිත් අසලංක හා තිලංග උදේශන කඩුලු 2ක බැගින් දවා ගැනීමට සමත් විය.

දකුණු පළාත  ඌව පළාත් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 120ක් පසුපසින් පසුවෙමින් අද දිනයට තරගයට ආරම්භ විය. එහි දී ඩිල්ශාන් ශතකයක් ලබාගත් අතර, හර්ෂ හා ඉවංක සංජුල කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි. තරගය අවසානයේ දී ඌව පළාත් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 128ක් ලබා ගන්නා ලදි. එහි දී නොදැවී ක්‍රීඩා කළ හර්ෂ ලකුණු 51* යි.

ඌව පළාත පළමු ඉනිම – 198/10 (76): හර්ෂ රාජපක්ෂ 88, මීදුම් දිනෙත් 26, රමේශ් මෙන්ඩිස් 4/53, චරිත් අසලංක 2/17, තිලංග උදේශන 2/48.

දකුණු පළාත පළමු ඉනිම  – 261/10 (95): ඩිල්ශාන් ද සොයිසා 100, පසිඳු ඉසිර 35, දුලාජ් උදයංග 24, ඉවංක සංජුල 3/62, හර්ෂ රාජපක්ෂ 3/39.

ඌව පළාත දෙවන ඉනිම – 128/4 (29): හර්ෂ රාජපක්ෂ 51*, යෙශාන් වික්‍රමාරච්චි 36, ලිසුල ලක්ෂාන් 25, චරිත් අසලංක 2/21.

මෙම තරගාවලියේ අවසන් මහා තරගය ජුලි මස 31 සහ අගෝස්තු 1 වැනිදා කොළඹ සී. සී. සී පිටියේ දී පැවැත්වේ. එම දෙදින පුරා උදෑසන 9.30 සිට තරගයේ සජීවී අත්දැකීම්  ඔබ වෙත ගෙන ඒමට  MyTV සහ ThePapare.com සුදානම් සිටියි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට