ක්‍රීඩා සමාජ 14කට පිටිය උපකරණ රැසක්

376

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එහි සාමාජිකත්වය ලබාගෙන ඇති ක්‍රීඩා සමාජ 14කට පිටිය උපකරණ බෙදාදීම සඳහා රුපියල් මිලියන 60ක මුදලක් ආයෝජනය කර ඇත.

ශ්‍රී ලංකාවේ පරාජයන්ට දුවද්දී දැවී යෑම් බලපෑවේ…?

මතකයේ ඇති පරිදි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව අතිශයින්ම කලකිරුණු කාල සීමාවක් වූයේ නම් ඒ ගෙවී ගිය 2017 වසරය යන්න විවාදයක් නැත. ඒ් තරමටම අප ගෙවී ගිය වසරේ …

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන මධ්‍යස්ථානය මඟින් සිදුකරනු ලබන මෙම ව්‍යාපෘතිය හරහා ‘A’ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 10කට සහ ‘B’ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 04කට අදාළ පිටිය උපකරණ බෙදා දී ඇත.

බෙදාදෙනු ලබන එම පිටිය උපකරණ අතරට ‘Grass Cutters’, ‘Manual Rollers’, ‘Hand Rollers’, ‘Outfield Rollers’, ‘Outfield Gang Movers’, ‘Manual Spike Rollers’, ‘Hand Tractors’, ‘Nylon Boundary Ropes’ සහ ‘Turf Cutters’ යන උපකරණ අයත් වේ.

ඒ අනුව ‘A’ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ වන ‘SSC’, ‘Bloomfield’, ‘CCC’, ‘NCC’, ‘Tamil Union’, ‘Chilaw Marians’, ‘Moors’, ‘Colts’, ‘BRC’ හා යුද හමුදාව සහ ‘B’ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ වන නාවික හමුදාව, පොලීසිය, ගුවන් හමුදාව සහ පානදුර ක්‍රීඩා සමාජය යන ක්‍රීඩා සමාජ වලට අදාළ පිටිය උපකරණ බෙදා දී ඇත.

හතුරුගේ මිතුරන් මුණගැසීමට පෙර

බංග්ලාදේශය, ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ඊයේ (15) ආරම්භ වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය …

තවදුරටත් ‘SSC’, ‘Bloomfield’, ‘CCC’, ‘NCC’ සහ ‘Tamil Union’ යන ක්‍රීඩා සමාජ 5ට ‘Two ton Double Drum Rollers’ ද ලබාදී ඇති අතර ඉදිරි සති වලදී අනෙක් ක්‍රීඩා සමාජ වලටත් එය ලබාදීමට කටයුතු කෙරෙනු ඇත.

ඊට අමතරව අදාළ ක්‍රීඩා සමාජ 14ටම පිටිය ආවරණ ලබාදීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇත.

‘A’ හා ‘B’ කාණ්ඩ දෙකම යටතේ කණ්ඩායම් 23ක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන නමුත් අදාළ පිටිය උපකරණ ලබාදීම සිදුකර ඇත්තේ ක්‍රීඩා පිටියක් සහිත ක්‍රීඩා සමාජ වලට පමණක් වේ.

ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ යටිතළ පහසුකම් වැඩිදියුණු කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු සභාපති තිලංග සුමතිපාල මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කමල් ධර්මසිරි මහතා විසින් මෙහෙයවනු ලැබීය.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<