තෙවැනි දිනය උපුල් තරංග නමින් ලියැවේ

958

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියේ අවසන් සතියේ තෙවැනි දිනය (23) තමන් නමින් ලියා ගැනීමට ගාලු කණ්ඩායම නියෝජනය කරන උපුල් තරංග සමත් විය.

නුවර කණ්ඩායමට එරෙහිව තරංග ශතකයක් කරා යන ගමනේ දී පෙර ඉනිමේ දී ශතකයක් වාර්තා කළ රොෂේන් සිල්වා ද ඔහු අනුව යමින් මේ වෙද්දී අර්ධ ශතකයක් ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටී. ගාල්ල සහ නුවර අතර පැවැත්වෙන මෙම තරගයේ දී මේ වන විට ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට වඩා ලකුණු 538ක් ඉදිරියෙන් සිටීමට ගාලු ක්‍රීඩකයෝ සමත්ව සිටිති.

කොළඹ සහ දඹුල්ල අතර පැවැත්වෙන අනෙක් තරගයේ දී මේ වන විට වැඩි වාසි දඹුලු ක්‍රීඩකයන් වෙත නතුව ඇති බවක් පෙන්නුම් කරනුයේ ඔවුන්ට ජයග්‍රහණයට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 160ක් පමණක් වන බැවිනි. ඒ වෙනුවෙන් ඔවුන්ගේ සියලුම කඩුලු නිදහස්ව පවතී.

මනෝජ් සහ නිශාන් දෙවැනි දිනය වර්ණවත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපර් 4 ක්‍රිකට් තරගාවලියේ අවසන් සතියේ දෙවැනි දිනය (22) නිමාවේ දී…

රංගිරි දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය

කොළඹ සහ දඹුල්ල අතර පැවැත්වෙන මෙම තරගයේ කොළඹ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලබාගත් ලකුණු 210ට අමතර ව දෙවැනි ඉනිමේ දී ලකුණු 351ක් ලබා ගත්හ. දඹුලු ක්‍රීඩකයෝ පිළිතුරු ලෙසින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 359ක් රැස් කර ගත් අතර තරගයේ තෙවැනි දිනය නිමාවේ දී දෙවැනි ඉනිමට කිසිවෙක් නොදැවී ලකුණු 43ක් ලබා සිටියහ.

තරගය තෙවැනි දිනයට ක්‍රියාත්මක වෙද්දී කොළඹ කණ්ඩායමේ කෞෂාල් සිල්වා (09) සහ ෂෙහාන් ජයසූරිය (24) නොදැවී පිටියේ රැඳී සිටී අතර අද ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට වූ සබඳතාව ලකුණු 113ක් විය. ජයසූරිය පළමු කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වූයේ පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 77ක් ලබා ගනිමිනි. කෞෂාල් ලකුණු 38ක් ලබා ගත්තේය.

කොළඹ දෙවැනි ඉනිමේ අර්ධ ශතක ත්‍රිත්වයක් වාර්තා වූ අතර ජයසූරියට අමතරව ලහිරු තිරිමාන්න සහ වනිඳු හසරංග ඒ ගොඩට වැටුණි. තිරිමාන්න පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 52ක් ද, වනිඳු පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 52ක් ද ලබා ගත්තේ ය. මීට අමතරව නායක දිනේෂ් චන්දිමාල් පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තේ ය.

අන්තර් පළාත් එක්දින තරගාවලියට ප්‍රබලයින් රැසක්

රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියේ පන්දුවාර..

කඩුලු බිඳ දැමීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 101කට කඩුලු 4ක් දවා ගනිද්දී, සචිත්‍ර සේනානායක ලකුණු 78කට කඩුලු 2ක් දවා ගත්තේය.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 203ක ඉලක්කයක් පසුපස යෑමට දෙවැනි ඉනිමට පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ දිනය අවසානයේ කිසිවෙක් නොදැවී ලකුණු 43ක් ලබා සිටියහ. ඒ අනුව ඔවුන් ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 160ක් පිටුපසින් සිටිනුයේ සියලුම කඩුලු අතැතිව ය.

කොළඹ කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (64.2) ෂෙහාන් ජයසූරිය 23, වනිඳු හසරංග 52, ලසිත් අබේරත්න 85, අසිත ප්‍රනාන්දු 2/46, ලහිර මධුශංක 5/43

දඹුල්ල කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 359 (84.2) කුසල් මෙන්ඩිස් 24, කුසල් ජනිත් පෙරේරා 85, මනෝජ් සරත්චන්ද්‍ර 103, සචිත්‍ර සේනානායක 31, ජෙෆ්රි වැන්ඩර්සේ 40, ඩිලේශ් ගුණරත්න 4/68, තික්ෂිල ද සිල්වා 2/57, ෂෙහාන් ජයසූරිය 2/30, ලක්ෂාන් සඳකැන් 2/77

කොළඹ කණ්ඩායම; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 351 (80.1) කෞෂාල් සිල්වා 38, ෂෙහාන් ජයසූරිය 77, ලහිරු තිරිමාන්න 52, දිනේෂ් චන්දිමාල් 44, වනිඳු හසරංග 52, සචිත්‍ර සේනානායක 2/78, ජෙෆ්රි වැන්ඩර්සේ 4/101

දඹුල්ල කණ්ඩායම; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 43 (10.0) කුසල් මෙන්ඩිස් නොදැවී 13, දිමුත් කරුණාරත්න නොදැවී 19

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

ගාල්ල කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 425ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් නුවර ක්‍රීඩකයෝ රැස් කළේ ලකුණු 185ක් පමණි. එතැන් සිට මේ දක්වා නැවත දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන ගාල්ල ක්‍රීඩකයෝ තරගය තෙවැනි දිනයට නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 298ක් ලබා සිටියහ.

නිදහස් කුසලානයේ හැසිරීම් පිළිබඳව නැවතත් කරළියට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය දිනෙන් දින අපකීර්තිමත් තත්වයට පත්වන ජාත්‍යන්තර ක්‍රීඩාංගණ තුල දී හා ක්‍රීඩාගාර…

පස්වරු 4.30ට පමණ සූරියවැව ප්‍රදේශයට ඇඳ හැළුණ වර්ෂාව හේතුවෙන් තරගය දිනයේ 67 වැනි පන්දු වාරයේ දී නතර කිරීමට පිටියේ විනිසුරුවන්ට සිදු වූහ. ඒ වෙද්දී දිනයේ තවත් පන්දුවාර 23ක් තරගයෙන් ගිලිහී තිබුණි. එතැන් සිට කිසිදු අවස්ථාවක් ක්‍රීඩකයන්ට ලබා නොදුන් අයහපත් කාලගුණ තත්ත්වය තරගය නතර කිරීමට ද බලපෑම් කළේය.

ඒ අනුව නිමා වූ දිනයේ දී සුවිශේෂී දක්ෂතා දැක්වූවේ උපුල් තරංග ය. ඔහු පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තේ ය. ඔහු රොෂේන් සිල්වා සමඟින් 4 වැනි කඩුල්ලට එක් වෙමින් ලකුණු 99ක සබඳතාවක් එක් කිරීමට ද සමත් විය.

පළමු ඉනිමේ දී ද ශතකයක් රැස් කළ රොෂේන් සිල්වා දෙවැනි ඉනිමේ දී ද පිතිකරුවෙක් ලෙසින් සාර්ථක වෙමින් මේ වෙද්දී පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 88ක් ලබා සිටියි. ඔහුත් සමඟින් අනෙක් අන්තයෙන් ධම්මික ප්‍රසාද් නොදැවී ලකුණු 9ක් ලබා ගනිමින් පිටියේ රැඳී සිටී.

කඩුලු ලබා ගැනීමේ දී චාමික කරුණාරත්න ලකුණු 61කට කඩුලු 3ක් ද, ලහිරු සමරකෝන් ලකුණු 56කට කඩුලු 2ක් දවාගෙන සිටී.

තරගය සිව්වැනි සහ අවසාන දිනයට ක්‍රියාත්මක වෙද්දී ගාල්ල ක්‍රීඩකයෝ දැනට ලකුණු 538ක් ඉදිරියෙන් පසු වෙති.  

>> තරගවල ඡායාරූප ඇල්බම සඳහා පිවිසෙන්න <<

ගාල්ල කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 425 (120.3) මාධව වර්ණපුර 66, සධීර සමරවික්‍රම 40, රොෂේන් සිල්වා නොදැවී 168, දසුන් ශානක 90, ලහිරු සමරකෝන් 2/87, ප්‍රභාත් ජයසූරිය 4/116, චරිත් අසලංක 3/31

නුවර කණ්ඩායම; පළමු  ඉනිම සියලුම දෙනා දැවී 185 (41.2) මහේල උඩවත්ත 27, චරිත් අසලංක 18, නිරෝෂණ දික්වැල්ල 39, චාමික කරුණාරත්න 20, ඉසුරු උදාන 35, නිසල තාරක 2/47, නිශාන් පීරිස් 6/67, චතුරංග ද සිල්වා 2/29

ගාල්ල කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 298 (72.0) උපුල් තරංග 103, රොෂේන් සිල්වා නොදැවී 88, ලහිරු සමරකෝන් 2/56, චාමික කරුණාරත්න 3/61

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<