මහේල උඩවත්ත මඟ හැරී ගිය ශතකය නැවත ලබා ගනී

512

පසුගිය 30 වැනිදා ගාල්ල, කොළඹ, මහනුවර හා දඹුල්ල යන කණ්ඩායම් හතරක සහභාගීත්වයෙන් ආරම්භ කරන ලද සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක අද (2) දිනයේ දී සාර්ථකව නිමාවට පත්විය. එම තරග දෙකම නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරව වීම විශේෂත්වයක්.

තිරිමාන්න, දික්වැල්ල ශතක වාර්තා කරද්දී ගමගේ දක්ෂ පන්දු යැවීමක

අනාගතයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම සවිමත් කරන දක්ෂ ක්‍රීඩකයින් සොයා යාමේ අරමුණ පෙරදැරිව…..

ගාල්ල හා කොළඹ

ජය පරාජයෙන් තොරව අවසන් වූ මෙම තරගයේ තෙවැනි දිනය ඊයේ (01) ක්‍රියාත්මක වූ අතර එහි දී පිට දඟපන්දු යවන අකිල ධනංජය ලකුණු 61ක් තුළ කඩුලු 3ක් දවා ගනිමින් ගාලු කණ්ඩායමේ පළමු ඉනිමේ ජය සුරක්ෂිත කළේය. අද දිනය සඳහා තරගය ආරම්භ වන විට ගාලු කණ්ඩායම කොළඹ පළමු ඉනිමට වඩා ලකුණු 143ක් ඉදිරියෙන් පසුවිය.

හම්බන්තොට දී අවසන් වූ මෙම තරගයේ දී වාර්තා වූ අර්ධ ශතක අතරට තවත් අර්ධ ශතක දෙකක් එකතු කිරීමට සධීර සමරවික්‍රම හා ලහිරු මිලන්ත සමත් විය. මාධව වර්ණපුර හා ඕෂධ ප්‍රනාන්දු හට ගාලු දෙවන ඉනිම වෙනුවෙන් සාර්ථක වීමට අවස්ථාව උදානොවීය.

ආසියානු ක්‍රිකට් කුසලානයේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට?

2018 ආසියානු කුසලානයේ සත්කාරකත්වය හිමි ඉන්දියාව, පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සිය භූමියට….

නමුත් පළමු ඉනිමේ දී සාර්ථක නොවූ මිලන්ත හා සධීර දෙවන ඉනිමේ දී සිය අඩුපාඩු මඟ හරවාගෙන ඉතාමත් ඉවසිලිමත්ව හා සැලකිලිමත්ව පන්දුවට පහර දුන්හ.

එහි දී කඩුලු රකින ක්‍රීඩක සධීර 4 පහර අටක් සමඟ ලකුණු 77කට දැවී ගියේ ධනංජය ද සිල්වාගේ පන්දුවකටයි. ආරම්භක පිතිකරණ භූමිකාව මනාව ඉටු කළ මිලන්ත වර්ණවත් 4 පහර  7ක් සිය නමට ඉදිරියෙන් සටහන් කරගනිමින් නොදැවී ලකුණු 74*ක් ලබා ගන්නා ලදි. තරගය ජය පරාජයෙන් තොරව නිමා වන විට මිලන්ත සමඟ අනෙක් අන්තයෙන් ක්‍රීඩා කළ රොශේන් සිල්වා ලකුණු 3*යි.

පන්දු යැවීමේ දී කොළඹ කණ්ඩායම වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු ලකුණු 24කට කඩුලු 2ක් දවා ගන්නා ලදි.









Title





Full Scorecard

Team Galle's 2nd Inning

Team Colombo

333/10 & 0/0

(0 overs)

Result

Team Galle

476/10 & 177/3

(56 overs)

Match Drawn

Team Colombo’s 1st Innings

Batting R B
Kaushal Silva b Mohomed Dilshad 13 26
Shehan Jayasuriya c Oshada Fernando b Nisala Tharaka 8 17
D.De.Silva lbw by Mohomed Dilshad 66 59
Lahiru Thirimanne not out 125 258
LD Chandimal c Sadeera Samarawickrama b Akila Dananjaya 18 30
Chamara Silva b Akila Dananjaya 10 25
Dilruwan Perera c Madawa Warnapura b Akila Dananjaya 0 1
Kavishka Anjula c Sadeera Samarawickrama b Dasun Shanaka 46 57
L. Embuldeniya lbw by Chathuranga de Silva 24 95
V. Fernando c Sadeera Samarawickrama b Chathuranga de Silva 0 10
Extras
23
Total
333/10 (95.5 overs)
Fall of Wickets:
1-21, 2-25, 3-117, 4-149, 5-171, 6-171, 7-250, 8-331, 9-333
Bowling O M R W E
Nisala Tharaka 17 2 66 1 3.88
Mohomed Dilshad 15 4 49 2 3.27
MD Shanaka 15 2 62 1 4.13
M. Pushpakumara 18 1 55 0 3.06
A Dananjaya 22 2 61 3 2.77
PC de Silva 8.5 1 22 2 2.59

Team Galle’s 1st Innings

Batting R B
M.Warnapura b Lasith Embuldeniya 18 39
L.Milantha (runout) Kaushal Silva 0 0
Oshada Fernando c Dushmantha Chameera b Kavishka Anjula 0 7
S.Samarawickrama c Lasith Embuldeniya b Kavishka Anjula 1 10
R. Silva not out 231 392
MD Shanaka b Dilruwan Perera 95 157
PC de Silva c Vishwa Fernando b Dilruwan Perera 47 63
Nisala Tharaka b Lasith Embuldeniya 20 36
A Dananjaya (runout) Lahiru Thirimanne 24 84
M. Pushpakumara b Vishwa Fernando 19 47
Mohomed Dilshad c Kaushal Silva b Dilruwan Perera 4 16
Extras
17
Total
476/10 (141 overs)
Fall of Wickets:
1-0, 2-3, 3-10, 4-22, 5-224, 6-321, 7-370, 8-431, 9-461, 10-476
Bowling O M R W E
V. Fernando 23 2 88 1 3.83
Kavishka Anjula 17 5 52 2 3.06
Dushmantha Chameera 11 1 31 0 2.82
L. Embuldeniya 37 1 147 2 3.97
Dilruwan Perera 34 5 106 3 3.12
D.De.Silva 8 2 13 0 1.63
Shehan Jayasuriya 11 0 31 0 2.82








දඹුල්ල හා මහනුවර

මෙම තරගයේ සිව්වැනි හා අවසන් දිනය ආරම්භ කරන විට දඹුලු කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 163ක් ලබාගෙන තිබුණි. කෙසේ නමුත් කටුනායක දී ක්‍රියාත්මක වූ මෙම තරගය ද නිමා වූයේ ජය පැරදුමෙන් තොරවයි.

මහනුවර කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස ක්‍රීඩා කළ නිරෝශන් දික්වැල්ල ලබාගත් ශතකය මෙන්ම මහේල උඩවත්ත හා ප්‍රියමාල් පෙරේරා ලබාගත් අර්ධ ශතක දෙක නිසාවෙන් මහනුවර කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 364ක් ලබා ගන්නා ලදි. එයට පිළිතුරු ලෙස සිය දෙවන ඉනිම දියත් කළ දඹුලු කණ්ඩායම වෙනුවෙන් මිලින්ද සිරිවර්ධන හා සචිත්‍ර සේනානායක අර්ධ ශතක අතරට පිවිසීමට වරම් දිනා ගත්තේය. ඒ අතරින් පළමු ඉනිමේ දී ද ශතකයක් ලබාගත් සචිත්‍ර 4 පහර 4ක් හා 6 පහර 2ක් සමඟ ලකුණු 60කට දැවී ගිය අතර සිරිවර්ධන දැකුම්කළු 4 පහර හතක් සමඟ ලකුණු 71ක් ලබාගෙන සිටිය දී ශෙහාන් ජයසූරියගේ පන්දුවකට දැවී ගියේය. අවසානයේ දඹුලු දෙවන ඉනිම ලකුණු 256කට සීමා විය. පන්දු යැවීමේ දී කසුන් රාජිත හා ලහිරු කුමාර අතරේ කඩුලු 3 බැගින් බෙදී යන ලදි.

කුසල් රට පෙරට තබා IPL අතහරී

ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඉන්දීය ප්‍රිමියර් ලීග් කොන්ත්‍රාත්තුව පිළිනොගෙන…….

ලකුණු 273ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මහනුවර කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ මහේල උඩවත්ත (103*) ඔහු අතින් පළමු ඉනිම තුළ ගිලිහී ගිය ශතකය මෙහි දී වාර්තා කර ගන්නා ලදි. එම ඉනිම 4 පහර එකොළහකින් අලංකාරවත් විය.

චරිත් අසලංක ලකුණු 30කට දැවී ගිය පසුව පිටියට පිවිසි කඩුලු රකින ක්‍රීඩක නිරෝශන් දික්වැල්ල ලකුණු 56*ක් ලබාගෙන ඔහුගේ නමට ඉදිරියෙන් තවත් අර්ධ ශතකයක් සටහන් කර ගන්නා ලදි. තරගයේ නියමිත කාලය නිමා වූ අතර ඒ නිසාවෙන් තරගය ජය පරාජයෙන් තොරව නිමා කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි. පන්දු යැවීමේ දී ඉශාන් ජයරත්න හා ජෙෆ්රි වැන්ඩර්සේ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී යන ලදි.









Title





Full Scorecard

Team Dambulla's 1 st Inning

Team Dambulla

480/10 & 256/10

(65.5 overs)

Result

Team Kandy

364/10 & 221/2

(56.2 overs)

Match Drawn

Team Dambulla’s 1st Innings

Batting R B
D. Karunaratne lbw by Kasun Rajitha 71 108
BKG Mendis b Kasun Rajitha 8 10
Nipun Karunanayake c Kasun Rajitha b Chamika Karunaratne 6 26
A. Priyanjan c Charith Asalanka b Lahiru Kumara 156 239
Sachithra Serasinghe c Niroshan Dickwella b Kasun Rajitha 0 1
M. Siriwardana b Lahiru Kumara 6 10
M. Sarathchandra lbw by Prabath Jayasuriya 57 72
Ishan Jayaratne c Charith Asalanka b Jeewan Mendis 35 28
S. Senanayake c Minod Bhanuka b Chamika Karunaratne 105 109
J.Vandersay not out 9 39
L. Gamage c Charith Asalanka b Lahiru Kumara 5 21
Extras
22
Total
480/10 (109.4 overs)
Fall of Wickets:
1-16, 2-59, 3-129, 4-137, 5-145, 6-243, 7-298, 8-389, 9-474, 10-480
Bowling O M R W E
L. Kumara 22.4 1 105 3 4.69
Kasun Rajitha 22 4 89 3 4.05
C. Karunaratne 12 0 80 2 6.67
P. Jayasuriya 32 1 94 1 2.94
C. Asalanka 9 1 39 0 4.33
J. Mendis 12 1 59 1 4.92

Team Kandy’s 1st Innings

Batting R B
T. Paranawithana c Dimuth Karunaratne b Lahiru Gamage 6 40
M Udawatte c Manoj Sarathchandra b Sachithra Serasinghe 97 169
C. Asalanka (runout) Sachithra Senanayake 30 71
N. Dickwella c Manoj Sarathchandra b Lahiru Gamage 112 154
Priyamal Perera b Lahiru Gamage 62 118
J. Mendis c Sachithra Serasinghe b Sachithra Senanayake 6 19
C. Karunaratne lbw by Lahiru Gamage 0 5
P. Jayasuriya c Dimuth Karunaratne b Lahiru Gamage 0 10
L. Kumara c Lahiru Gamage b Sachithra Serasinghe 6 24
Kasun Rajitha not out 5 18
Extras
40
Total
364/10 (104.2 overs)
Fall of Wickets:
1-35, 2-110, 3-186, 4-318, 5-340, 6-340, 7-340, 8-345, 9-364, 10-364
Bowling O M R W E
L. Gamage 26 6 71 5 2.73
Ishan Jayaratne 14 0 55 0 3.93
S. Senanayake 32 10 91 1 2.84
D. Karunaratne 3 0 7 0 2.33
Sachithra Serasinghe 16.2 0 39 2 2.41
A. Priyanjan 2 0 18 0 9.00
M. Siriwardana 3 0 14 0 4.67
J.Vandersay 8 1 35 0 4.38







මෙම තරගාවලියේ තවත් තරග කිහිපයක් ලබන 8 වැනිදා ආරම්භ වන අතර ගාලු කණ්ඩායම හා දඹුලු කණ්ඩායම අතර පැවැත්වෙන දිවා රාත්‍රී සිව්දින ක්‍රිකට් තරගය ThePapare.com වෙබ් අඩවිය හා MyTV හරහා සජීව ලෙස විකාශනය කරනු ඇත. එසේම තරගාවලියේ නවතම තොරතුරු, වීඩියෝ, ඡායාරූප හා තරග වාර්තා ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<