බාලගිරි දෝෂයට හසු වූ සුපිරි අවසාන තරගය

382

ආතක් පාතක් නැතිව කඩා වැඩෙන වර්ෂාව ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය බාලගිරි දෝෂයට හසුකරගෙන තිබේ. තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ මැයි මස 20 වැනිදා ය. නමුත් සක්‍රීය වූ නිරිත දිග මෝසම් වර්ෂාව තරගය ජුනි මස 5 වැනිදා දක්වා කල් දැමුණි.

සුපිරි පළාත් අවසන් මහා තරගය කල් යයි

පවතින අයහපත් කාලගුණික තත්වය මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දින නියමයකින් තොරව…

ජුනි මස 05 වැනිදා අවසන් තරගය දිවා තරගයක් ලෙසින් පැවැත්වීමට තිබූ නමුත් විටින් විට ඇද හැලෙන වර්ෂාව අවසාන මහා තරගය නැවත දින නියමයක් නොමැතිව කල් දැමුණි. අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටියේ ගාල්ල සහ කොළඹ කණ්ඩායම් ය.

මේ ThePapare.com අන්තර් පළාත් සුපිරි සීමිත පන්දු වාර ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරග සම්බන්ධයෙන් කරනු ලබන සිහිපත් කිරීමක සටහනකි.

තරගාවලිය  

ශ්‍රී ලංකා ක්‍රිකට් කරළියේ වර්තමාන තරු සහ අනාගතයේ තැනක් ලබා ගැනීමට සටන් කරන අංකුර ක්‍රීඩකයන්ගේ දක්ෂතා එක් වේදිකාවකට ගෙන ඒම ඉලක්ක කරගනිමින් සංවිධානය වූ අන්තර් පළාත් සීමිත පන්දු වාර ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 4කින් සමන්විත විය.

ඒ කොළඹ, නුවර, ගාල්ල සහ දඹුල්ල ලෙසිනි. කණ්ඩායම් නායකත්වයට නම් කෙරුණේ කොළඹ වෙනුවෙන් දිනේෂ් චන්දිමාල්, ගාල්ල කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග, මහනුවර වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ දඹුල්ල වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ය.

එක් එක් කණ්ඩායම සෑම කණ්ඩායමක් සමඟම තරග දෙකකට සහභාගී වූ අතර ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු සහ දෙවැනි කණ්ඩායම් අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුණි. තරගාවලිය ආරම්භ වෙන්නේ මැයි මස 2 වැනිදා ය.

කුසල්ලාගෙන් විශිෂ්ට හා නොදැවුණු සබඳතාවයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කිරීමට පෙර පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ අද (1) ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත්, ශ්‍රී ලංකා…

  • මැයි 02

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ කොළඹ පී. සරා ඕවල් ක්‍රිකට් පිටියේ දී තරග ආරම්භ විය. ඒ පිළිවෙළින් කොළඹ සහ දඹුල්ල අතර සහ මහනුවර සහ ගාල්ල අතර ය. පැවති තරග අතරින් ජයග්‍රහණ වාර්තා කිරීමට කොළඹ සහ නුවර කණ්ඩායම් සමත් වූව ද එම කණ්ඩායම් දෙකේම ජයග්‍රහණ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තීරණය විය.

දිනයේ කැපී පෙනෙන පිතිකරුවන් වූයේ නුවර කණ්ඩායමේ මහේල උඩවත්ත සහ කොළඹ කණ්ඩායමේ ලහිරු තිරිමාන්න ය. ඔහුන් ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම්වලට එරෙහිව ශතකයක් වාර්තා කළහ.

පන්දු යැවීමේ දී නුවර කණ්ඩායමේ ඉසුරු උදාන ගාල්ල කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

  • මැයි 05

තරග කොළඹ කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර කොළඹ සී. සී. සී. පිටියේදීත් සහ දඹුල්ල සහ ගාල්ල අතර තරග ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදීත් පැවැත්විය. එම තරග අතරින් කොළඹ ක්‍රීඩකයෝ ලකුණු 58ක ජයග්‍රහණයක් ද, ගාල්ල ක්‍රීඩකයෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 11ක ජයග්‍රහණයක් ද ලැබූ =හ.

දිනයේ කැපී පෙණුන ක්‍රීඩකයා වූයේ කොළඹ කණ්ඩායමේ ෂෙහාන් ජයසූරිය ය. ඔහු තරගයේ දී ශතකයක් සහ පන්දු යැවීමේ දී කඩුලු දෙකක් ද දවා ගනිමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්විය. මීට අමතර ව දඹුල්ල කණ්ඩායමේ අශාන් ප්‍රියංජන් ද ශතකයක් වාර්තා කළේය.

දිනයේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කළේ නුවර කණ්ඩායමේ ජීවන් මෙන්ඩිස් ය.

  • මැයි 08

දඹුල්ල සහ නුවර කණ්ඩායම් අතර පී. සරා ඕවල් පිටියේ දී පැවති තරගයෙන් දඹුල්ල කණ්ඩායමට කඩුලු 5ක ජයග්‍රහණයක් ද ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර පැවති තරගයේ දී ලකුණු 147ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ගාලු ක්‍රීඩකයෝ ද සමත් වෙති.

දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයා වූයේ ගාලු කණ්ඩායමේ සධීර සමරවික්‍රම ය. ඔහු ශතකයක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේ දී දඹුල්ල කණ්ඩායමේ ජෙෆ්රි වැන්ඩර්සේ ය.

පළමු වටයේ නිමාව

පළමු වටය නිමා වන විට ගාල්ල කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය දිනා සිටියේ තරග දෙකක් ජයග්‍රහණය කරමින් එක් තරගයක් පරාජය වෙමින් ප්‍රසාද ලකුණු 9ක් ලබා ගනිමිනි. දෙවැනි ස්ථානය එම තරග ප්‍රතිඵල ම ලබා ගනිමින් ප්‍රසාද ලකුණු 8ක් ලබා සිටි කොළඹ ක්‍රීඩකයෝ දිනා සිටිය හ. තරග එක බැගින් ජයග්‍රහණය කළ අනෙක් කණ්ඩායම් දෙක අතුරින් දඹුල්ල ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු 5ක් ලබා ගනිමින් තෙවැනි ස්ථානයට පත් ව සිටි අතර නුවර ක්‍රීඩකන්ට හිමිව තිබුණේ ප්‍රසාද ලකුණු 4කි. ඔවුන්ගේ ස්ථානය වූයේ ද 4 ය.

  • මැයි 11

ගාල්ල ක්‍රීඩකයෝ නුවර ක්‍රීඩකයන්ට එරෙහි ව පී. සරා ඕවල් පිටියේ දී කඩුලු 3ක ජයග්‍රහණයක් ද දඹුල්ල ක්‍රීඩකයෝ කොළඹ කණ්ඩායමට එරෙහි ව සී. සී. සී. පිටියේ දී කඩුලු 6ක ජයග්‍රහණයක් ද වාර්තා කිරීමට සමත් වූහ.

දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයා වූයේ උපුල් තරංග ය. ඔහු ශතකයක් වාර්තා කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය. පන්ද යැවීමේ දී ගාල්ල කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර හොඳම පන්දු යැවීම වාර්තා කළේ ය. මේ අතර දිනයේ වඩාත් කැපී පෙණුනේ යොවුන් ක්‍රීඩකයන් ලකුණු අතරට පිවිසෙමින් ප්‍රවීණයන් හා සමඟ කරට කර තරග කිරීම ය.

  • මැයි 14

ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර තරගය කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති අතර එම තරගයෙන් ගාල්ල කණ්ඩායම ජයග්‍රහණය කළේය. අනෙක් තරගය කොළඹ සහ නුවර කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ද පැවති අතර එහි දී කොළඹ කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

තරගාවලියේ ශතක වාර්තා නොවූ පළමු දිනය වූයේ මෙදින ය. නමුත් පිතිකරුවන් අතුරින් ඉහළම දක්ෂතාව දැක්වීමට කොළඹ කණ්ඩායමේ ලහිරු තිරිමාන්න සමත් විය. පන්දු යවන්නන් අතුරින් කොළඹ කණ්ඩායමේ වනිඳු හසරංග කැපි පෙණුනි.

  • මැයි 17

දඹුල්ල සහ නුවර කණ්ඩායම් අතර තරගය කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ද, කොළඹ සහ ගාල්ල කණ්ඩායම් අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ද පැවතුනි.

එම තරග දෙකම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අතහැර දැමුණු තරග බවට පත්විය. එහෙත් තරග පැවති කෙටි කාලයේ දී පිතිකරුවන් ලෙසින් දක්ෂතා දක්වන්නට ගාල්ල කණ්ඩායමේ සධීර සමරවික්‍රම සහ භානුක රාජපක්ෂ ද දඹුල්ල කණ්ඩායමේ අශාන් ප්‍රියංජන් ද සමත් වූහ.

අවසාන තරගය

තරගාවලියේ පළමු සහ දෙවැනි වටයේ තරග ප්‍රතිඵල අනුව ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටියේය. ගාල්ල කණ්ඩායම ඒ වෙද්දී තරග 6කට මුහුණ දී තරග 4ක් ජයග්‍රහණය කරමින් තරගයක පරාජය ලබමින් තවත් තරගයක් කිසිදු තීරණයකින් තොරව නිමා කර තිබුණි. කොළඹ ක්‍රීඩකයෝ තරග 6කට සහභාගී වී තරග 3ක් ජයග්‍රහණය කරමින් තරග 2ක් පරාජය වී කිසිදු තීරණයක් නොමැති තරගයකින් තම තරග අවසන් කර තිබුණි.

තෙවැනි සහ දෙවැනි ස්ථානවලට පත් දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් ජයග්‍රහණය කර තිබුණේ පිළිවෙළින් තරග 2ක් සහ 1ක් බැගින් පමණි.

තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුව….

Team Match Won Lost N/R BP Points
ගාල්ල කණ්ඩායම 6 4 1 1 1 19
කොළඹ කණ්ඩායම 6 3 2 1 1 15
දඹුල්ල කණ්ඩායම 6 2 3 1 2 12
නුවර කණ්ඩායම 6 1 4 1 0 6

මේ සියලු තරග විස්තර, ලකුණු සටහන් පුවරු ද සමඟින් ThePapare.com මත සටහන් වී ඇත. දිනෙන් දින තරගාවලිය කල් ගිය ද තරගාවලියේ උණුසුම ඒ ආකාරයෙන්ම රඳවා ගනිමින් සියලු තොරතුරු සමඟින් ඔබව දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. රැඳී සිටින්න අප සමගම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<