දඹුල්ල අසරණ කරමින් කපුගෙදරගෙන් පන්දු 50ක සුපිරි ශතකයක්!

4812
SLC Super Provincial Limited Tournament 2017

නුදුරේ දී ම ඇරඹීමට නියමිත ශූරයින්ගේ කුසලාන තරගාවලිය වෙනුවෙන් වර්තමානයේ දක්ෂතා අතර සිටින සුදුසුම ක්‍රීඩකයින් 15 දෙනෙකු තෝරා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන සුපිරි පළාත් සීමිත පන්දුවාර තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ (22) ක්‍රියාත්මක විය. එහි දී චාමර කපුගෙදර සහ ඩිල්ශාන් මුණවීර ක්‍රීඩා කළ ප්‍රවේගකාරී ඉනිම දෙකට ස්තුති වන්නට මහනුවර සහ කොළඹ කණ්ඩායම් වලට ජය හිමි විය.

කවිදු සාන්ත ජෝන් ඉනිම ස්ථාවර කරයි

සිංගර් කුසලාන දෙදින අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පානදුර සාන්ත ජෝන් විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන දෙවන කාණ්ඩයේ අවසන් මහා තරගය අද (22) මග්ගොන සරේ ගම්මාන පිටියේ දී ආරම්භ විය.

මහනුවර සහ දඹුල්ල අතර තරගය

රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 39ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය. තරගය පුරාවට කැපී පෙනෙන සිදුවීම බවට පත්වූයේ මැදපෙළ පිතිකරු චාමර කපුගෙදර අද දිනයේ දී වාර්තා කර ගත් ප්‍රවේගකාරී ශතකයයි.

කාසියේ වාසිය දිනා ගත් මහනුවර කණ්ඩායම ප්‍රථමයෙන් පිතිකරුවන්ගේ පාරාදීසයක් ලෙසින් දිස්වුනු රංගිරි දඹුලු තණතීරුවේ දී මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේ ලකුණු පුවරුවේ පීඩනය දඹුල්ල පිතිකරුවන් මත පැටවීමේ බලාපොරොත්තුවෙනි. එම කාර්‍යභාරය සිතූ පරිදිම සපුරා ගන්නට මහනුවර පිතිකරුවන්ට ඊයේ දිනයේ දී අවස්ථාව උදා විය. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ දී ඔවුන් කඩුලු 5ක් පමණක් දැවී රැස් කර ගන්නා ලකුණු සංඛ්‍යාව 323කි.

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඊයේ හතරේ පහර 7ක් සමඟින් ලකුණු 75ක් රැස් කර ගත් අතර ඔහුගේ සහයක පිතිකරුවා බවට පත්වූ සඳුන් වීරක්කොඩි ලකුණු 10කට දැවී ගියේය. මෙම කඩුලු දෙකටම හිමිකම් කීවේ දඟ පන්දු යවන ක්‍රීඩක අශාන් ප්‍රියන්ජන් යි. අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිසි චාමර කපුගෙදර ඊයේ දඹුල්ල පන්දු යවන්නන්ට දරුණු ප්‍රහාරයක් දියත් කළේ පන්දු 50කින් නොදැවී ලකුණු 105ක් රැස්කර ගනිමිනි. ඔහුගේ ඉනිමට මනරම් හතරේ පහර 14ක් සහ දැවැන්ත හයේ පහර 2ක් ඇතුළත් විය.

මීට අමතරව දිල්හාන් කුරේගේ පිත්තෙන් ලකුණු 43ක් ගලා ආ අතර චරිත් අසලංක ලකුණු 35ක් රැස් කර ගන්නා ලදි. මොවුන් දෙදෙනාම ඊයේ හතරේ පහර 4 බැගින් එල්ල කිරීමට සමත් විය. අවසන් පන්දුවාර කිහිපයේ දී පිටියේ එක්වුනු සචිත් පතිරණ සහ චාමර කපුගෙදර දඹුල්ල ක්‍රීඩාංගණය දෙවනත් කරමින් ලකුණු වේගය වැඩි කිරීම නිසා මහනුවර කණ්ඩායමට ලකුණු 323ක් කරා ගමන් කිරීම අපහසු වූයේ නැත. පන්දුවෙන් සාර්ථක වූ එකම පන්දු යවන්නා ලෙස අශාන් ප්‍රියන්ජන් ලකුණු 32ක් පමණක් ලබා දී කඩුලු 4ක් බිඳ හෙලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුලු ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු යම් ආරම්භයක් ලබා ගත්ත ද කපුගෙදර ක්‍රීඩා කළ ආකාරයේ ප්‍රවේගකාරී දිගු ඉනිමක් ක්‍රීඩා කරන්නට ඒ කිසිවෙකුටත් හැකියාවක් ලැබුණේ නැත. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස භානුක රාජපක්ෂ හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 81ක් රැස් කළේය. මීට අමතරව කුසල් මෙන්ඩිස් සහ නායක කුසල් පෙරේරා පිළිවෙළින් ලකුණු 59ක් සහ 56ක් බැගින් රැස් කළ ද එය ජයග්‍රහණය කරා යාමට ප්‍රමාණවත් නොවීය.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස සිටි හර්ෂ කුරේ ඊයේ පන්දු 12කට මුහුණ දී ලකුණු නොලබාම දැවී යාම ද දඹුල්ල කණ්ඩායමෙන් ජයග්‍රහණය ඈත්වීමට හේතු විය. කෙසේ හෝ අවසානයේ ලකුණු වේගයත් කඩුලු ආරක්ෂා කර ගැනීමත් යන ගැටලු දෙකකට මැදිවූ දඹුල්ල කණ්ඩායම පහර 48යි පන්දු 3ක් අවසානයේ ලකුණු 284කට සීමාවිය.

ජයග්‍රාහී මහනුවර කණ්ඩායම වෙනුවෙන් සුපිරිතම පන්දු යැවීම දියත් කළේ පිතිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන චරිත් අසලංක යි. ඔහු ප්‍රතිවාදීන්ට ලකුණු 27ක් පමණක් ලබා දී කඩුලු 4ක් බිඳ හෙලන්නට සමත් විය. උදාර ජයසුන්දර, මිලින්ද සිරිවර්ධන, අශාන් ප්‍රියන්ජන් වැනි දක්ෂ පිතිකරුවන්ට ඊයේ අසලංකගේ පන්දු යැවීම හමුවේ තම කඩුලු අහිමි විය. කෙසේ වෙතත් තරගයේ වීරයා සම්මානය හිමිවූයේ මහනුවර කණ්ඩායම වෙනුවෙන් පළමු වෙඩිමුරය දැල්වූ දකුණත් පිතිකරු චාමර කපුගෙදරටයි.

Galle - BattingToss: Galle
Sadeera Samarawickramac Perera b Senanayake3 (5)
Upul Tharangac Sub b Hasaranga101 (113)
Dimuth KarunarathneRun Out78 (84)
Dhananjaya De Silva Not Out52 (43)
Chathuranga De Silvab Jayasuriya4 (7)
Dasun Shanakac Vithanage b Fernando25 (22)
Seekkuge Prasannac Hasaranga b Vandersay7 (5)
Chamika Karunarathnec Vithanage b Fernando1 (3)
Suranga LakmalRun Out11 (14)
Akila DhananjayaRun Out2 (3)
Malinda PushpakumaraNot Out1 (2)
TotalExtras (14)299/9 (50 overs)
Colombo - Bowling OMRW
Vishwa Fernando90562
Sachithra Senanayake80261
Thisara Perera70310
Shehan Jayasuriya90581
Jeffrey Vandersay100571
Dilshan Munaweera30270
Wanindu Hasaranga 40371

Colombo - BattingToss: Galle
Dilshan Munaweerab Pushpakumara86 (54)
Ruvindu Gunasekarab Lakmal0 (2)
Angelo Jayasinghec Samarawickrama b Lakmal70 (99)
Kithruwan Vithanageb Prasanna27 (39)
Dinesh Chandimal c Samarawickrama b Prasanna17 (26)
Shehan Jayasuriyac C De Silva b Shanaka30 (28)
Wanindu Hasarangac Prasanna b Dhananjaya5 (6)
Thisara PereraNot Out42 (30)
Sachithra SenanayakeNot Out17 (10)
Jeffrey Vandersay
Vishwa Fernando
TotalExtras (6)300/7 (49 overs)

Galle - BowlingOMRW
Suranga Lakmal80612
Chamika Karunarathne70520
Malinda Pushpakumara90541
Seekkuge Prasanna100592
Chathuranga De Silva40240
Akila Dhananjaya101411
Dasun Shanaka1081

ගාල්ල සහ කොළඹ අතර තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවති මෙම තරගයේ දී ලකුණු 300ක දැවැන්ත ඉලක්කයක් හඹා ගොස් ජය ගැනීමට කොළඹ පිතිකරුවන් සමත් විය. කොළඹ ජයග්‍රහණයේ පෙරගමන් කරුවන් බවට පත්වූ ඩිල්ශාන් මුණවීර සහ තිසර පෙරේරා ඊයේ ඉතාමත් ප්‍රවේගකාරී අයුරින් තම පිත්ත හැසිරවූහ.

කාසියේ වාසිය දිනා ගත් ගාල්ල කණ්ඩායම් නායක උපුල් තරංග පීඩනයකින් තොරව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව මඟ හැර ගත්තේ නැත. ඒ අනුව ඉනිම ආරම්භ කළ ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 299ක් රැස් කිරීමට සමත් වූහ. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග ඊයේ පන්දු 113 දී ලකුණු 101ක් වාර්තා කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට තව තවත් අලංකාරවත් කරමින් හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් ඊට ඇතුළත් විය.

මීට අමතරව දිමුත් කරුණාරත්නගේ පිත්තෙන් ඊයේ ලකුණු 78ක් ගාලු ලකුණු පුවරුවට එකතු විය. පන්දු 84ක් වැයවුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. මීට අමතරව දකුණත් පිතිකරු ධනංජය ද සිල්වා ඊයේ පන්දු 43කින් නොදැවී අර්ධ ශතකයක් රැස් කර ගත් අතර දසුන් ශානක ලකුණු 25කින් ගාලු ලකුණු පුවරුව ඉහළ දැමීය. ඒ හේතුවෙන් පන්දුවාර 50 අවසන් වන විට ගාලු කණ්ඩායමේ මුළු ලකුණු ප්‍රමාණය ලකුණු 299ක් බවට පත්විය.

එම දැවැන්ත ඉලක්කය හඹා යෑමට අවශ්‍ය අඩිතාලම දමමින් දකුණත් පිතිකරු ඩිල්ශාන් මුණවීර ඊයේ ලකුණු 86ක් රැස් කරන්නට සමත් විය. කවදත් පන්දුවට වේගයෙන් පහර දීමට රුචිකත්වයක් දක්වන ඔහු තම ඉනිම වෙනුවෙන් වැය කළේ පන්දු 54ක් පමණි. ඊට අකුණු හී සර වන් හතරේ පහර 10ක් සහ ප්‍රේක්ෂකයින් අතරට ඇදී ගිය දැවැන්ත හයේ පහර 4ක් ඇතුළත් විය.

මුණවීරට අනගි සහයක් ලබා දුන් ඇන්ජෙලෝ ජයසිංහ අනෙක් අන්තයේ සිට ලකුණු සබඳතාවයක් ගොඩ නගමින් පන්දු 99කින් ලකුණු 70ක්‍ රැස් කළේය. ඔහුගේ ඉවසිලිවන්ත ඉනිමට හතරේ පහර 4ක් ඇතුළත් විය. මුල්පෙළ පිතිකරුවන්ගෙන් ලැබුණු මෙම සහයෝගය ඉදිරියට ගෙන ගිය ශෙහාන් ජයසූරිය සහ කිත්රුවන් විතානගේ ඊයේ පිළිවෙළින් ලකුණු 30ක් සහ 27ක් බැගින් රැස් කළහ. නමුත් ලකුණු 300ක දැවැන්ත ඉලක්කයක් හඹායමින් සිටි කොළඹ කණ්ඩායමට අවසන් පන්දුවාර කිහිපයේ දී අදාළ ලකුණු වේගය සපුරා ගත හැකි ආකාරයේ ප්‍රවේගකාරී ඉනිමක් අවශ්‍ය කර තිබුණි.

එම අභියෝගය භාර ගත් වමත් ප්‍රවේගකාරී පිතිකරු තිසර පෙරේරා පන්දු 30කදී නොදැවී ලකුණු 42ක් ලබා ගනිමින් කොළඹ කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් කරා ගෙන ගියේය. කණ්ඩායමේ කඩුලු 7ක් බිඳ වැටී තිබුණු ඒ මොහොතේ තිසර සමඟ අවසානය දක්වාම කඩුල්ලේ රැඳෙමින් නොදැවී ලකුණු 17ක් රැස්කළ සචිත්‍ර සේනානායකගේ ඉනිම ද කොළඹ ජයග්‍රහණය සුරක්ෂිත කිරීමට අතිශයින්ම උපකාරී විය. තරගයේ වීරයා සම්මානය සුපිරි ඉනිමක් ක්‍රීඩා කල ඩිල්ශාන් මුණවීරට හිමිවිය.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට 

.

Kandy - Batting Toss: Kandy
Danushka GunathilakaLBW b Priyanjan75 (75)
Dilhan Coorayct & b Priyanjan43 (64)
Sandun Weerakkodyc K Perera b Priyanjan10 (15)
Hashan Duminduc K Mendis b Priyanjan22 (30)
Charith Asalankac & b Perera35 (50)
Chamara KapugedaraNot Out105 (50)
Sachith PathiranaNot Out25 (16)
Chathura Peiris
Amila Aponso
Lahiru Gamage
Nuwan Pradeep
TotalExtras (8)323/5 (50 overs)
Dambulla - BowlingOMRW
Nuwan Kulasekara90560
Asitha Fernando100720
Bhanuka Rajapaksha10160
Dilruwan Perera100591
Lahiru Kumara50590
Ashan Priyanjan100324
Milinda Siriwardena51260

Dambulla - BattingToss: Kandy
Kusal Janith Pererab Aponso56 (53)
Udara Jayasunderab Asalanka12 (22)
Kusal MendisLBW b Pathirana59 (65)
Bhanuka Rajapakshac Asalanka b Pradeep81 (72)
Harsha Coorayst Weerakkody b Asalanka0 (12)
Milinda Siriwardenast Weerakkody b Asalanka14 (14)
Ashan Priyanjanc Dumindu b Asalanka0 (3)
Dilruwan Pererac Peiris b Gamage36 (33)
Nuwan Kulasekarac Pathirana b Pradeep10 (7)
Lahiru KumaraNot Out3 (4)
Asitha Fernando b Pradeep1 (4)
TotalExtras (12)284/10 (48.3 overs)

Kandy - BowlingOMRW
Lahiru Gamage90681
Chathura Peiris40360
Nuwan Pradeep9.30653
Charith Asalanka101274
Amila Aponso60301
Sachith Pathirana60291
Dilhan Cooray40290