ඉන්දීය ජාතිකයන් පස්දෙනෙක්ට වැඩ වරදියි

1109

ඊයේ (17) කටුනායක මේරියන්ස් ක්‍රිකට් සමාජ පිටියේ පැවති ඉන්දු – ශ්‍රී ලංකා තෙවන කාන්තා එක්දින ක්‍රිකට් තරගය අතරතුර ඉන්දීය ජාතික පුද්ගලයින් පස්දෙනෙකු ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී අංශය කටයුතු කර තිබෙනවා.

හේලීස් ක්‍රීඩකයෝ දෙවැනි තරගයත් ජය ගනී

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (17) කටුනායක නිදහස් වෙළෙඳ කලාප…..

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී අංශය ශ්‍රී ලංකා පොලීසිය හා එක්වී පුද්ගලයින් පස්දෙනෙකු ක්‍රීඩා පිටියෙන් ඉවත් කළා. ඔවුන් මේ තරගය පැවැත්වෙන කාලය තුල අධික ලෙස ජංගම දුරකථනය භාවිතා කරමින් සැක කටයුතු ලෙස හැසිරී තිබෙනවා.“ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද පවසා සිටියා.

පසුගිය මාසයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ඒකකය විසින් ඔවුන්ගේ නිලධාරීන් සෑම තරගයක් තුලම රාජකාරියේ නිරත කිරීම නිසා මෙවැනි ආකාරයේ අකටයුතුකම් හා තරග පාවා දෙන බුකීකරුවන් පිළිබඳව වැඩි වශයෙන් සොයා බැලීමට අවස්ථාව ලැබී තිබෙනවා.

මේ සිදුවීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<