ශ්‍රී ලංකා ක්‍රිකට්, මිලියන 400ක වාර්තාගත ආදායමක් උපයයි

155

2016 වසරේ දළ ආදායම රුපියල් මිලියන 400 ඉක්මවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (08) නිවේදන කලේය. ආසන්නතම මූල්‍ය දත්ත වාර්තාවලට අනුව ආදායමේ ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කරන්නේ මූල්‍ය වගකීම, විනිවිදභාවය සහ මූල්‍ය විනය මත පදනම්වයි.

ලසිත් කෲස්පුල්ලේ ද්විත්ව ශතකයක් රැස් කරයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (8) දිනය තුල සම්පූර්ණ ගෞරවය දිනා ගැනීමට, ලකුණු 447කින් තම ජයග්‍රහණය සනිටුහන් කරගත්…

අපේ පළමු පරිපාලන වසරේදීම අපිට හොඳ සාර්ථකත්වයක් කරා යෑමට හැකි වුනා. 2016 වසරේ අප ඉතාමත් ඉහල මට්ටමක ඉලක්කයක් සහ අභියෝග සාර්ථක කර ගැනීමක් පෙන්නුම් කලා. අපි මෙය අන්තර් පාලන කමිටුවක් මඟින් භාර ගනිද්දී රුපියල් මිලියන 320ක ඇස්තමේන්තු ගත අඩුපාඩුවක් තිබීමත් සමඟ අපි ලොකු අපහසුතාවයකට පත් වෙලා හිටියේ. අපි ඒක අභියෝගයක් හැටියට භාරගෙන ක්ෂණිකව ක්‍රියාමාර්ග වලට එළඹුණා අපේ වියදම් කපා හරිමින් වර්තන ආදායම (Revenue) වර්ධනය කර ගැනීම සඳහා.” ක්‍රිකට් සභාපති ගරු තිලංග සුමතිපාල මහතා පැවසීය.

ජාතික කණ්ඩායම ප්‍රමුඛස්ථානයේ තබමින් දිගු කාලීනව විවිධ අංශවලින් ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම සඳහා ඉවහල් වන ආයෝජනයන් සිදු කරමින් කල්පනාකාරී තීරණයන් ගැනීමට තම ආයතනයට සිදු වූ බව ද ඔහු තවදුරටත් පැවසුවේය.

මම ඉතාම සතුටින් දැනුම් දෙන්න කැමතියි අපි 2016 වසර අවසන් කළේ රුපියල් මිලියන 200ක අතිරික්තයක් සමඟ කියලා. මේක කොහොමටවත් එක රැයකින් සිදුවුණු දෙයක් නොවෙයි. ඒක කණ්ඩායම් උත්සාහයත්, එකතුවෙමින් යන ශක්තියත් සහ මිනිසුන් අප කෙරෙහි තැබූ විශ්වාසයත් විසින් සාර්ථක කර ගත් අරමුණක්.

අවසන් වශයෙන්, ජාතික සංගම් වල ඉල්ලීම පිට ක්‍රිකට් මහා සභා රැස්වීම මැයි 31 වැනිදා දක්වා ඉදිරියට ගෙන ගිය බවත් ඔහු පැවසීය.

“මහා සභා රැස්වීම මාර්තු 31 වැනිදා පැවැත්වීම වෙනුවෙන් අපි සාමාන්‍යයෙන් අපේ ගිණුම් වර්ෂය අවසන් කරන්නේ පෙබරවාරි 28න්. නමුත් සෑම සංගමයක්ම ගරු ඇමතිතුමාගෙන් දිනය කල් දමන්න ලෙස ඉල්ලීමක් කළ නිසා එය මැයි 31 වෙනිදා කල් දැමීමට අප එකඟ වුනා.”

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට