කෞෂාල්, කපුගෙදර සහ රොන් ශතක රැස් කරති

726

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier A ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ සිව්දින තරගාවලියේ දෙවැනි දිනයට (26) බේල්ස් ඉවත් කෙරෙන විට එස්. එස්. සී. කණ්ඩායමේ කෞෂාල් සිල්වා සහ චාමර කපුගෙදර ශතක වාර්තා කිරීමට සමත් විය.

[rev_slider LOLC]

මේ අතර අද ආරම්භ වූ පළඟ ශූරතා තරගාවලියේ දී සී. සී. සී. කණ්ඩායම නියෝජනය කරන රොන් චන්ද්‍රගුප්ත ද ශතකයක් වාර්තා කළේය.

පන්දු යැවීමේ දී පළඟ තරගාවලිය නියෝජනය කරන යුද හමුදා කණ්ඩායමේ දුෂාන් විමුක්ති ලකුණු 77කට කඩුලු 6ක් ලබා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

එස්. එස්. සී. වරාය ගිල්වීමේ වෑයමක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier A ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ සිව්දින තරග ආරම්භ කරමින් අද (25) පැවති තරග අතුරින් එස්. එස්. සී. කණ්ඩායම…

එස්. එස්. සී. සහ වරාය අධිකාරිය අතර තරගය

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් වරාය අධිකාරි ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 165ට පිළිතුරු ලෙසින් එස්. එස්. සී. ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 413ක් ලබා ගත්හ.

එම ඉනිමේ දී කෞෂාල් සිල්වා පන්දු 159කට මුහුණ දී හතරේ පහර 15ක් සමඟින් ලකුණු 120ක් ලබා ගත්තේය. ඊට අමතරව චාමර කපුගෙදර පන්දු 164කට මුහුණ දී හතරේ පහර 18ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 109ක් ලබා ගත්තේය.

ලකුණු 248ක් පිටුපස සිටිමින් දෙවැනි  ඉනිමට පිටියට පිවිසි වරාය අධිකාරිය කණ්ඩායම දෙවැනි දිනයට තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 78ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා වරයා අධිකාරිය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 165 (44.2) යොහාන් ද සිල්වා 24,  යසෝද ලංකා 21, ගිහාන් රූපසිංහ 36, අනුක් ද අල්විස් නොදැවී 39, දසුන් ශානක 3/26, සචිත්‍ර සේනානායක 3/40, ජෙෆ්රි වැන්ඩර්සේ 3/28

එස්. එස්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 413 (110.4) මිනෝද් භානුක 20, කෞෂාල් සිල්වා 120, මිලින්ද සිරිවර්ධන 49, කවිඳු කුලසේකර 78, චාමර කපුගෙදර 109, අකලංක ගනේගම 3/99, චානක කොමසාරු 4/119, චලනක වීරසිංහ 2/79

ශ්‍රී ලංකා වරාය අධිකාරිය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 78 (20.0) යසෝද ලංකා නොදැවී 41, අනුක් ද අල්විස් නොදැවී 15


එන්. සී. සී. සහ රාගම අතර තරගය

කෝල්ට්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. එන්. සී. ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 247 පසු පන්නන රාගම ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 9ක් දැවී ලකුණු 326ක් ලබා සිටියහ.

එම ඉනිමේ දී උදාර ජයුන්දර, නායක ලහිරු තිරිමාන්න සහ ජනිත් ලියනගේ අර්ධ ශතක ලබා ගනිමින් කැපී පෙනෙද්දී චාමික කරුණාරත්න ලකුණු 76කට කඩුලු 4ක් ලබා ගනිමින් කැපී පෙණුනේය.

එන්. සී. සී; පළමු  ඉනිම සියලුම දෙනා දැවී 247 (76.1) සඳුන් වීරක්කොඩි 24, චතුරංග ද සිල්වා 90, ෆර්වීස් මහරූෆ් 24, චාමික කරුණාරත්න 32, තරිඳු කෞෂාල් නොදැවී 23, ඉෂාන් ජයරත්න 4/46, ජනිත් ලියනගේ 2/41, අමිල අපෝන්සු 3/72

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 326 (101.0) උදාර ජයසුන්දර 57, ෂෙහාන් ප්‍රනාන්දු 23,  ලහිරු තිරිමාන්න 56, ජනිත් ලියනගේ 69, සමීර ද සොයිසා 39, ආක්ෂු ප්‍රනාන්දු 29, චාමික කරුණාරත්න 4/76

විනුර හා නවෝද් ගාල්ලට එළියක් වෙයි!

19න් පළමු පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (25) නිමා වූ ගල්කිස්ස සාන්ත තෝමස් හා සාන්ත ජෝසප් විද්‍යාල අතර තරගයේ පළමු ඉනිමේ ජයක්…

බී. ආර්. සී. සහ කෝල්ට්ස් අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බී. ආර්. සී. ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු 310ට පිළිතුරු ලෙසින් කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙවැනි දිනය නිමා වන විට කඩුලු 6ක් දැවී ලකුණු 209ක් ලබා සිටියහ.

කෝල්ට්ස් ඉනිම වෙනුවෙන් ප්‍රියමාල් පෙරේරා පන්දු 167කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 73ක් ලබා පිටියේ නොදැවී රැඳී සිටියි. අනෙක් අන්තයේ ලකුණු 30ක් ලබා සිටින නිසල තාරක රැඳී සිටී.

බී. ආර්. සී. පළමු ඉනිම සියලුම දෙනා දැවී 310 (90.2) හර්ෂ විතාන 41, හෂේන් රාමනායක 66, ශෂීන් දිල්රංග 124, නිසල තාරක 6/71, ප්‍රභාත් ජයසූරිය 2/62

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 209 (86.0) ඇන්ජලෝ ජයසිංහ 37, ප්‍රියමාල් පෙරේරා නොදැවී 73, විශාද් රන්දික 22, නිසල තාරක නොදැවී 30, හෂේන් රාමනායක 2/36, නෙරංජන වන්නිආරච්චි 2/27, සුරාජ් රන්දිව් 2/36


මේරියන්ස් සහ සැරසන්ස් අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 401ක් රැස්කර ගත්හ. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සැරසන්ස් ක්‍රීඩකයන්ට තම පළමු ඉනිමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 236ක් පමණි.

එම ඉනිමේ කඩුලු 5ක් ලකුණු 47කට බිඳ දැමීමට 20 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන අසිත ප්‍රනාන්දු සමත් විය.

හලාවත මේරියන්ස්; පළමු ඉනිම සියලුම දෙනා දැවී 401 (109.2) අශේන් සිල්වා 47, ඔෂාද ප්‍රනාන්දු 112, සචිත්‍ර සේරසිංහ 109, තීක්ෂිල ද සිල්වා  45, සාලිය සමන් 5/76

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 236 (65.5) ඇන්ඩි සොලමන්ස් 31, කනිෂ්ක අමරසිංහ 43, හර්ෂ කුරේ 41, චතුර රන්දුණු 25, රනිත ලියනාරච්චි 36, මාලින්ද පුෂ්පකුමාර 3/71, අසිත ප්‍රනාන්දු  5/47


 පළඟ ශූරතා තරගාවලිය 

බ්ලුම්ෆීල්ඩ් සහ යුද හමුදා අතර තරගය

මේ අතර පළඟ ශූරතාව වෙනුවෙන් අද (26) මුවර්ස් පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ දී 26 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන දුශාන් විමුක්ති දක්ෂ පන්දු යැවීම හමුවේ අසරණ වූ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට රැස් කර ගත හැකි වූයේ ලකුණු 163ක් පමණි. දුශාන්ගේ පන්දු යැවීම කියවුණේ ලකුණු 77කට කඩුලු 6ක් ලෙසිනි.

පිළිතුරු ඉනිම ද ඊට නොදෙවෙනි අයුරකින්ම පාලනය කිරීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ සමත් වූයේ දිනය අවසන් වන  විට ප්‍රතිවාදීන්ගේ කඩුලු 8ක් ලකුණු 153කට දවාලමිනි.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 163 (38.3) නිසල් ෆ්‍රැන්සිස්කෝ 22, අදීශ නානායක්කාර 35, ප්‍රමුද් හෙට්ටිවත්ත 33, රමේෂ් මෙන්ඩිස් 24, ලහිරු සමරකෝන් 21, දුශාන් විමුක්ති 6/77

ශ්‍රී ලංකා යුද හමුදාව; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 153 (49.0) අශාන් රන්දික 30, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 31, ඩිල්ශාන් ද සොයිසා 31, අජන්ත මෙන්ඩිස් නොදැවී 24,  මලිත් ද සිල්වා 3/66, කසුන් රාජිත 2/30, රමේෂ් මෙන්ඩිස් 2/23

සී. සී. සී. සහ බදුරලිය අතර තරගය

බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ දී සී. සී. සී. කණ්ඩායම නියෝජනය කරන 22 හැවිරිදි වමත් යොවුන් පිතිකරු රොන් චන්ද්‍රගුප්ත පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සමඟින් ලකුණු 130ක් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ සී. සී. සී. ක්‍රීඩකයෝ මේ වන විට රැස්කරගෙන සිටින ලකුණු ප්‍රමාණය කඩුලු 4ක් දැවී 361කි. රොන්ගේ ශතකයට අමතරව මාධව වර්ණපුර පන්දු 178කට මුහුණ දී හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 95ක් ලබා ගනිමින් පිටියේ රැඳී සිටී.

සී. සී. සී; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 361 (90.0) රොන් චන්ද්‍රගුප්ත 130, අශාන් ප්‍රියංජන් 66, මාධව වර්ණපුර නොදැවී 95, ලසිත් අබේරත්න නොදැවී 41, මධුර ලක්මාල් 2/64


මුවර්ස් සහ ටැමිල් යූනියන් අතර තරගය

බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් මුවර්ස් ක්‍රීඩා සමාජය ලබා ගත් ලකුණු 260ට පිළිතුරු ලෙසින් ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 67ක් ලබා සිටියහ.

මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු 11ක දී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් 22 හැවිරිදි වමත් පිතිකරු ශනුක දුලාජ් ලකුණු 82ක් ලබා ගත්තේය.

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 260 (67.4) පබසර වඩුගේ 40, ඉරෝෂ් සමරසූරිය 44, ශනුක දුලාජ් 82, ප්‍රමොද් මධුශාන් 4/53, ජීවන් මෙන්ඩිස් 4/97

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 67 (17.0) සිතාර ගිම්හාන් 22, ශිරාන් ප්‍රනාන්දු 3/34

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<