බදුරලිය පිළේ සහන් විජේරත්නගෙන් විශ්වකර්ම පිතිකරණයක්

1163
SLC premier League Tier A january 22nd roundup

ප්‍රිමියර් ලීග් දේශීය ක්‍රිකට් තරගාවලියේ අද (22) ක්‍රියාත්මක වුනු තරග අතුරින් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය පූර්ණ ජයග්‍රහණ හිමි කරගත් අතර සැරසන්ස්, BRC සහ බදුරලිය ක්‍රීඩා සමාජ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වාර්තා කළහ. මීට අමතරව බදුරලිය පිළ නියෝජනය කරන සහන් විජේරත්න තරගය පුරාවට තම පිත්තෙන් සුපිරි දක්ෂතා ප්‍රකට කළේය. මෙහි දැක්වෙන ප්‍රථම තරග 4 සුපිරි 8 වටයේ සිව්දින තරග වන අතර අනෙක් තරග තුන මූලික වටයේ තුන්දින තරග ලෙස අද නිමාවට පත්විය.

චන්ද්‍රගුප්ත සහ මධුශංක ටැමිල් යූනියන් පිළට බැටදෙයි

දේශීය ක්‍රිකට් පිටිය අතිශයින් කාර්‍යබහුල කරවන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 7ක් ඊයේ (21) දෙවන දිනය වෙනුවෙන් ක්‍රියාත්මක විය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

ක්‍රිකට් රසකාමීන්ගේ මනදොළ පිනවන ආකාරයෙන් අද නිමාව දුටු මෙම තරගය අතිශයින් උණුසුම් විය. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් හලාවත පිළ ලකුණු 190ක් රැස්කල අතර යුධ හමුදාවට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය අහිමි වූයේ ලකුණු 7කිනි.

නැවතත් පිතිකරණය සඳහා එළඹුණු හලාවත ක්‍රීඩකයින් ලකුණු 148කට දැවී ගියේ නැවතත් තරගයේ වාසිය දෙපිළටම හිමිකර දෙමිනි. අඩු ලකුණු ගණනක් ප්‍රවේශමෙන් රැස් කිරීමට දින දෙකක්ම ඉතිරිව තිබුනු නිසා තරගයේ වැඩි වාසිය යුධ හමුදාව සතුව පැවතිණි. නමුත් යුධ හමුදාවේ සියලු බලාපොරොත්තු බොඳ කරමින් ජයග්‍රාහී සීමාවට ලකුණු 15ක් මෙපිටින් යුධ හමුදා පිතිකරුවන් නතර කරන්නට හලාවත පන්දු යවන්නන් සමත් විය. ඒ වෙනුවෙන් අගනා සේවයක් ඉටුකල දේශීය පිටියේ දඟපන්දු තරුව – මලින්ද පුෂ්පකුමාර ලකුණු 59කට කඩුලු 5ක් බිඳ හෙලීය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 61.2): මහේල උඩවත්ත 52, අශේන් සිල්වා 52, සචිත්‍ර සේරසිංහ 33, නලීන් ප්‍රියදර්ශන 4/61.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 183 (පන්දුවාර 74.2): ඩිල්ශාන් ද සොයිසා 47, හිමාෂ ලියනගේ 32, සචිත්‍ර සේරසිංහ 4/29, මලින්ද පුෂ්පකුමාර 3/46, අරෝෂ් ජනෝද 2/28.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 148 (පන්දුවාර 36.4): ශෙහාන් ජයසූරිය 38, නලීන් ප්‍රියදර්ශන 5/68, දුශාන් විමුක්ති 4/37.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 140 (පන්දුවාර 61): ජනිත් සිල්වා 37, මලින්ද පුෂ්පකුමාර 5/59.


සිංහල ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

සිංහල ක්‍රීඩා සමාජයට ලකුණු 209ක දැවැන්ත ජයක් හිමිවුණු මෙම තරගය තවත් දිනයක් ඉතිරිව තිබියදීම අද නිමාවට පත්විය. ලකුණු 293ක්ලෙස සටහන් වුනු SSC ප්‍රථම ඉනිමට ප්‍රතිචාර වශයෙන් කෝල්ට්ස් පිළ ලකුණු 100කට දැවී ගිය අතර දෙවැනි ඉනිම වෙනුවෙන් SSC පිළ රැස්කල ලකුණු 193 නිසා කෝල්ට්ස් පිතිකරුවන්ට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 387ක ඉලක්කයක් ලැබුණි. එය හඹාගිය කෝල්ට්ස් පිළ ලකුණු 177කට දැවී ගියේය. සචිත්‍ර සේනානායක කඩුලු 4ක් දවාලමින් සුවිශේෂී දස්කම් දැක්වීය.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 293 (පන්දුවාර 85): දිමුත් කරුණාරත්න 125, දසුන් ශානක 59, කවිඳු කුලසේකර 44*, දිල්රුවන් පෙරේරා 4/75, ඉශාන් ජයරත්න 3/64,  ප්‍රභාත් ජයසූරිය 2/59.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 100 (පන්දුවාර 31): සදීර සමරවික්‍රම 22, විමුක්ති පෙරේරා 4/24, සචිත්‍ර සේනානායක 4/31.

සිංහල ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 193 (පන්දුවාර 57.3): කවිඳු කුලසේකර 54, කසුන් මධුශංක 48, දිල්රුවන් පෙරේරා 4/56, නිසල තාරක 3/46.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 177 (පන්දුවාර 27.5): ඉශාන් ජයරත්න 85, සදීර සමරවික්‍රම 35, සචිත්‍ර සේනානායක 4/53, විමුක්ති පෙරේරා 3/36.


ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

ලහිරු මධුශංකගේ සහ රොන් චන්ද්‍රගුප්තගේ සුපිරි ශතක දෙකෙන් පණ ලැබූ CCC ප්‍රථම ඉනිම අද ලකුණු 497දී නිමාව දුටුවේය. ඒ අනුව ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට සිදුවූයේ ලකුණු 120ක් පිටුපසින් සිටිමින් තම දෙවන ඉනිම ආරම්භ කිරීමටයි. ඒ අනුව ඔවුන් තෙවැනි දිනය නිමා වනවිට කඩුලු 2ක් දැවී ලකුණු 63ක් ලබා සිටින්නේ තවමත් පීඩනය හිසමත දරාගෙනයි. හෙට තරගයේ අවසන් දිනයයි.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 377 (පන්දුවාර 87.3): කිත්රුවන් විතානගේ 130, මනෝජ් සරත්චන්ද්‍ර 63, ජීවන් මෙන්ඩිස් 40, තරංග පරණවිතාන 30, ලහිරු මධුශංක 4/77, ලහිරු ගමගේ 3/83.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 497 (පන්දුවාර 112.1): රොන් චන්ද්‍රගුප්ත 157, ලහිරු මධුසංක 164, ශාලුක සිල්වා 63, ලහිරු සමරකෝන් 3/102, චාමික කරුණාරත්න 4/128.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 63 (පන්දුවාර 18)


NCC සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය ද මේ වනවිට තහවුරු කරගෙන සිටින NCC කණ්ඩායම අද දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 213ක් රැස් කළහ. ඒ අනුව රාගම ක්‍රිකට් සමාජයට ජයග්‍රහණය වෙනුවෙන් හිමිවුණු ඉලක්කය ලකුණු 352කි. එය හඹායමින් සිටින රාගම පිළ කඩුලු 4ක් දැවී ලකුණු 161ක් ලබා සිටියි. මේ වනවිට නොදැවී ලකුණු 56ක් ලබා සිටින ජනිත් ලියනගේ මත රාගම ක්‍රිකට් සමාජයේ ගෞරවයෙන් වැඩි කොටසක් පැටවී ඇත.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 265 (පන්දුවාර 62): තිමිර ජයසිංහ 37, ඇන්ජෙලෝ පෙරේරා 59, චතුරංග ද සිල්වා 83, චතුර පීරිස් 4/60, අමිල අපොන්සු 2/72, තිලක්ෂ සුමනසිරි 2/29

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 127 (පන්දුවාර 47.3): සමීර ද සොයිසා 57, ෆර්වීස් මහරූෆ් 3/28, චතුරංග ද සිල්වා 4/21.

NCC (දෙවන ඉනිම) –  සියල්ලන්ම දැවී ලකුණු 213 (පන්දුවාර 53.5): චතුරංග ද සිල්වා 78, ජෙහාන් මුබාරක් 49, සඳුන් වීරක්කොඩි 32, ජනිත් ලියනගේ 2/41, තිලක්ෂ සුමනසිරි 3/28.

රාගම ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 161 (පන්දුවාර 65): ලහිරු මිලන්ත 59, ජනිත් ලියනගේ 56*, චතුරංග ද සිල්වා 3/43.


බදුරලිය ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය බදුරලිය ක්‍රීඩා සමාජයට හිමිවුනු මෙම තරගයේ ලකුණු 346ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 4ක් දැවී ලකුණු 76ක් ලබා සිටියේය. මෙම තරගයේදී සුවිශිෂ්ට දක්ෂතාවයක් ප්‍රකට කල බදුරලිය ක්‍රීඩා සමාජයේ දකුණත් පිතිකරු සහන් විජේරත්න ඉනිම දෙකේදීම ශතක වාර්තා කිරීමට සමත් විය. ඒ ඉනිම දෙකේදීම ඔහු නොදැවී සිටීමද තවත් පුදුමය උපදවන සිදුවීමක් බවට පත්විය.

බදුරලිය ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 300 (පන්දුවාර 88.1): සහන් විජේරත්න 102*, සාලිය සමන් 38, නිමන්ද මධුසංක 31, විශ්ව විජේරත්න 27, දිලංක සඳකැන් 5/52.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 214 (පන්දුවාර 68.5): ප්‍රිමෝශ් පෙරේරා 46, පබසර වඩුගේ 71, අසංක සිල්වා 4/70, දිලේශ් ගුණරත්න 4/54.

බදුරලිය ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 259 (පන්දුවාර 81.1):

සහන් විජේරත්න 100*, නදීර නාවෙල 82, ප්‍රමෝද් මධුවන්ත 4/53, චන්දන සමරසිංහ 3/75.

මුවර්ස් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 76 (පන්දුවාර 17)


ගාලු ක්‍රිකට් සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

අද ජය පරාජයෙන් තොරව නිමාවුනු මෙම තරගයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය සැරසන්ස් ක්‍රීඩා සමාජයට හිමිවිය. අද ගාලු ක්‍රිකට් සමාජය වෙනුවෙන් නිලුශාන් නෝනිස් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 108ක් රැස් කිරීමට සමත් විය. ගාලු දෙවන ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 259ක් වෙද්දී අත්හිටුවීම නිසා ලකුණු 246ක ඉලක්කයක් හිමිවුණු සැරසන්ස් පිතිකරුවන් දිනය නිමාවෙද්දී කඩුලු 2ක් දැවී ලකුණු 84ක් ලබා සිටියහ.

ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 301 (පන්දුවාර 86.3): දමිත හුණුකුඹුර 97, නිලුශාන් නෝනිස් 65, මින්හාජ් ජලීල් 40, ශාලික කරුණානායක 34, චතුර රන්දුනු 3/80, කසුන් රාජිත 2/57

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 315 (පන්දුවාර 82.4): මිලින්ද සිරිවර්ධන 115, උමේෂ් කරුණාරත්න 57, රොෂාන් ජයතිස්ස 3/88, සජීව වීරකෝන් 4/121.

ගාලු ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 259 (පන්දුවාර 54): නිලුශාන් නෝනිස් 108*, ශාලික කරුණානායක 72, දිල්හාන් කුරේ 40, චතුර රන්දුනු 2/64, කසුන් රාජිත 2/74.

සැරසන්ස් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 84 (පන්දුවාර 15)


බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ BRC අතර තරගය

අද ජය පරාජයෙන් තොරව නිමාවුනු මෙම තරගයේ ක්‍රියාත්මක වූයේ ඉනිම දෙකක් පමණි. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයින් එහිදී ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 317ක් රැස්කල අතර චානක විජේසිංහගේ ලකුණු 130න් සුපෝෂණය වුනු BRC ප්‍රථම ඉනිම ලකුණු 391ක් දක්වා ගමන් ගත්තේය. අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි චානකගේ මෙම සුපිරි ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 317 (පන්දුවාර 99.2): නිපුන් කරුණානායක 98, නිසල් ෆ්‍රැන්සිස්කෝ 79, ලහිරු ප්‍රනාන්දු 33, විනෝද් පෙරේරා 31, දිනුක හෙට්ටිආරච්චි 6/103, ටී. එම්. සම්පත් 3/85.

BRC – කඩුලු 9ක් දැවී ලකුණු 391 (පන්දුවාර 117): චානක විජේසිංහ 130, ලසිත් ලක්ෂාන් 44, භානුක රාජපක්ෂ 52, මලිත් ද සිල්වා 5/91.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට