මීගමුව ක්‍රිකට් සමාජය B කාණ්ඩයේ ශූරතාවය ජය ගනී

380

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ ඊයේ (18) පැවැත්වූ තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට ලංකන් ක්‍රිකට් සමාජය හා කළුතර නගර ක්‍රීඩා සමාජය සමත් විය.

මීට අමතරව මීගමුව ක්‍රිකට් සමාජය වෙනුවෙන් අගනා ද්විත්ව ශතකයක් ලබා ගැනීමට ආදී මාරිස් ස්ටෙල්ලා විද්‍යාල ක්‍රිකට් නායක ප්‍රසන්න ජයමාන්න සමත් විය. ඒ නිසාවෙන් ඔවුන්ට B කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට හැකි විය.

වරාය ක්‍රීඩකයෝ නොතිබූ ජයක් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 කාණ්ඩයේ …

මීගමුව ක්‍රිකට් සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය

මීගමුව ක්‍රිකට් සමාජය කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයට එදිරිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සමත් වීම නිසා ඔවුන් ලබන වසරේ පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි. එහි දී ප්‍රසන්න ජයමාන්නගේ ද්විත්ව ශතකය කැපීපෙණින. එසේම රොශේන් ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම ද කැපී පෙනුනි.

මීගමුව ක්‍රිකට් සමාජය – 490/6d (130.2): ප්‍රසන්න ජයමාන්න 200*, ප්‍රවීන් ප්‍රනාන්දු 79, සචින් දල්පදාතු 67, ශෙහාන් වීරසිංහ  85. & 113/6d (20: අකීල් ඉන්හාම් 38, මලිත් කුරේ 3/43.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය – 310 (86.5): හශාන් ප්‍රභාත් 154*, ධනුෂ්ක ධර්මසිරි 70, රොශේන් ප්‍රනාන්දු 5/95, ශෙහාන් වීරසිංහ 3/65 & 173/4 (31): චරිත් මෙන්ඩිස් 66, හශාන් ප්‍රභාත් 64*.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා කළුතර නගර ක්‍රීඩා සමාජය

කළුතර නගර ක්‍රීඩා සමාජය කඩුලු 4ක ජයක් ලබාගත් මෙම තරගය වැලිසර දී නිමා විය. කළුතර නගර ක්‍රීඩා සමාජය පළමු ඉනිම පරාජය වීමට පසුව නැවතත් තරගයට අවතීර්ණ වූයේ නිලුශාන් නෝනිස් හා මතීෂ පෙරේරාගේ දක්ෂ ක්‍රීඩා විලාසය නිසාවෙනි. පසිඳු මදුශාන් ගුවන් හමුදා පළමු ඉනිමේ කඩුලු 7ක් දවා ගනිමින් තරගය පුරාවට කඩුලු 10ක් දවා ගන්නා ලදි.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – 226 (69.2): රොස්කො තටිල් 93*, දුලාශ් උදයංග  52, රාජු ගයාශාන්  37, පසිඳු මදුශාන් 7/98,  & 147 (65.1): මිලාන් රත්නායක 53*, මතීෂ පෙරේරා 5/44, පසිඳු මදුශාන් 3/50.

කළුතර නගර ක්‍රීඩා සමාජය – 197 (59): මාධව නිමේෂ් 75, මතීෂ පෙරේරා 34, රසින්ඳ්‍ර සිල්වා 5/54, බුද්ධික සඳරුවන් 3/68 & 178/6 (49.2): නිලුශාන් නෝනිස් 59*, එරංග රත්නායක 36, නිමේෂ් මෙන්ඩිස්  3/42.

මිතුරන්ගේ මංගල මහා තරගය ජය පැරදුමෙන් තොරව නිමා වේ

මෙරට පාසල් ක්‍රිකට් පිටියට බිග් මැච් වසන්තය කැන්ඳමින් බෝපිටිය ලොයෙලා විද්‍යාලය සහ තුඩැල්ල …

ලංකන් ක්‍රිකට් සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය

නායක රජීව වීරසිංහ, ලක්ෂාන් රොද්‍රිගෝ සහ දිනුශ්ක මාලන්ගේ දස්කම් කැපී පෙනුණ මෙම තරගය ලකුණු 188කින් ජයග්‍රහණය කිරීමට ලංකන් ක්‍රිකට් සමාජය සමත් විය. රජීව තරගය පුරාවට කඩුලු 8ක් දවා ගත්තේ ලකුණු 122ක් තුළයි. පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් නිමේෂ් විමුක්ති හා සමිත් දුශ්ශන්ත දස්කම් දක්වන ලදි.

ලංකන් ක්‍රිකට් සමාජය – 242 (77): ලක්ෂාන් රොද්‍රිගෝ  67, මදුරංග සොයිසා  42, ගීත් කුමාර  36, හසිත නිර්මාල් 4/83, නිමේෂ් විමුක්ති  3/59 & 310/9d (78): දිනුශ්ක මාලන් 50*, ශසීන් ප්‍රනාන්දු 49, මදුරංග සොයිසා 45, ගීත් කුමාර 40, හසිත නිර්මාල් 5/102, නිමේෂ් විමුක්ති  3/96.

පොලිස් ක්‍රීඩා සමාජය – 187 (55.3): නිමේෂ් විමුක්ති 56, ගීත් සිල්වා 40, හසිත නිර්මාල් 33, රජීව වීරසිංහ 5/66 & 177 (34.1): සමිත් දුශ්ශන්ත  79, රජීව වීරසිංහ 3/56, ගීත් කුමාර  3/20.

ගාලු ක්‍රිකට් සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය

ගාලු ක්‍රිකට් සමාජයට පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සිදු වූ මේ තරගය දඹුල්ලේ දී නිමා විය. දමිත හුුුණුුකුඹුර පිත්තෙන් දස්කම් දැක්වූ මේ තරගයේ දී ගාලු ක්‍රිකට් සමාජය සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත්තේ ලකුණු 256කි. එහි පිළිතුර ඉනිම දියත් කළ නාවික හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් බුද්ධික පතිරණ හා කුසල් එදිරිසූරිය දස්කම් දැක්වූහ.

ගාලු ක්‍රිකට් සමාජය – 256 (82.1): රාජිත ප්‍රියාන් 87, දමිත හුණුකුඹුර 58, චතුරංග ලක්ෂාන්  48, ශතික් නිමල්ෂ 4/64 & 226 (76.4): දමිත හුණුකුඹුර 64, චානක.විජේසිංහ  32, සුදාර දක්ෂිණ 8/80.

නාවික හමුදා ක්‍රීඩා සමාජය – 234 (77): බුද්ධික හසරංග 88, කුසල් එදිරිසූරිය 75, ගයාන් සිරිසෝම  6/81, රාජිත ප්‍රියාන්  3/55 & 177/7 (33): මොහොමඩ් අල්ෆර් 36, සුපුන් ලියනපතිරණ 5/46.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<